Singapore

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    කාලයක් තිස්සෙ ලියන්න හිතාගෙන හිටියත් කරගන්න තරම් කාලයක් මේකට මිඩංගු කරන්න පුළුවන් කමක් තිබුනෙ නෑ. ඔන්න ඉතින් මේ ගමන ගිහිල්ලා මාස ගානකට පස්සෙ මගේ අත්දැකීමත් මෙහෙම වචන වලට හරවන්න හිතුවා. මේ දවස් වල ගොඩක් දෙනා යන දිහාවක් නේ සිංගප්පූරුව. මේ කියන්න යන්නෙත් එහේ ගිහින් ලබපු අත්දැකීම් ගැන.

    කියන්න ඕනේ මෙක මගේ මුල්ම ගුවන් සවාරිය නොවෙන බව. මොකද මීට අවුරුද්දකට දෙකකට ඉහතදී තමයි පවුලේ අයත් එක්ක ඒ ගමන ගියේ කටුනායක ඉඳන් මත්තලට, චීනය බලා යන Sri Lankan ගුවන් යානයක. ඒක එහෙම වෙද්දී සෑහෙන කාලෙක ඉඳන් තිබුනු ආසාවක් ඉෂ්ට කර ගන්න ලැබුනේ 2016 අවුරුද්දෙදියි. ඒ තමයි ලංකාවෙන් පිට දේසයක් මගේ හොඳම යාළුවො එක්ක ගිහින් දැක බලාගෙන විනෝද වෙලා එන එක. ඉතින් කාලයාගෙ ඇවෑමෙන් ඒ දවස උදා වුනා පහුගිය අගෝස්තු මාසයෙදි සිංගප්පූරුවට යන්න. වීසා ගැනීම් අනම් මනම් කිසිම දෙයක් කර ගන්න අවශ්‍ය නැති නිසා මමත් මගේ හොදම යාලුවො දෙන්නත් ඒගොල්ලන්ගේ බිරින්දෑවරුනුත් (ඒ දෙන්නත් මගේ හොද යාළුවෝ තමයි හොඳේ) කතා වෙලා යන්න සැලසුම් කර ගත්තා. මුලින්ම ටිකට් ටික බුක් කලා Sri Lankan Airlines සයිට් එකෙන්ම. අපේ ගමන පිටත් වෙන්න තිබුනේ අගෝස්තු 14 දවල් 12.15 ට ලංකාවෙන්. සිංගප්පූරුවට ගොඩ බහින්න තිබුනේ රෑ 7ට. නවතින තැන එහෙමත් අගෝඩා එකෙන් කලින් ම වෙන් කරගෙන ඒවයේ printouts අරගෙන ගියා. යද්දි USD ටිකකුත් අරගෙන ගියා එහෙදි මාරු කර ගන්න කියලා. එහේ ගිහින් කරන්නේ මොනවද කියන එක ගැන අපි ලොකු සැලැස්මක් යන්න කලින් හැදුවේ නෑ මොකද ගොඩක් වෙලාවට ගිහිල්ලම ඒවා කතා වෙලා වෙලාවෙ හැටියට ඔක්කොම හදා ගන්න පුරුද්දක් අපිට දන්න කාලෙක ඉඳන් ම තිබුන හින්දා. ඒත් දළ අදහසක් තිබුනා යන තැන් ගැන කලින් ගිය අයගෙන් අහල දැන ගත්ත දේවලුත් එක්ක.

    ගමන යන අතරෙදි
    කලින් උඩින් ගිහින් තියෙන නිසා යන අතරතුරදි පිංතූර ගත්තෙ නෑ. ඒ වුනාට හිතේ පොඩි චකිතයක් තිබ්බ පහුගිය කාලෙ උඩින් ගියපුවට වෙච්චි නස්පැත්ති හින්දා :oo: මොකද පැය 4ක විතර ගමනක් නේ.
    ගමන අතරෙදි කන්න බොන්න එහෙමත් ලැබුනා, එළවලු ද නැද්ද කියලා cabin crew එකේ අය අහගෙන යන ගමන් කෑම ට්‍රේ එක ගානේ දෙනවා. තව ඉතින් ජූස් වගේම ශ්‍රී ලංකන් tea එහෙමත් අහලා ඕනේ අයට දෙනවා. සත්කාරය නම් හරි ඉහළයි කියන්න පුළුවන්. කෑමත් රසයි. හැබැයි ඉස්සරහ මොනිටර් එකේ කැමති දෙයක් බලා ගන්න ටච් කරන්න පුදුම කට්ටක් කන්න ඕනේ. ඒවයෙ තත්ත්වය නම් හරිම බාලයි. මේ අතරෙදි පොඩි පෝස්ට්කාඩි ප්‍රමානෙට ටිකක් ලොකු තරමේ ෆෝම් එකක් දෙනවා පුරවන්න. ඒක අනිවාර්යෙන්ම අරගෙන පුරවන්න වෙනවා. මොකද මේක තමයි සිංගප්පූරුවට ඇතුල් වෙද්දි airport එකෙන් බලන්නේ. මේක ආපහු සිංගප්පූරුවෙන් එළියට එනකන් ම ලඟ තියා ගන්නත් ඕනේ. කොහොම හරි සිංගප්පූරුවට ලං වෙද්දි දැක ගන්න ලැබුනා නැව් එහෙම නවත්තල තියෙන හැටි. උඩින් පුංචියට දැකපු ගොඩනැගිලි වල නිමාව, පිහිටුම දැක්කම තේරුම් ගියා ගොඩ බහින්න යන දිහාවට කොයි තරම් හිත ඇදිල යාවිද කියලා.

    සිංගප්පූරු ගුවන් තොටුපොලේ දි
    හවස 7.30 වෙද්දි යානෙ ගොඩ බැස්සා. එසේ මෙසේ දිහාවකට නෙවෙයි සුපිරි ලෝකෙකට ගොඩ බැස්ස වගේ හැඟීමක් ආවේ. ඒ තරම් පිළිවෙලක්, ලස්සනක්, ගෘහ නිර්මාණ ශිල්පයක්, පිරිසිදු කමක් මම ලංකාවේ වෙන කිසිම තැනක දැකලා තිබ්බෙ නෑ. හැම දෙයක් ම හරිම පිළිවෙලයි පංකාදුයි. චිත්‍රපටවල දැකල තිබුන ගොඩනැගිලි නිර්මාණ, අභ්‍යන්තර අලංකරණ ක්‍රම ඇස් දෙකෙන්ම දැක ගන්න ලැබුන. Immigration එකෙන් ඇතුලට ආවට පස්සේ ටික වෙලාවක් airport එකේ සුන්දරත්වය බැලුවා.

    13814050_10210274978047883_8153729730716407957_n.jpg


    14100277_10210274976927855_8988416714753499320_n.jpg


    13894985_10206971956200320_6908086635332601375_n.jpg


    13906908_10206971967520603_4137268254161883010_n.jpg


    14046154_10206971976560829_781066985634732110_n.jpg


    14022347_10206972008121618_4048818273409890328_n.jpg

    රටට ආදරේ හිතෙන විදියට රටට එන තැන ලස්සනට හදලා තියෙන හැටි.:love:

    සිංහලෙන් ආයුබෝවන් කියලත් ලොකුවට බිත්තියේ ගහලා තිබුනා arrival එකේදි :love: එතකොට නම් පොඩි ආඩම්බරයකුත් දැකුනා. :yes:

    14034689_10210274979527920_1391485739322980888_n.jpg



    ගෙනාපු කදමලුත් ට්‍රොලි වල තියාගෙන අපි Terminal 3 එකෙන් පහලට ගියා කන්න තැනක් හොයාගෙන. Airport එක වුනත් කන්න බොන්න තැන් හුඟක් තිබුනා food court එකක. KFC, McDonalds වගේ සුපුරුදු නම් දකින්න නොලැබුන නිසා ඒ වගේ තැනකට ගිහින් කැම ඇනවුම් කලා. එතන අපි ඕන කරන කෑම එක ඇනවුම් කලාට පස්සේ අපේ ඇනවුමට අදාලව (හරියට කවපෙත්තක් හැඩයේ) පොඩි disk එකක් දෙනව අතට. ඒක අරන් ගිහින් වාඩි වෙලා ඉන්න ඕනේ. ඇනවුම සූදානම් වුනාට පස්සේ අපිට දීපු disk එක vibrate වෙවි light එළියක් නිවි නිවි පත්තු වෙනවා. එතකොට ඒකත් අරගෙන කවුන්ටරේට ගියාම අපි ඇනවුම් කරපු කෑම එක අපිට ලැබෙනවා. අපූරු තාක්ෂණික ක්‍රමයක් වගේම හොඳ ක්‍රමයක් මිනිස්සුන්ව පෝලිම් වල තියා නොගෙන, සැරින් සැරේ කෑම එක ලෑස්තිද කියලා ඇවිත් බලන්න සිද්ධ නොකරන. කෑම එකත් රසයි. මෙහේ කෑම තැන් වල තියෙන සුපුරුදු දෙයක් තමයි මෙහේ ගොඩක් සුප් වර්ග තියෙනවා. හැම තැනම වගේ සුප් ගන්න තියෙනවා. ඒ වගේම හැම තැනම එකම විදිහේ සුවඳක් දැනෙනවා :baffled: අපි කාපු කෑම එකේ නම් තිබුනේ ගොඩක් ම මාමයිට් රසක්, ඒ වුනාට රසයි.

    කාල බීල ඉවර වෙලා ආයෙත් ට්‍රොලි තල්ලු කරගෙන එළියට යන්න හිතාගෙන, ගෙනාපු ඩොලර් එහෙමත් මාරු කර ගත්තා එයාපෝට් එකෙන්ම. අපි sim මුකුත් ගත්තේ නෑ. මම නම් ලංකාවෙන් එද්දි Dialog roaming activate කරගෙන ආවේ දවසට USD 5 ට unlimited data package එකක් හදාගෙන. පස්සේ airport එකේ තොරතුරු ගන්න පුළුවන් තැනකින් බලන්න යන්න තියෙන tourist package වල, attractions වල විස්තර තියෙන පත්‍රිකා ටිකකුත් අරගෙන, ටැක්සියකුත් එතනින් ම කතා කර ගත්තා. ටැක්සි කිව්වට මේක මරු වෑන් එකක් සීට් දෙපැත්තට හයි කරපු. හෝටලේට යන ගමන් අපි ඩ්‍රයිවර් මහත්තයගෙන් විස්තර අහල දැන ගත්තා රටේ ඉන්න ජන වර්ග, භාසාවල්, බලන්න තියෙන දේවල්, එ මහත්තයගෙ රස්සාවෙ විස්තර. පාර දෙපැත්තේ අහස උසට යන සුපිරි ගොඩනැගිලි වගේම එළි ගන්වලා තිබුන tourist attractions එහෙමත්
    දුරින් බලා ගන්න ලැබුනා.

    නවාතැනට ආවට පස්සේ
    අපි නවාතැන් ගත්තේ Little India වල Sandpiper කියන හෝටලේ.

    13892125_10206973318954388_416261698154243977_n.jpg


    14067567_10207010033912239_1166584529358053882_n.jpg

    තනිකඩ මම ඉතින් හිටියෙ මේකෙ
    :(

    ගෙනාපු booking printouts එහෙම පෙන්නලා check-in වුනා රෑ 9ට වගේ. ඊට පස්සේ කාමර තෝර බේරගෙන wash එකක් එහෙම දාල ඇඳගෙන ලෑස්ති වුනා ආයෙ එළියට යන්න වටපිටාව බලන්න. අපි හිටපු තැනට මීටර් 750ක් වගේ දුරකිනුයි Mustafa Centre තිබුනේ. ඒ වගෙම ඊටත් කිට්ටුවෙන් තිබ්බේ Rochor MRT station එක. මුලු සංචාරය පුරාවටම මේ MRT station එක ලොකු පහසුවක් වුනා ගමන් බිමන් වලට. හිටියේ Little India වල වුනාට සමහරු කියලා තිබ්බ අපිරිසිදු කමක් නම් මම පාරවල් වල දැක්කේ නෑ. සාමාන්‍ය පිරිසිදු කමක් තමයි මම දැක්කේ. කුණු දකින්න ලැබුනෙ නෑ එහෙමට. ඉන්දියානුවො අතරෙ ලංකාවෙ අයත් දකින්න ලැබුන.

    14045736_10206973317794359_6322747576931691746_n.jpg


    14100299_10210275009328665_5271578201604740871_n.jpg

    එහෙ තිබ්බ ටැක්සි

    පලවෙනි දවසෙ රාත්‍රිය ගත කරේ Mustafa Centre එකේ රවුමක් ගහල. ඕන කරන පොඩි පොඩි දේවල් එහෙම අරගත්තා. ඇඳුම් එහෙම ලොකු ලාභයක් නෑ. සපත්තු එහෙම ගණන්. Gym items තිබුන සාමාන්ය ගණන්. Scents, body sprays එහෙම ලාබෙට තිබ්බ පැක් විදියට කීපයක් ලැබෙන.

    14040089_10206974939394898_3534772644160609746_n.jpg

    Mustafa Centre :rolleyes:

    ඉතින් ඒව අරගෙන එතනම තිබ්බ ඉන්දියන් කඩේකට ගොඩ වෙලා පරාටා නාන් වඩේ එහෙම කෑවා. ලංකාවට වඩා රසේ වෙනසක් තිබුනා. කන්නත් පුළුවන් ගොඩක් රස නිසා.

    13895330_10206974956275320_4391788141121233570_n.jpg


    රෑ 12 විතර වෙද්දි ආපහු හෝටලේට ආව ඊලඟ දවසෙ දේවල් කතා කර ගන්න. ගෙනාපු පත්‍රිකා ටික දිග ඇරගෙන වයින් එකකුත් තොල ගාන ගමන් අපි 5 දෙනාම පහුවදාට Universal Studios යන්න කතා කර ගත්තා.

    13913830_10210274987048108_7694940860268828544_o.jpg

    බීපු වයිම :nerd:

    දවස් 5ක ගමනකින් බලන්න පුළුවන් රටක් නෙවෙයි සිංගප්පූරුව. ලංකාවටත් වඩා පොඩි වුනාට විස්තර පත්‍රිකා වල තියෙන දේවල් එක්ක මාසයක් නැවතිලා වුනත් දැක බලා ගන්න තරම් දේවල් ඕනෑ තරම් තියෙනවා.

    පළවෙනි දවස ඉවර වුනේ එහෙමයි.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Last year man gihin hitiye othanata anithpeththe pare, DICSON road ake
    oya hariya niyamai ban

    ඔව් හරි ලේසියි යන්න එන්න. Main road එකට ගියාම පේන දේවල් ඉන් පස්සෙ දාන්නම්.
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    ඔව් හරි ලේසියි යන්න එන්න. Main road එකට ගියාම පේන දේවල් ඉන් පස්සෙ දාන්නම්.

    ela ela
    man nam airbnb book kale, 30days hitiyane
    hoda athal 1k gaththa, oya kaden thama udeta tea 1k gahala office giya
    ana gaman dicson road ake kerawale thiyana kaden buriyani 1k genawa, lesi pahasui
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    ko yako deka.
    dapan deka.
    mama me office eke wada nawaththala kiyewwe.
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    අ‍ඩෝ සුපිරි බං... ඉතිරි ටික දාපං ඉක්මන්ට..... ගණන් මිමිත් දාපං..... එයා ටිකට් හොටෙල් සහ අනෙකත් ගිය වියහියදම් එහෙම.... යන්න හිතං ඉන්න අයට වැදගත් වෙයි මචං.....