කොහොමද කොල්ලනේ.. කාලෙකින් ඔන්න ඊයේ තමා ලන්කාවට ගොඩබැස්සේ.. කොහෙ ගියත් මෙහෙ වගේ නැති නිසා හිතුනා ත්‍රේඩ් එකක් දාලම එලකිරි එන්න.. මේක මට ඊයේ ෆ්ලයිට් එකේ එනකොට ඔස්ට්‍රිලියන් පොරක් කිව්ව කතාවක්, මම ඒ වෙලාවේ අහගෙන ඉදලා පස්සේ ගූගල් කරලා හෙව්වා. වැදගත් නිසා එලකිරියේ දාන්න හිතුනා. මේක සින්ගපුරු ෆ්ලයිට් එකක් හයිජැක් කරපු සීන් එකක් 1991. විකිපීඩියා අනුව සිද්දිය මෙහෙමයි. 1991 මාර්තු 26 ක්වාලාම්පුර් ඉදන් සින්ගපුරු එන්න ආපු සින්ගපුරු එයාර්ලයින් 117 කියන ෆ්ලයිට් එක තමයි පාකිස්තානු ත්‍රස්තවාදින් 4 දෙනෙක් සෙට් වෙලා, මෙහෙම උස්සලා තියෙන්නේ. මෙයාලගේ ඉල්ලීම නම් දේශ්පාලනික එකක්. පකිස්තානයේ ජනාධිපතිනියගේ (Benazir Bhutto) ස්වාමි පුරුශයා Asif Ali Zardari නිදහස් කරන්න කියලා තමා මේ අයගේ ඉල්ලීම වෙලා තියෙන්නේ. ඒ එක්කම ෆ්ලයිට් එකට ඔස්ට්‍රිලියාවට යන්න තෙල් ගහන්න කියන එකත් ඉල්ලීමක් උනාලු.. කොහොම උනත් මේ ඉල්ලීම් දෙන්න සින්ගපුරූ බලදාරින් කැමති වෙලා නැ. අන්තිමට ත්‍රස්තවාදීන් ඉල්ලීම් නොදුන්නොත් විනාඩි 10කට එක මගියා ගානේ මරනවා කිව්වට පස්සේ සින්ගපුරූ කොමන්ඩො කන්ඩායමක් විනාඩි ගානකින් ෆ්ලයිට් එක වට කරලා ත්‍රස්තවාදී 4 දෙනාම සෙත්තපොච්චි කරලා බේර ගත්තලු, කිසිම මගියෙකුට හානියක් නොවෙන්න.. මේ සිද්දියෙන් පස්සේ ඒ කට්ටියට සම්මාන හම්බ උනා කියලත් විකියේ තියනවා. කොහොමහරි මේ සින්ගපුරු එයාර්ලයින් එකට අයිතිව තිබුන මේ ෆ්ලයිට් 01 මැයි 2001 ස්පැනිශ් එයාර් ලයින් එකකට මාරු කරලා ඊටත් පස්සේ 31 මැයි 2003 මේ ගුවන් යානාව බාවිතයෙන් ඉවත්කරලා ඇමෙරිකාවේ Mojave Air & Space Port නැවතුම් පොලේ ගබඩා කරලා තියෙනවලු.. සිද්දිය වැදගත් නැති උනාට මට ෆ්ලයිට් එකේදි හම්බ උන මනුස්සයා මේ හයිජැක් කිරීමෙදි මේ ෆ්ලයිට් එකේ ගිය මගියෙක් කියලා තමා මට කිව්වේ.
