SINGLISH වලින් Wijesekara Sinhala Fonts (DL/FM Fonts) type කරන්න අළුත් Software එක

slmerc7

Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    SINGLISH වලින් Wijesekara Sinhala Fonts (DL/FM Fonts) type කරන්න අළුත් Software එක

    මීට කලින් internet වල Sinhala භාවිතා කරන අය වෙනුවෙන් නිර්මාණය කරපු SinhalaUnicoder.com ගැන thread එකක් (Sinhala Unicode-English දෙකම type කරන්න හදපු අලුත්ම Website එක.) එළකිරි එකේ හැම දෙනාත් එක්කම බෙදා හදාගත්තා.

    Website වල Sinhala Unicode භාවිතා කලත් Sinhala Unicode මගින් Microsoft Word, Adobe Photoshop වගේ මෘදුකාංග වල සිංහල භාවිතා කිරීමේ ගැටලු වලට මුහුණ දෙන්න සිදුවෙනවා. මීට අමතරව Sinhala Unicode විදිහට type කරපු සිංහල වචන වල Font වෙනස් කිරීමේ හැකියාවක් නෑ.

    මේ ප්‍රශ්න වලට විසඳුමක් ලෙස නිර්මාණය කල Wijesekara keyboard fonts (DL/FM Fonts) typing Software එකක් තමා SINHALA WORD..

    33122907925_489dd4b1e4.jpg


    Sinhala Word මෘදුකාංගය භාවිතා කරන ආකාරය සම්පුර්ණයෙන්ම මේ YouTube video එකක් තියෙනවා.



    සාමානයයෙන් Wijesekara Keyboard එක පාවිච්චි කරලා ම්, මි වගේ අකුරු වලදි ටයිප් කරන කොට පොඩි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මේ හේතුව හින්දා... ගොඩ දෙනෙක් Keyman software එකක් ටයිප් කරන කොට පාවිච්චි කරනවා. ඒත් මේ Software එකත් එක්කම Keyman එකක ක්‍රියාකාරිත්වය ඇතුලත් කරලා තියෙන නිසා... Keyman වෙනමම පාවිච්චි කරන්න අවශය වෙන්නේ නෑ.

    Wijesekara Keyboard එක ගැන හොඳ දැනුමක් නැති කෙනෙක්ට Wijesekara Keyboard Layout එකත් අධයනය කරලා Sinhala ටයිප් කරන එක අමාරු වැඩක්. මේ software එකේ තියෙන තවත් එක් වාසියක් තමා පහසුවෙන් Wijesekara font වලින් යුත් සිංහල වචන type කරන්න පුලුවන් වීම. SinhalaUnicoder.com වල වගේම අපි හැමෝටම පුරුදු UCSC Unicode Real Time Font Conversion Utility එකේ සිංගිල්ෂ් අකුරු Standard එක තමා මේ මෘදුකාංගයට පාවිච්චි කලේ.

    මේ හින්දම SinhalaUnicoder.com එකේ type කරපු Singlish text එක copy කරල මේ Sinhala Word Software එකේ paste කලාම මීට අදාල Wijesekara Fonts වලින් යුතු Sinhala වචන ලබා ගන්න පුලුවන්.

    මේ සියල්ලත් එක්කම Software එකට Wijesekara Character Map එකකුත් මම ඇතුලත් කලා. ඒකෙන් සිංග්ලිෂ් අකුරු පාවිච්චි වෙන විදිහ බලා ගන්න. ඔයගොල්ලන්ට අවශ්‍ය නම්.. එක පාවිච්චි කරලා උනත් වචන ටයිප් කරගන්න පුලුවන්.

    තමන් type කරපු දේවල් Save කර ගන්න.. ආපහු Open කර ගන්න.. ඒ දේවල් වලටත් මේකේ පහසුකම් සලසලා තියෙන්නේ. Sinhala Word මෘදුකාංගයෙන්ම අලුත් version updates ගැන දැන ගන්න පුලුවන්.

    මේකේ තියෙන Fonts වලින් ටයිප් කරලා ඒක Word Document එකක හරි Paste කරලා තමන්ට ඕන Font එකක් උනත් දාගන්න පුලුවන්.. මොකද මේකේදි Wijesekara Keyboard Layout එක පාවිච්චි වෙන නිසා.

    Sinhala Word මෘදුකාංගය 100% නොමිලේ Download කර ගන්න පුලුවන්. පහල තියෙන්නේ Direct Download link එක.

    http://www.slmerc7.com/2017/02/sinhala-word.html

    යෝජනා... අදහස් මේ Thread එකේ දාන්න... ඊලඟ සංස්කරණ වලදි මම ඒ ගැන සලකා බලන්නම්.
    --------------------------------------------------------------------------
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,775
    113
    Gampaha
    Ela ela. ඕකේ bugs set එකක් fix කරපු version එකක් තමා මේ. ඕක හැදුවෙත් මම තමා... 2012දි. ;)
    අඩේ පට්ට බන් උබද හැදුවෙ.. :cool: ඔවු මේක පට්ට බග්ස් ටිකක් තියෙනව. අපි ඉතින් ඒව අමතක කරල කරගෙන යනව. අපි මේක කොමර්ශල් යූස් කරනව බන්.. ;) අපේ සිස්ටම් වලටත් ඉම්ප්ලිමන්ට් කරල තියෙන්නෙ. :yes: උබේ මේ සොෆ්ට්වෙයා එක වෙනම දවසක් දාගෙන ක්ලයන්ට්ලට උගන්නනව.

    MLGoMUn.jpg


    මේකෙන්ම ගොඩ ගිය ඩේට බේස් එකක් මේ තියෙන්නෙ. උබේ සොෆ්ට්වෙයා එක එක දිගට දවස් 7ක් මැශින් 3කින් දාගෙන දැන්මෙ.. :D

    ob3sQDO.jpg

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,775
    113
    Gampaha
    පරණ වර්ශන් එකේ මම මුහුණපාන ගැටලු..

    1.මේ සොෆ්ට්වෙයා එක අපේ සොෆ්ට්වෙයා එකෙන් ඕපන් වෙන්න හදල තියෙන්නෙ. හැබැයි ඉන්ස්ටන්ස් දෙකකට වඩා ඕපන් වෙන නිසා එයාල බ්ට්න් එක කීප සැරයක් එබුවොත් පරන ඉන්ස්ටන්ස් එක ගන්න බෑ. අලුත් එකක් හැදෙනව. ප්‍රොසෙස් එකෙන් පරණ එක ගත්තට එන්නෙ නෑ.

    2.සොෆ්ට්වෙයා එක ක්ලෝස් නොවී ට්‍රේ එක අස්සෙ යන එක මලකරදරයක්.

    3.පරන ටයිප් එක සේව් කරන්න අහන එකත් පුදුම වදයක්. ගොඩක් කලයන්ට්ල කිසි දෙයක් "නැත" කියන ඔප්ශන් එක ගන්නෙ නෑ බයට. ඒ නිසා හැම මගුලම ඩෙස්ක්ටොප් එකේ සේව් කරගෙන විකාර කරගන්නව.

    4.මේ නිසා ස්ලීප් වෙන්නෙත් නෑ. හදිස්සියේ බ්ට්න් එකෙන් ශට්ඩව්න් වෙන්න ප්‍රෙස් කරල ගියත් මේ සේව් මගුල නිසා ශට් ඩවුන් වෙන්නෙ නෑ. හැබැයි සාමන්‍ය අනිත් ප්‍රොග්‍රෑම් වල එහෙම නෑ. ටෙම්පරියක් හරි ගහගන්නව.

    5.වින්ඩෝ මිනිමයිස් එකත් ට්‍රේ එක අස්සෙ යනව. එතකොට පරන ඉන්ස්ටන්ස් එක ටාස්ක්බාර් එකෙන් නැති වෙනව. ඒ නිසා සමහර ක්ල්යන්ලට දැනට ඕපන් කරපු එක හොයා ගන්න බැරි වෙලා එහෙම 100ක් විතර ඕපන් කරගන්නව.

    තව ගොඩක් තියෙනව. මේ ටික තමා අමාරුම. මේ ටික අලුත් එකේ හැදුවද?