Share Market Mega Thread

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    LOLC හෝල්ඩිංග්ස් රු.බිලියන 10ක ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්


    කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්ගුත සමාගමක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී මගින් අද දිනයේදී සිදු කරන ලද රුපියල් බිලියන 10ක ණයකර නිකුතුව අධි ඉල්ලුමක් හිමි වුණු බව එම සමාගම නිවේදනය කරයි.

    මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 75ක් (75,000,000ක්) නිකුත් කිරීම සිදුවිය. එහිදී එක් ණයකරයක් රුපියල් 100 බැගින් වූ එම මූලික නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 7.5 ක් විය.

    එසේම මෙම ණයකර සඳහා පැවැති අධිඉල්ලුමෙන් අනතුරුව තවත් ණයකර කොටස් මිලියන 25ක් නිකුත් කිරීමටද කටයුතු යොදා ඇති අතර එහි වටිනාකම රුපියල් බිලියන 2.5 ක් විය.
    ඒ අනුව අද දිනය තුළ සිදු කළ රුපියල් බිලියන 10ක් වටිනාකමින් යුතු වූ සමස්ත ණයකර නිකුතුව වෙත ඉල්ලුම් පත්‍ර ලැබුණු බව LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි. ඒ අනුව මෙම නිකුතුව අධි ඉල්ලුමක් සහිත වූ බවද සමාගම පවසයි.

    මෙහිදී ණයකර නිකුතුව අද පස්වරු 4.30 වන විට නිමාවට පත් වීමට නියමිතව තිබුණි.

    මුලදී රුපියල් බිලියන 6.5ක වටිනාකමක් ලෙස ණයකර කොටස් මිලියන 65ක නිකුතුවක් සඳහා සමාගම තීරණය කර තිබුණද එය ණයකර කොටස් මිලියන 100ක් දක්වා ඉහළ දැමීමට තීරණය කිරීමත් සමගින්ම එහි වටිනාකම මෙලෙස රුපියල් බිලියන 10ක් (10,000,000,000ක්) බවට පත්විය.

    ඒ අනුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, නොසුරැකුණු, යළි නිදහස් කරවාගත හැකි ණයකර ලෙස සිදු කෙරෙන මෙම ණයකර නිකුතුවේ ණයකරයක වටිනාකම රුපියල් 100ක් යටතේ මෙම නිකුතුව සිදු විය.

    මෙම ණයකර කොටස් නිකුතුවේ කළමනාකරුවන් ලෙස NDB බැංකුව කටයුතු කර තිබේ.

    ණයකර කොටස් නිකුතුවත් සමගින්ම LOLC කොටසක වටිනාකම අද දිනයේදී රුපියල් 387.75 ක් දක්වා රුපියල් 45.75 කින් එනම් 13.38%කින් ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය නිමාවනවිට එය රුපියල් 342.00 ක් ලෙස පැවතුණි.

    enbsl


    Daily Market Update 18/2/21

    View attachment 113571
    ------ Post added on Feb 18, 2021 at 5:13 PM

    meka thawath yai wge ne bn
     
    • Like
    Reactions: adowhybn

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Puluwan aya aran daganna ,
    yanna puluwan 100+


    Capture.PNG