මොළයක් තමයි උඹ පුතා.
රු.3 ට තිහක් උස්සලා දුන්නේ. එතකොට සිපෙට්කෝ ලාභෙට වඩා රු.3ක් අඩුවෙන් නමුත් ලාභයක් ඇතිව ගේම යනවා.
ඕක නිකන් රු.100 බඩුව 103 යි කියලා, ආපහු 3% ක් ඩිස්කයුන්ට් දෙන එකමයි.
p.S.70% ඩිස්කයුන්ට් දෙන තැනකට කතා කරලා 70% දෙන්න ලාභේ ඇහුවා කියලා කුණුහරුපෙන් බැන්න මචං.
මම හිතුවෙ මෙහෙම
සිපෙට්කෝ එකට නිෂ්පාදන සහ බෙදාහැරීමට පිරිවැය 100 කියමු. ලාබයක් තියෙන්න ගන්නව 10ක් = 110/=
අනික් දෙන්නට නිෂ්පාදන සහ බෙදාහැරීමට පිරිවැය 60 ක් කියමු. ලාබයක් තියෙන්න ගන්නව 20ක් = 80/=
හැබැයි දැන් ඕක විකුණන්න කියන්නෙ අර 110/= ට හෝ 105/= කියමුකො
එතනම එනව 25-30/=
ඔතනින් තමයි මගෙ ඊළඟ කතාව
සිපෙට්කෝ එකෙන් අපේ ලොකු උතුමන්ට ගානක් ගන්න වෙන්නෙ අර 10/= ඇතුලෙ. ඒකත් මාට්ටු නොවෙන්න අමාරුවෙන් වංගු ගහල.
හැබැයි අර ප්රයිවට් දෙන්නගෙ ලාබෙනුත් පස්සෙ එන අමතර 25-30/= කිව්ව කැල්ලෙන් ලොකු ඇණයක් නැතුව සැලකියයුතු ගතමන්ට් එකක් ලබාගන්න පුලුවන් වගේ නේද.
ඔහොම තමයි මට හිතුනෙ.
මම ජෙප්පෙක් නොවෙමි. ජවිපෙට එක් වරක් පමනක් හා බොට කඳයාට නෙවර් ඡන්දය දී ඇති අතර ම.ම.ට ඇතිවෙන්න දමා ඇත්තෙමි
