වීණාවේ තත්සර රාවේ
දිවි යමුනාවේ රිද්මෙට හාවේ
වීණාවේ තත් පෙළ මා වේ
ඔබ පිරිමදිනා තාලෙට හැඬවේ
වීණාවේ තත්සර රාවේ.......
හීනෙන් හෝ වී නැති කිළුටු
ඔබ දළුවකි මටසිළුටූ.....
එම මුදු ළදළුව සුලලිත වේ
ඔබගේ සුසුමට ලෙළ වේ...
වීණාවේ තත්සර රාවේ.....
ඔබ මා හද විල තිසර කුලේ
පිපෙනු මැනවි පති කමලේ.....
තඹුරු පියල්ලක රන තිසරූ
නළවමි බල බල රුසිරූ....