sinhala unicode lyrics {සින්දු}

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්....

...මගේ දුක දැක ඔබේ හදවත
උපන් කඳුළින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
සරා සඳ සේ පෑදිලා

එදා ළඟ සිට දුටුව නුඹ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකේ
සදා කෙලෙස ද පෙම් බඳින්නේ
 
මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න...
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න...
...
විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ...
කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ...

විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ
 
සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් සැතපුනා..
මා හදේ පෙම් කතා පොතේ කතාවක් ලියැවුනා..
සීතලේ ගතට ළංවෙලා රහසකුත් කොඳුරලා..
ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා..
...
මිහිරාවියේ සිහින කුමරි..
මගෙ ආදරේ ඔබයි කුමරි..
මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ..

සමනල්ලු රෑනේ ඇවිත් සිහිනයම හැඩ කලා..
ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා..
පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විඳලා..
සමනල්ලු මල් රොන් සොයා පියඹලා දුර ගියා..
 
පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳුයට රහසේ
මිහිකත කම්පා වී ගුගුරා දෙස්දේව්

...පීඩිතභාවය හිස පාගනවිට
සමාධ් සුවයෙන් නොසිටිය යුතුවග
කියාදෙමින් ඒ විරුවන් මියැදුනි
උන්ගේ රුවවත් අප නෙත් නොගැටුනි

මිල මුදලට යස ඉසුරට ලොභබැද
අවි ගැටුවේ නැත උන් රණබිම්වැද
භීෂණ දූෂණ රජවූ දෙරණක
සුභසෙත සලකා මළෝය උන්සැම

ගායනය:-නන්දා මාලනී
 
ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
ලස්සන සමමනලය මට ලස්සන නෑ
ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ
ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තියේ ඔබ... වාගේ නෑ
...
නිල්මිණි තිබේ මිණිපුරේ මුතු තිබේ හරිඅගේ
රන් වලින් දැංවැල් සදා
නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත
ඇතේ ප්රියා ආදරී ඇතේ
මාව සනසන්න පිනවන්න මිණිමුතු රන්වලින් බෑ
ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ
නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
ඇතේ ප්රියා ආදරී ඇතේ
 
අද හෙ‍ට ඔබ මා අතහැර යනබව
දැනගන්නට ලැබුනා , රහසින් මට ඇසුනා

ඔබ රවටා නැත , ඔබ හඩවා නැත
...දැන දැන මා නම් වැරදි කලේ නැත
ඔබ ගැන මට පුදුමයි ...
වෙනසක තතු නොහැගෙයි

අද හෙ‍ට ඔබ මා අතහැර යනබව
දැනගන්නට ලැබුනා... රහසින්.... මට ඇසුනා

යොමු වී වෙනතක ඔබ තනිවූ දින
තනියට සිටියේ මා පමණකි ලග
දැන් ඔබ මා... රිදවා
යලි වෙනතක... බැදිලා
 
පුදසුනක නිසල බව
ලද පෙමට තිබුනි නම්
හදවතට නොවේ
මේ තරම් සුසුම්
මට කියනවාද..//
...බැදි ආදරයට ඇයි දුන්නේ රිදුම්....//

මල් විලක එලා තිබු
මුදු සුවද නෙලාගෙන
සැනසිල්ල ලගින්
හිනහෙන්න ගිහින්
දුක හඩන හැඩුම්
ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්..‍‍‍..

පුදසුනක නිසල බව....

පෙම් සදක ප්‍රභා ඇති
පෙම් වරම උතුම් ලෙස
පුද දුන්නු බැතින්
පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්
මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්.....

පුදසුනක නිසල බව.....
 
මල් මුතුලැල් නිල් තිරු වැල්
සකුණ විජිතයේ
මා සඟවා තබයි ඔබේ රාජධානියේ
මා සිතගාවමයි ඔබේ තාරකාවියේ

...නිල් නුගවිල් පුන් සඳ රැල් ඉතිරෙනා වෙලේ
මේ හසකැන් දේදුණුවන් තාරකා දිලේ
රන් රසුදැල් මල් හසරැල් සැසලෙනා හදේ
මේ නිකැලැල් ජිවන මල් මාලතී පිපේ
ජිවිතයෙන් ජිවිතේ වාසනා රැදේ

මල් මුතුලැල්........
 
හිරු මෑකියයි නිල අහස
සේද මිදුම් මනයෙ
නිමව්යයි මේ වසන්තේ
යලිත් නොමවේ කිසිදිනේ
ගිනිකදු පුපුරා ලොදිය ගලනා තරම්
...රිදුම් දෙයි ආදරේ...
නෙතු සලා හමු වෙලා සුසුමකින් වෙන්වුනා

සිනහ කදුලේ සුසුම් දොවමින්
දුටුව සිහිනේ නෙත් වෑසුනු අදුරේ
ඈත මිදුම් අතර සගවා... ඈත මිදුම් අතර සගවා.....
යන්න ප්‍රිය ලදුනේ
හද සුසුම් පවනේ.....
රෑගෙන මා සුබ පෑතුම් හදතුටින් යනු
මෑනේ නෙතුසලා හමු වෙලා සුසුමකින් වුනා//
 
සුළග වගේ දග කරන
එති එති ලග රැදෙන
ඔයා වගේ හිත නිවන
භාවනාවක් කොහෙද

...විටෙක ඇවිත් සිත නිවන
ආයෙමත් දුර දුවන
හෙමින් හෙමින් කිති කවන
ඔයා මගෙ ඕම් කවිය

සුළග වගේ.......

වෙලා ඇවිත් සුළි සුළග
පාරවයි සිත සුව්ස්ඳ
තරහ නෑ මං තවම
හෙටත් ඔඅයා මගෙ මැණික

සුළග වගේ.......
 
දරයේ වේදනාව හදට දැනුනු යමි දවසක හුදකලාව නොතැවි
යලි එන්න මා සොයා... //
දේදුනු පැහැයෙන් දිදුලන ආදර විඡිතය හැරදා....
රැඡින පලා ගිය මොහොතක නොතැවි යලි ඈ සිහි කර.....
එන්න මා සොයා.//
...
ඡීවිතයට හිමි ලතැවුල ඹබ තුරැලට ලං වූ දා...
නොතැවී හිද තනි යහනේ මතක සුළන් රොදක එතී...
එන්න මා සොයා.......//
ආදරයේ වේදනාව හදට දැනුනු යමි දවසක
හුදකලාව නොතැවි යලි එන්න මා සොයා... එන්න මා සොයා//...:*
 
ඔබ දේදුන්න ආකාසයේ..
හංගා තබා යන තෙක් විත් බලා..
එය සේදෙන්න වැහි මීදුමෙන්..
සැංගී හමා එයි කඳුලැල් සලා..
...ඔබ දේදුන්න ආකාසයේ..

සුළඟේ නලවා පෙර සේ එනවා..
ඔබ මා කළඹා..
කිමදෝ යන්නේ නොරැඳී ගලා..

ගගනේ පියඹා කැදලි නාවා..
ඔබ ආ ගිය දා..
සිට මා ඉන්නේ උමතුවෙලා..

ඔබ මල් විලකි මා එහි මලකි..
සුවඳින් කැලතී..
යමු පීනන්න දියවැල් සලා..

ගායනය: මර්වින් පෙරේරා
 
ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්න ජීවිතේ නැවත ගන්න බෑ

...කල්ප ගණන් පෙරුම් පුරා සොයා ආවෙ මා
වැටෙන වැටෙන හැම කදුලම උරුම මට නිසා
හිදිමි මම සදා..

හීන ඇතත් හීන් සැරේ තියා ගත්තෙ මා
රිදෙන රිදෙන හැම ‍මොහොතම උරුම මට නිසා
විදිමි මම සදා
 
පා යලි හමුවෙන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුලු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

...සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනෙක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුලු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුනු සොහොන ලඟ

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත
සංසාරයේ යලිදු නවාතැන් සොයා යන
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න
 
මාහ පොලොවදකි හඳ හරිම හැඩයි
ඒ ලාස්සන නොදකින්නෙත්
ලස්සන හඳම තමායි
ඔබෙ ලස්සන ඔබ හට නොපෙනෙයි
මට පෙනෙනව වගෙයි
...
ජිවිතේ හැටි හඳ අපිට කියනාහැටී
ආදරේ නිති හඳ පනෙ දිලෙනා හැටි

මදසුලඟ සුවයි සියෝලගට දැනෙයි
ඒ සිසිලස නොද්නින්නෙත් සිහිලැල් සුලග තමයි
ඔබේ සිහිලස ඔබ හට නොදැනෙයි
මට දැනෙනව වගේයි

ජිවිතේ හැටි මදසුලග ගෙනෙනා හැටි
ආදරේ නිති සුලගෙම රැදෙනාහැටි
 
සීත අරනේ සුපුල් නාමල සුවද ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ දැනේ උනුසුම ආදරේ

ලතාවක්සේ වෙලී සියොලග පතමි ‍රැකවරනය ඹබෙන්//
සදා දෝතින් මලක් සේ ඹබ වැලද ගන්නෙමි හදවතින් හදවතින්
...
වලාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඹබ ලගයි//
මහා කතරක ගෙවූ තනි මග නිමා කල ඉම ඹබ නෙතයි

සීත අරනේ සුපුල් නාමල සුවද ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ දැනේ උනුසුම ආදරේ .............
 
රුවට රුවේ සකුරා ඉවුරේ..
හිම වැටෙනා..
සුදු කන්ද දිගේ..
පාසල් යන සුදු කුමාරියේ..
...
හිම මිදෙනා නගරේ..
රුව පෑව ඒ රූබරී..
චෙරි මල් පිපී පවනේ..
ඒ ගමන් ලතා බලා ඉන්නවා..

රතු මුහුදේ වෙරළේ..
යමු ඈත අපි වෙන්නොවී..
සිතකින් නොවේ ළඳුනේ..
මා මගේ රටේ සදා තනිවුනේ..

ගායනය: ටී. එම්. ජයරත්න
 
යුවතියකට ඔබ ආදරේ නම්
ඇයට පවසන්න
පැවසීමට අතපසු වේ නම්
ඇය ගැන නොසිතන්න //
...
අතින් අතට යන යෙහෙළියනේ
හදවත් නොකඩන්න
ඔබේ ආදරේ පැතු යහළුව
එපා තව රවටන්න
ආදරයයි ජීවිතයේ අරුත
එපා එය කෙලසන්න

අප ජීවිතයේදී හැම මොහොතක්
විමසිලිමත් වෙන්න
නිසසල දිය ඇළ මතුපිට ලස්සන
නොව ගැඹුරක් දන්න
ආදරේ කරන්න පෙර යහළුව
දෙවතාවක් සිතන්න

යුවතියකට ඔබ.....

Artist : Billy Fernando