2019 rs 2k hari 3k hari mathaka vidiyata mcn hariyatama mathaka na
එන්නතේ බලාපොරොත්තුව ආයෝජක විශ්වාසය තවත් වැඩි කරයි
2021-1-5 දිනයේදී (ජනවාරි 25) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පිට පිට තෙවැනි දිනයටත් කැපී පෙනෙන ගැනුම්බරතාවයක් පෙන්නුම් කරමින් සමස්ත කොටස් මිල දර්ශකයේ අගය 8,700කට ආසන්න වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී බැංකු ඇතුළු අනෙකුත් වටිනා සමාගම් කොටස් වටිනාකම්හි ඉහළයාමක් දැකගත හැකි වීම ඊට මූලිකවම හේතු වී තිබේ. එසේම මෙම සතිය මැදදී මෙරටට පැමිණීමට නියමිත කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නතේ බලාපොරොත්තුවද ආයෝජක විශ්වාසය ඉහළ නැංවීමට සමත්ව ඇතැයි එම සමාගම් සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේදී ඒකක 8,570.30ත් ඒකක 8,729.21 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,694.35 ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (ජනවාරි 22) දිනයට සාපේක්ෂව ඒකක 230.92 ක් එනම් +2.73%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.
මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ටීජේලංකා පීඑල්සී, හැටන් නැෂනල් බැංකුව (ඡන්ද හිමි), කොමර්ෂල් බැංකුව, ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, හැටන් නැෂනල් බැංකුව, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී, ලයන් බෘවරි සිලෝන් පීඑල්සී, සම්පත් බැංකුව, හේලීස් පීඑල්සී සහ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 5%ක දායකත්වයක් ලබා දී තිබේ.
එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 126ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 96ක මිල ගණන් පහළ යාම සිදු විය.
මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+39.21), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+32.61), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+30.41), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+19.99), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (+17.19),
කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-8.75), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-6.0), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-4.21), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (-2.73), යුනියන් බැංකුව UBC (-3.31)
ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,500.82 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (ජනවාරි 22) දිනයට සාපේක්ෂව ඒකක 188.47 ක එනම් +5.69%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.
මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 14.99ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (ජනවාරි 22දා) වාර්තා කළ රුපියල් බිලියන 12.84ට සාපේක්ෂව 17% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.
ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.8ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 28.37%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.
මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 220.07ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 974.12ක අගයක් ගෙන තිබේ.
දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 754.05කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 4.69ක් ලෙස සටහන්ව තිබේ.
මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 29.72කි. එසේම ටීජේ ලංකා පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 232.5ක් ලෙස සටහන්ව ඇත.
මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 3,429ක් සඳහා ප්‍රාග්ධණ භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 23% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් යන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,954ක සහ රුපියල් මිලියන 2,221 දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.
ඉෂාර – ධම්මික තරගයෙන් ඉෂාර තවම ඉදිරියෙන්ලු
මෙරට ව්‍යාපාරික ලෝකය තුළ වැඩිම වෙළෙඳපොළ වටිනාකමක් සහිත ව්‍යාපාරිකයන් අතර තරගයෙන් තවදුරටත් ඉදිරියෙන් සිටීමට තරුණ ව්‍යාපාරිකයෙකු වන එල්ඕඑල්සී සමූහයේ සභාපති ඉෂාර නානායක්කාර මහතා සමත්ව සිටින බව වාර්තා වෙයි. මෙම තරගයේදී ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ තවත් සුප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ ව්‍යාපරිකයෙකු වන හේලීස් සමූහ ව්‍යාපාරය ඇතුළුව තවත් ව්‍යාපාර රැසක හිමිකරුවා වන ධම්මික පෙරේරා මහතාය.
පසුගිය සතියේදී කොළඹ කොටස් හුවමාරුවේ සිදු වූ ගනුදෙනුවලදී මෙම දෙපාර්ශ්වය එකිනෙකාට පරයා සිදු කරන මෙම තරගකාරීත්වය ඉතාමත් හොඳින් දැකගත හැකිවිය. විශේෂයෙන්ම පෙර සතියේදී කොළඹ කොටස් හුවමාරුවේ මුල් තැන ගැනීමට ඉෂාර නානායක්කාරගේ නායකත්වයෙන් යුත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සහ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් සමත් විය.
එසේම පසුගිය සතිය ආරම්භයේදීම ධම්මික පෙරේරා මහතා සිය හිමිකාරීත්වය සහිත ලැයිස්තුගත සමාගම් කොටස් සම්බන්ධයෙන් සිදු කිරීමට යන කොටස් අතුරු බෙදීමත් සමගින්ම එම සමාගම්වල වටිනාකම් ඉතා සීඝ්‍ර ලෙස ඉහළ යාමක් සිදුව තිබේ.
මේ අතර පසුගිය සිකුරාදා දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි සිදු වූ ගනුදෙනුවලදී එල්ඕඑල්සී සමූහයේ සමාගම්වල කොටස් වටිනාකම් යළිත් තවත් වටයකට කැපී පෙනෙන ලෙස ඉහළ යාම සිදු විය.
ඒ අනුව ආසන්න කාලසීමාවේදී වෙළෙඳ පොළ තුළ පවතින මෙම තරගකාරීත්වය සම්බන්ධයෙන් විශ්ලේෂනාත්මක වාර්තාවක් ගෙන එන අද දිනයේදී පළ වූ ඩේලි එෆ්ටී පුවත්පත මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා අතර එකිනෙකා පරයා යන තරගකාරීත්වයක් එළිපිට පෙන්නුම් නොකළද වෙළෙඳ පොළ වටිනාකම් අනුව තම සමාගම් ඉදිරියට ගෙන ඒමේ යම් තරගයක් පවතින බව සඳහන් කරයි.
මේ තත්ත්වයත් සමගින්ම 2021 ජනවාරි 22 වැනිදා වනවිට ඉෂාර නානායක්කාරගේ පාලනය යටතේ පවතින සමාගම් සතු ඒකාබද්ධ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලිය න 469ක් බවට පත්ව තිබේ. එය කොළඹ කොටස් හුවමාරුවෙහි සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයෙන් 12%කට වඩා වැඩි ප්රතිශතයකි. මේ අතර ධම්මික පෙරේරා මහතාගේ පාලනය යටතේ පවතින සමාගම් සතු ඒකාබද්ධ වෙළෙඳ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 440 කි.
මෙහිදී පසුගිය ජනවාරි 22 වැනිදා වන විට ඉෂාර නානායක්කාරගේ ලැයිස්තුගත සමාගම් අතරින් එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක වෙළෙඳ පොළ වටිනාකම රුපියල් 351.25ක් බවට පත්ව තිබෙන අතර සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 166,914 කි. එසේම බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 209.75ක් බවට පත්ව ඇති අතර එහි වෙළෙඳ පොළ වටිනාකම රුපියල් මිලියන 44,598 කි. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 6.90ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 99,151 කි. ඊඩ්න් හොටෙල් ලංකා පීඑල්සීහි කොටසක් රුපියල් 13.10ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 6,916 කි. පාම් ගාර්ඩන් හොටෙල්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 31.70ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 1,371 කි. ඇග්ස්ටාර් ෆර්ටිලයිසර් පීඑල්සීහි කොටසක් රුපියල් 8.00ක් වන අතර එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 2,460කි. එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 9.10ක් වන අතර, එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 47,775කි. කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 9.10ක් වන අතර එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 58,037 කි. එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 106.50ක් වන අතර එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 25,340කි. සෙලාන් බැංකුවේ කොටසක වටිනාකම රුපියල් 63.50ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 16,301 කි. ඒ අනුව මෙම සමස්තයේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයේ එකතුව රුපියල් මිලියන 468,863 කි.
2021 ජනවාරි 22 වැනිදා වනවිට ධම්මික පෙරේරා මහතාගේ ලැයිස්තුගත සමාගම් අතරින් වැලිබල් වන් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 54.60ක් වන අතර එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 59,326 කි. එල්බී ෆිනෑන්ස් පීඑල්සීහි කොසක වටිනාකම රුපියල් 233.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 32,308 කි. රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සීහි කොටසක වටිනාකම රුපියල් 288.50ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 31,962 කි. ලංකා සෙරමික්ස් පීඑල්සී හි කොටසක් රුපියල් 172.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 1,033 කි. ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී හි කොටසක් රුපියල් 250.75ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 13,690 කි. ලංකා ටයිල්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 251.00ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 13,315 කි. ස්විස්ටෙක් සිලෝන් පීඑල්සීහි කොටසක් 135.75ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 3,715 කි. හොරන ප්ලාන්ටේෂන් පීඑල්සීහි කොටසක් රුපියල් 25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 625කි. ද ෆෝට්රස් රිසෝට්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 12.20ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 1,352 කි. ඒ අනුව එම සමාගම්වල වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයේ එකතුව රුපියල් මිලියන 157,326 කි.
මේ අතර ධම්මික පෙරේරා මහතා සතු ඍජු කොටස් හිමිකාරීත්වය සහිත සමාගම් අතරින් වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී කොටසක වටිනාකම 112.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 6,607 කි. වැලිබල් පවර් එරත්න පීඑල්සී කොටසක් රුපියල් 8.30ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 6,201 කි. පෑන් ඒෂියා බැංකිං කෝපරේෂන් පීඑල්සී කොටසක් රුපියල් 18ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 7,966 කි. නවලෝක හොස්පිටල්ස් පීඑල්සී කොටසක් රුපියල් 5.70ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 8,034 කි. ලංකා ඇලුමිනියම් පීඑල්සීහි කොටසක් රුපියල් 149.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 2,045 කි. ඒ අනුව එම සමාගම්වල වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයේ එකතුව රුපියල් මිලියන 30,853 කි.
enbsl
------
Post added on Jan 26, 2021 at 8:52 AM