පුන්පෝදා සෑ මළුවේ මට පිටුපා ඔබ උන්නේ..
සිටියා බලා ඔබ හිනැහෙයි කියා..
දුටුවේ නෑ පියමං කලා..
සඳ එළියේම නොපෙනී ගියා..
...
අප්පච්චී ළඟ උන්නා නැද්දෝ අයියා දුටුවේ..
හිනැහෙමි කියා මා සිතුවත් හොරෙන්..
දුක ඉවසාන පිටුපා ගියා..
ඒ දුක් ගින්න හදෙහි දරා..
සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ..
දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ..
බොර ගං දියේ මල් යයි ඇදී..
අයියේ මගේ ගන්නයි ගියේ ඒ මල්..
ගංදෑල නම් නපුරුයි වගේ..
නාඩන් නගේ මං දැන් ළඟින් ඉන්නේ..
අයියා මගේ කවදත් හොඳයි..
සැමදා ළඟින් ඉන්නේ මගේ පණසේ..
සිටියා බලා ඔබ හිනැහෙයි කියා..
දුටුවේ නෑ පියමං කලා..
සඳ එළියේම නොපෙනී ගියා..
...
අප්පච්චී ළඟ උන්නා නැද්දෝ අයියා දුටුවේ..
හිනැහෙමි කියා මා සිතුවත් හොරෙන්..
දුක ඉවසාන පිටුපා ගියා..
ඒ දුක් ගින්න හදෙහි දරා..
සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ..
දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ..
බොර ගං දියේ මල් යයි ඇදී..
අයියේ මගේ ගන්නයි ගියේ ඒ මල්..
ගංදෑල නම් නපුරුයි වගේ..
නාඩන් නගේ මං දැන් ළඟින් ඉන්නේ..
අයියා මගේ කවදත් හොඳයි..
සැමදා ළඟින් ඉන්නේ මගේ පණසේ..