ඔව් බන්. ඇත්තටම පිස්සු තියෙන්නේ ඌට. ඌව හොඳ කරන්න අනිත් මිනිස්සු කරන දේවල් ඌ දකින්නේ ඌට විරුද්දව යන කුමන්ත්‍රණයක් විදියට.

සිරාවට....... මාර කතාවක්නේ බන්... පිස්සුවගේ........![]()
දැන් ඔය පිටම බලපන් Inception. ඊට පස්සේත් සිහිය තිබ්බොත් Fight Club තුත් බලපන්.![]()

වැඩේ කියන්නේ බන් Inception බලල මේක බැලුවේ... කිරියේ ත්‍රෙඩ් එකක තිබ්බ නිසා.. දැන් දෙකවෙලා පිස්සුව Fight Club එකත් මොන්ගල් වෙන කතාවක්ද?![]()

මචං මං මට තේරැන තැනින් මේක ගැන කියන්නම්
මේ වගේ ෆිල්ම් එකක් තේරැම් ගන්න සමහර දේවල් ගැන අපිට අවබෝධයක් ලාවට හරි තියෙන්න ඕනි.මෙතන එකෙකි කොමෙන්ට් කරලා තිබ්බ......
ඔව් බන්. ඇත්තටම පිස්සු තියෙන්නේ ඌට. ඌව හොඳ කරන්න අනිත් මිනිස්සු කරන දේවල් ඌ දකින්නේ ඌට විරුද්දව යන කුමන්ත්‍රණයක් විදියට.....
කියලා.ඒක මතුපිටින් බැලුවම කතාවක් විදිහට ඇත්ත.නමුත් ඊට වඩා ගැඔුරක් අධ්‍යනය කරලා හදපු ෆිල්ම් එකක් මේක.
මානසික රෝගයක් කියනනේ පිස්සු හැදුනා පිස්සෙක් වගේ කියලා අපි කයන හිතන තරම් නෝමල් අර්ථයකින් ගන්න බැ.මට ඒ සම්බනධව න්‍යායික පැහැදිලි කිරිම් කරන්න අමාරැයි මෙතන.කෙනෙක් මානසිකව අසනීප වෙන්න විවධ හෙතු සිදුවීම් ගනනාවක් බලපානවා.අපේ මනසට දරන්න බැරි අතිශය පීඩාකාරි අතිශය පුද්ගලික කාරනා අපේ හිත් ඇතුලේ තෙරපාගෙන රදවාගෙන හිදීම ඒ සිදු වීම් වල ඇති බලපැමේ තීව්රතාවයන් ඒව සිත් හී රදවාගෙන විද වීමේ කාල පරාසයන් කියන මේ කාරනාත් තවත් කාරනාත් ගනනාවක් බලපානවා පුදගලයෙක් මානසිකව පීඩාවට පත් වීමටත් ඒව තනිවම විද දරාගැනීම නිසා මානසිකව රෝගී වීමටත්.
ලංකා වැනි රටක මානසිකව ඇතිවෙන ආබාධ ඌට පිස්සුනේ කියලා හිතන තරමට පහල මට්ටමකින් හිතුවත් ඇත්තම කාරණය අපේ ශරීරයට උණ වසංගත රෙෘ්ග ආදි ලෙඩ රෝග හැදෙනවා හා සමානයි පුද්ගලයෙකුගේ මනස රොගී වීමත්.
මෙහිදි පෙන්නුම් කරනු ලබන්නේ රෝගි උ පුද්ගලයෙකුගේ මනස වැඩ කරන්නේ කොයි ආකරයෙන්ද එවැනි රෝගියෙක්ට ලෝකය පෙනෙන්නකෙවර ආකරයෙන්ද යන්නයි.
අපි මානසික රෝගියෙකව දුටු සැනින් ජෝක් එකට ගන්න පැකිලි වෙන්නේ නැ.හැබැයි අපි කිසිම වෙලාවක එවැනි කෙනෙක්ට ලෝකය පේන්නනේ කවර ආකාරයෙන්ද ඔහුට එවැනි තත්වයක් ඇති උනේ කිනම් සිදුවීමකගේ බලපෑමක්ද යන්න කිසි දිනක හිතන්නේ නැ.
ඒ වගේම ඒ නිසා ඔවුන් ඔවුන්ගේ ලෝකය තුල කෙතරම් පීඩාවකට ලක්වෙනවාදැයි අපි කසිම විටක හිතන්නේ නැ
මේ ෆිල්ම් එකෙන් පෙන්නන්නේ එවැනි රොගියෙක් ලොකය දකින්නේ කෙසේද යන්නත් එවැනි රෝගියෙකව සුව කිරීමට ඒ ගැන අවබෝධයක් ඇති වෛද්‍යවරැන් වැඩ කරන්නේ කෙසේද යන්න පෙනවා දෙන ෆිල්ම් එකකි. (එවැනි වෛද්‍ය වරැන් ලංකාවේ නැත)
මේ ගැන මීට වඩා පැහැදිලි කිරීම් කල හැකි උනත් මේකේ කොටන්න ඇති කම්මැලි කම නිසා ඇති කියලා හිතෙනවා
(අනිත් හේතුව මගේ අත කැඩිලා අමාරැවෙන් කොටව්වෙ)

Fight Club කියන්නේත් මේ වගේම දෙයක් ගැන කියවෙන එකක් තමයි නමුත් එහිදි පැහැදිලි කරන්නේ වෙනම කාරනාවක්.මේ ෆිල්ම් හදපු අයට psychoanalysis ගැන යම් න්‍යායික අවබොධයක් තියෙන අය. ඒ නිසයි ඔවුන් මේ තරම් සාරථකව මේ ෆිල්ම් හදුවේ.
Fight Club කියන්නේ පුදගලෙයෙක් තමන්ගේ පරිකල්පනය ඒක්ක කොහොමද Fight කරන්නේ කියන එක.මොකද පුදගලයෙකුගේ මානසික රෝගයක් සුව විමට ඔහු ඔහු සමගම වීශාල යුද්ධයක් කල යුතුයි.එයින් ජයගත් කෙනා මානසික රෝගයෙන් නිදහස් වෙනවා.ඒක තමයි
Fight Club එකේ පෙන්නනේ අන්තිමට
මේ වගේ කතාවල කුතුහලය කියන එක උපරිමයට තියනවා.fatta film eka...
intersteller blpn mchn..ekath fatta..

ඔව් බන්. ඒකත් ඔය වගේ තමයි. තව එකක් තියෙනවා Mullholland Drive කියලා. Lesbian සීන් එකක් තියෙන්නේ. ඒකත් සුපිරියි. අන්ත්මට කරකවල අත ඇරියා වගේ වෙනවා.

ohommama balapan TRIANGLE,PREDESTINATION![]()
![]()


ඔව් මචන්, අන්තිමට තේරෙන්නේ නැද්ද උට තමයි පිස්සුව තියෙන්නේ.. උට එක තෙරුනට අපහු එනවා..අර අන්තිමට අපහු එකෙකෙට කියන්නේ මොකක්ද සීන් එකක්..

හැම පිස්සු තියන මිනිස්සුම හිතන දෙයක් තමානේ එයාට පිස්සු නෑ කියන එක. 
නියමයි බන්... මම මේ බානගමන් ඉන්නේ...මේ වගේ කතාවල කුතුහලය කියන එක උපරිමයට තියනවා.



