Silver Fern Job Search Visa - New Zealand

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඔය හැමදාම අපිට New Zealand වල Work Visa ගන්න බැරිද කියලා අහන අයටයි මම විස්තරය දෙන්නේ. ලංකාවේ ඉදන් Direct NZ Work Visa එකක් ගන්නවායි කියන්නේ පට්ටම අමාරු දෙයක්. මොකද මොන තරම් Job Site, Recruitment companies, Job Opportunities තිබ්බත් එකමන ප්‍රශ්නය තමයි ඒ බොහොමයක් තැනක අන්තිමට තියන condition (කොන්දේසියක්) තමයි අදාළ රැකියාවට අයදුම් කරන්න පුළුවන් දැනට ඒ නවසීලන්තය තුල ඉන්න කෙනෙක්ට පමණයි කියන එක.

ඉතින් අපේ රටෙත් ඉන්නවානම් නවසීලන්තයට ගිහින් (Student visa නැතුව) රැකියාවකට උත්සහ කරන්න කැමති කෙනෙක්, මෙන්න ඒකට එක්තරා ක්‍රමයක්.

Silver Fern Job Search Visa

මේ කියන Silver Fern Job Search Visa එක අයදුම් කරන්න පුළුවන් යම් යම් ක්ෂේත්‍රවල අවම Bachelor Degree එකක් හා අවුරුදු 3 කට නොඅඩු Work experience එකක් තියන අයටයි.

මේ අයට ලබාදෙනවා මාස 9ක කාලයක් නවසීලන්තයට ඇවිත් තමන්ට ගැලපෙන රැකියාවක් සොයාගන්න. ඊට පස්සේ ඒ අයට ස්ථීර රැකියාවක (Permanent Work Visa) නිරත වෙන්න පුළුවන්.

01. මේකට අවශ්‍ය සුදුසුකම් ඔයාලටත් තියනවාද කියලා දැනගන්න අවශ්‍ය නම් මුලින්ම මේ ලින්ක් එකට යන්න.

http://skillshortages.immigration.govt.nz/

02. දැන් මේ "Find your occupation" කියන තැන හෙමිහිට ඔයාගේ ක්ෂේත්‍රය ටයිප් කරන්න (උදා: Computer..., Construction....., Electrical..... etc)

03. මේ විදියට ඔයාලා ටයිප් කරගෙන යද්දී ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ රැකියා නම් ඒ තැන වැටෙනවා. ඒකෙන් ඔයාලට වඩාත්ම ගැලපෙන රැකියාව ලකුණු කරන්න.

උදා: construction කියලා ටයිප් කරගෙන යද්දී ලැබෙන උදාහරණයක් තමයි මේ - Construction Project Manager

04. ඔයාට අදාළ රැකියාව ලකුණු කරනවාත් එක්කම ඔයාලාව ඊලග පිටුවට යැවෙනවා. ඒ පිටුවෙන් එකම එක List එකක හෝ ඔයාලගේ රැකියාව සදහන් වෙනවානම් ඒ ලය්ස්තුව ඔයාලට කොල පාටිනුත්, සදහන් නොවන ලැයිස්තු රතු පාටිනුත් පෙන්නුම් කරනවා.

05. මෙන්න මේ එක list එකක හරි ඔයාගේ රැකියාව සදහන් වෙනවානම් ඔයාට Silver Fern Job Search Visa සදහා අයදුම් කරන්න පුළුවන්. මුලිනම් ඒ අදාළ ලැයිස්තුව (කොළ පාටින් දැක්වෙන) click කරලා ඒ සදාහ අවශ්‍ය සුදුසුකම් ඔයාලාට තියනවාද කියලා බලන්න. ඒ සුදුසුකම් ඔයාත් සම්පුර්ණ කරලානම් ඔයාලටත් අවස්ථාවක් ලැබෙන්න පුළුවන්.

** මතක තියාගන්න Silver Fern Job Search Visa ලැබුනා කියන්නේ රැකියාවක් ලැබුනා කියන එක නෙමෙයි. රැකියාවක් සොයාගන්න නවසීලන්තයට යන්න මාස 9 ක වීසාවක් පමණයි කියන දේ.
 
  • Like
Reactions: Deadmau5