කතා කරන සිංහල / ලියන සිංහල ප්‍රශ්නය විසඳන්නේ කොහොමද?
උ.දා.
I would like to see some wine glasses = මම වයින් වීදුරු ටිකක් බලන්න කැමතියි.
එත් ලියන භාෂාවෙන් some කියන්නේ කොහොමද?
තව ප්‍රශ්න තියනවා:
How much for a bottle of beer? = "බියර් බෝතලයක් කීයද?" නැත්නම්, "බියර් බෝතලයක මිල කීයද කීයද?"
එක එක්කෙනා එක එක විධියට උත්තර දුන්නොත් system එක කොහොම ගනියි ද දන්නේ නෑ...
I would like to see some wine glasses
some කියන්නේ ප්‍රමාණයක් දාන්නේ නැති කොටයි
some money -> යම් කිසි මුදලක් (අගය දාලා නැති කොට)
2 dollars -> ඩොලර් 2ක් (අගය දාලා තියෙන කොට)
එතකොට උඩ එකේ තේරුම
මම වයින් වීදුරු කිහිපයක් බලන්න කැමතියි (අගය කියන්නේ නෑ මොකද some නිසා)
ඊළග එක
How much for a bottle of beer? -> එක්කේ ප්‍රමාණයක් (how much -කොච්චර ඕනෙද වගේ උදාහරණයකට How much exercise do you need) නැත්නම් මිළ (how much -ගාණ කීයද) A කිව්වම ගොඩක් වෙලාවට ක් වගේ තේරුමක් අගට එනවා සිංහලෙන් එතකොට මේකේ තේරුම
බියර් බෝතලයක් කීයද (මිළ) නැත්නම් බියර් බෝතලයක ගාණ කීයද.
system එකෙන් ගන්නේ බහුතරයක් submit කරන තේරුමයි. google එකේ දැන් සුළුතරයක් submit වෙච්ච ඒවා බහුතරයකට යටින් පෙන්වනවා.