sinhala unicode lyrics {සින්දු}

දේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හසරැහැනෙන්..
පෙලයි මා,
...මුදා සුව දැහැනෙන්..

සයුරු ඉම රන් ක්ෂිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා.. අද,
තනිවෙනා මොහොතින්..

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
යදින්නම්.. ඔබ,
මැකී යනු මතකෙන්..
 
ආදරයේ උල්පත වු අම්මා
මා ඔබගේ පුතු වු
ඔබ මතු බුදුවන ද්වසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
...සුළැගිල්ලේ එල්ලී

සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන්මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැලවුවා
ජිතයෙන් ගෙන දී
ඒ ජිවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා

ආදරයේ උල්පත වු....
 
ඔබ ඈත සඳ වී පායා..
මම මෑත තරුවක පිපිලා..
මේ නිසල රැයේ ලොව නිදනා..
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා..
...
අප දුරින් දුරක වුව තනියේ..
නෙත් සරින් පමණි හමුවූයේ..
ඒ ඈත් බවිනි හද අඳුරේ..
සෙනෙහසේ සොඳුරු බව පිරුනේ..

මධු සඳ තරුවද හමුවීලා..
සිටියද ඔබ මා ළංවීලා..
ඒ දුරක එදා අප පිපිලා..
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා..

ගායනය: බන්ඩාර අතාවුද
 
පෙර දා මැවූ සිනා සැඟවී කොහේ ගියදෝ
ඔබ ලඟින් උන්නු කාලේ
සුන්දරයි
ජීවිතේ
පෙර දා මැවූ සිනා. //
...
...මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන්
ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උණුසුම් හැඬුම් සිරවී
ඔබගේ සෙනේ
මවෙතින් මිදී
ලත වේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ.. කිසිදා
මෙසේ..

පෙර දා මැවූ සිනා..
 
ප්‍රාර්ථනා බිඳී නෑ නෑ නෑ..
හද ප්‍රාර්ථනාව බොඳ නෑ..
සිත ආදරේ පතා පැරදී යන්නේ නෑ..
චේතනා බිඳී නෑ නෑ නෑ..
...මිතුදම් බිඳී ගියේ නෑ..
මුළු ජීවිතේ පුරා තරහා වන්නේ නෑ..
පිණි බිඳුව මැණිකක් වෙන්නේ නෑ..
නිල් මැණික වියැකී යන්නේ නෑ..

වෛර සිත් නැතේ නෑ වංචාවක් ප්‍රීති ජීවිතේ..
වංකකම් වලින් ජයගත් සමතෙක් නෑ..
ඈත බාල කාලේ අප පුංචි සිහින ලෝකේ..
සිහින පාට කෙරුවේ ආදරෙන්..
හිම ගේන සීත ඇල්ලේ සරු සාර නීල ලන්දේ..
භූමියේම උරුමේ දේ වාසනා..
 
පා‍යා‍ ඇ‍යි‍ හි‍නැ‍හෙ‍න්නේ
නි‍ල්‍ ගු‍ව‍නේ‍ ත‍රු‍ රා‍ශි‍
නැති‍වී‍ නැති‍වී‍ න‍ම්‍ ඇ‍ගෙ‍ මු‍හු‍ණෙ‍
නි‍ල්‍ව‍න්‍ දෙ‍නෙ‍තේ‍ කා‍න්‍ති‍

...ඇගෙ වත මට නොපෙනේ නම්
පුන් සද ඇයි හිනැහෙන්නේ//
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ//

වනයේ පිපි මල් ගොමුවේ
සමණලයිනි ඇයි හැඩුවේ
නැති‍වී‍ නැති‍වී‍ න‍ම්‍ ඇ‍ගෙ‍ මු‍හු‍ණෙ‍
නි‍ල්‍ව‍න්‍ දෙ‍නෙ‍තේ‍ කා‍න්‍ති‍
 
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කදුළැල්ලක් වී ඔබගේ දෑසින්
ගිළිහී යන්නට උරුම කළේ ඇයි

සෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
...අත්වැල වන්නට පැතුම් පැතූ මා
මිරිඟුව දක්වා නෙතු යුග රවටා
වල්මත් කරදා සැගව ගියේ ඇයි

මල් කැකුළක් සේ ඔබ හද උයනේ
විකසිත වන්නට සැරසී උන් මා
සිත ගිනි අවුලා දියවර අවුරා
අසරණ කරදා ඉවත ගියේ ඇයි
 

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
    හද සන්තක විය අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා මුව ගොළු වූවා

    ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
    ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
    පිබිදුනි ආශා ගිනිසිළු සේමා

    මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
    සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්
    ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
    චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    පායා සීත රැයේ
    පාවී නිල් අඹරේ
    දිළෙනා තරුවේ තනිවූ තරුවේ
    ඈ නෑ මා සෙවණේ

    තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
    තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
    යළි මේ භවයේ නෑ හමුවන්නේ
    ඈ යළි නොඑනා ඔබේ ලොවේ

    මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
    මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
    රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
    පමණද උරුමය ජීවිතයේ
     
    සිනා පොදක් වී ඔබගේ දෑසේ
    නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
    කදුළැල්ලක් වී ඔබගේ දෑසින්
    ගිළිහී යන්නට උරුම කළේ ඇයි

    ...සෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
    අත්වැල වන්නට පැතුම් පැතූ මා
    මිරිඟුව දක්වා නෙතු යුග රවටා
    වල්මත් කරදා සැගව ගියේ ඇයි

    මල් කැකුළක් සේ ඔබ හද උයනේ
    විකසිත වන්නට සැරසී උන් මා
    සිත ගිනි අවුලා දියවර අවුරා
    අසරණ කරදා ඉවත ගියේ ඇයි
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සැරයටියෙන් අපි යනෙන තුරා
    සංසාරේ අපි එකට ඉමූ
    සැරයටියෙන් අපි සමුගන්නාදා
    ඒ ගමනත් අපි එකට යමු

    ජීවන මං පෙත මලින් සැදී ගීය
    යුගයක නොව ඔබ හමු වූයේ
    කටු කොහොලින් පිරි කලල් වියේ මා
    තනිව මියෙද්දිය හමුවූයේ

    මින් මතු මංපෙත මලින් සදන්නෙමි
    ළතැවුල් සෝ ගී නෑසෙන සේ
    පමනක් නොව මේ සංසාරේ
    උපදින වුව මතු සංසාරේ

    මතු සංසාරේ මා හුරුබුහුටිව
    පෙම් කරන කල එලඹෙනදා
    කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
    පතනෙමි සසරින් නික්මෙනදා
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ...
    එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ...
    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....

    පාලු මාවතේ පොද වැස්සේ... එක කුඩයේ යට යන ගමනේ...
    නුඹේ උණුසුමයි මට දැනුනේ...කිසිදා නෑ අමතක වන්නේ...
    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....

    පාලු මාවතම මුතු පලසකි මට... බොරදිය මාවතේ ගලන තුරා...
    සෙවන දැනේවී සිටු මැදුරක සේ... මුතු කුඩයේ යට සිටින තුරා...
    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....

    මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ...
    එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ...
    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    විසිරුනු තරු පත් සිඳුනා..
    හිම පිණි පවනක් සැලුනා..
    තිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා..
    පිණි නිල්ලේ සිත්තම්වල පෙම් ඉඟි ලැබුනා..

    සිතුවිලි කළඹක් මැවිලා..
    හද මුදු හැඟුමන් පිරිලා..
    සැනසුමේ ඉන්නම් ළය මත හිස සතපා..
    නෙතු දැල්වී ඇත්නම් මගෙ ලඟ නුඹ සැමදා..

    වහින්න මුතු වැස්සක්..
    වහින්න මුතු වැස්සක්..
    සිත පහන්ව ඉන්නේ, පැතුම් ළංවෙලා සඟවා..
    වහින්න මුතු වැස්සක්..
    වහින්න මුතු වැස්සක්..
    හද වහන්ව ඉන්නේ, සිතුම් ඉටුවෙලා නොදොඩා..

    නෙතු කොනේ කඳුළු ඉනුවේ නැත මා..
    පැතු ලෙසේ සුවඳ රැඳුනේ සදා..
    හද ගැබේ නුඹට ඉඩ නැත්තේ දසන්තේ..
    නුඹ මගේ සොඳුරු මතකේ රැඳුනා..

    රුව මැවේ දොරක ක්ෂිතිජේ ඉම හා..
    දුක හිතේ නුඹව නොලැබේ කියා..
    හිත මගේ නුඹට පුද දුන්නේ වසන්තේ..
    සඳ රැයේ හැඟුම පවනේ සැළුනා..
     
    හරි තේරුමක් දෙන්නට නැතත්,,
    නුඹ හදට ළං වුනු ගීතයක්,,,

    හීන එකතු කර පබැඳුව,,
    වසන්තය මත පැවරුව,,
    ...අනන්තය වෙත ඉගිල්ලෙන්නට හදන,,
    නුඹ හදට ළං වුනු ගීතයක්,,,

    බැස නොයන මධු පුරසඳ,,
    නිදිවරන මගේ නෙතු ළඟ,,
    හිනාවෙන රෑ තනියමම සිත ළඟම,,
    නුඹ හදට ළං වුනු ගීතයක්,,,
     
    ඔබටයි මේ ආරාධනා
    ඔබටයි මේ ආයචනා
    හිරු සඳු ඇති තුරා
    සසර සරනා තුරා
    ඉන්නට බැහ තරහ වෙලා
    ...ඔබටයි මේ ආරාධනා
    ඔබටයි මේ ආයචනා

    පැව සෙනේ අමනාපෙ නිසා
    මෝදු වෙලා තිබුනාට වඩා
    සත සැනසුම් සාදනා
    ඔබේ හසරැල් මට වාසනා

    ඔබටයි මේ ආරාධනා
    ඔබටයි මේ ආයචනා

    තරහා උනත් දෙදෙනා ඊයේ
    තරහ නොවෙමු කිසිදා ආයේ
    යළි නොමයේ වේදනා
    ඔබේ හසරැල් මට වාසනා

    ඔබටයි මේ.........
     
    දුර ඈත අතිත්යෙ ඔබ හා ඇවිද ගොසින්
    ආසයි ආ මග ආයෙත් එන්නට
    අප පෙම බිදුණු තැනින්

    ඔබ සිත මා සිත දෙලොවක රැදුනා
    ...නොසිතු නොපැතු ලෙසින් ගැටි
    එනමුදු තාමත් සිහින මැවෙනවා
    මතකය හදවත පතුලෙ රැදි

    දුර ඈත අතිත්යෙ.....

    බොලද සිහිනයක මා සිත දකිනා
    සැබැ ලොවක ඉටු නොවනු ඇති
    එනමුදු තාමත් සිහින මැවෙනවා
    මතකය හදවත පතුලේ රැදී

    දුර ඈත අතිත්යෙ.....
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    දෛවයෝගයකින් නොවේදෝ
    හමුවුණේ අප හමු වුණේ
    දෛවයේ සරදම් ලබන්නට
    කිම මෙසේ අප හමුවුණේ

    ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
    ඇදුරුතුමියයි යෞවනේ
    ශෝකයේ රුදු වේදනාවේ
    කඳුළු සයුරේ උල්පතයි

    නඳුන් උයනයි ස්නේහයේ ඔබ
    සඳුන් සිලිලයි ජීවිතේ
    සොම්නසේ ආනන්දයේ
    හසරැල් තරංගේ උල්පතයි
     
    සඳෙන් එහා කඳූමුදුන් ඉමේ
    හිම්ව් තලාවේ තුෂාරයේ
    නුවන් ඇදී මා සිත දුර පාවේ
    ඇය තනිවූ ඒ කුඩා පැලේ

    ...මා ඒ අතීතේ මේ මාවතේ
    රෑ පාළු සීතේ ලා මීදුමේ
    තනිවී ගෙවා ආ ඒ චාරිකාවේ
    නොසිතූ ලෙසේ ඈ මා හමුවුණේ

    දෑතේ වෙලීලා මා හා බැඳී
    දෑසේ කතාවේ යාවී රැඳී
    තනිකම නිවාදී ඒ පාළු යාමේ
    පසුදා උදේ ඈ වෙන්වී ගියේ

    සඳෙන් එහා කඳූමුදුන් ඉමේහිම්ව් තලාවේ තුෂාරයේනුවන් ඇදී මා සිත දුර පාවේඇය තනිවූ ඒ කුඩා පැලේ....
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    අපි ඈතට ඈතට පා නගලා
    ඝන වනන්තරේ
    අතරමං වෙමු
    වසන්ත මල් ගොමුවේ

    කාත් කවුරුවත් නෑ එන්නේ
    ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
    අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
    බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ

    අපි ඈතට....

    කෙසේද අත් බැඳ ඇවිදින්නේ
    වෙරළේ උයනේ තුරුළු වෙමින්
    නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
    උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ

    අපි ඈතට...