Sirasa TV මොකද්ද මේ කරන්නේ?

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Sirasa TV මොකද්ද මේ කරන්නේ?

    සිරස ටීවී බලන ඔයාලා හැමෝම මේ දවස් ටිකේම දකින්න ඇති සැරියුත් මුගලන් අගසවු දෙනමගේ අතු උතුම් ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කරවලා ප්‍රදර්ශනයට සූදානම් වෙනවා.

    හිතුනා 2600 වෙනි සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් සැරියුත්, මුගලන් ධාතු විස්තරය ඔයලාට කියන්න ඕනා කියලා.

    4480865604_56f5d9738c_z.jpg


    දෑගසව්වන්ගෙන් මුලින්ම පරිනිර්වානයට පත්වන්නේ සැරියුත් මහ තෙරුන් වහන්සේයි. උන්වහන්සේ පිරිනිවන සඳහා බුදුරජානන් වහන්සේගෙන් අවසර ගෙනෞන්වහන්සේ උපන් නාලක බමුණු ගම වෙත වැඩමකරවනවා. එලෙස නාලක බමුණු ගමේ පිරිනිවනට ගිය උන්වහන්සේගේ ශ්‍රී දේහය තෙල් සහිත රන් දෙණක බහා චිතකයක නංවා ආදාහනය කල බව කියවෙනවා.
    එසේ ආදාහනයෙන් පසු උන් වහන්සේගේ ධාතූන් වහන්සේලා බුදුරජුන් වෙත පිලිගන්වන්නේ චුන්ද මහ රහතන් වහන්සේ විසිනුයි. ඉන්පසු බුදු ජානන් වහන්සේගේ අනුදැනුම පරිදි අස්ථි ධාතූන් අජාසත්ත මහ රගතුමා විසින් රජගහ නුවර ස්තූපයක් බඳවා වැඳුම් පිදුම් වෙනුවෙන් අවශ්‍ය සකලාංගයන් සූදානම් කල බව කියවෙනවා.

    4480865928_eac9aa90dd_z.jpg


    මහා සාරිපුත්ත තෙරුන්වහන්සේගේ පරිනිර්වානයෙන් හරියටම දින 15කට පස්සේ තමයි මහාමුගලන් මහ තෙරුන් වහන්සේගේ පිරිනිවන සිදුවන්නේ. ඒ කාලසිලා නුවරදී. මහ මුගලන් වහන්සේ පිරිනිවන් පෑමේදී විපාක දුන් අකුසල කර්මය පිළිබඳ හැමෝම දන්නවා ඇති කියලා හිතෙනවා. ඒ ගැන මේ අවස්ථාවේ මම සඳහන් කරන්නේ නෑ. උන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුවත් අජාසත්ත රජතුමා වේළුවනාරාමයට සමීප ස්ථානයක මහා සෑයක් බඳවා වන්දනාමාන වෙනුවෙන් තැන්පත් කල බව කියවෙනවා.

    පසු කාලයේ ඉන්දියාවේ රජ කල ධර්මාශෝක රජතුමා මොග්ගල්ලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ උපදෙස් මත ඒ ස්ථූප හදූනාගෙන ඒවා විවෘත්ත කරවා දඹදිව ස්ථාන කිහිපයකම දෑගසව්වන් වහන්සේලාගේ අති උතුම් ධාතුන් වහන්සේලා තැන්පත් කර වෙහෙර කරවූ බව කියවෙනවා.

    මෙලෙස කරවූ ස්තූප 03ක් සාංචියෙහි පිහිටා තියෙනවා. ඉන් එක් ස්ථූපයක අප මහා බුදුරජානන් වහන්සේගේ ධාතූන් වහන්සේලාත් අනෙක් ස්ථුපයේ මොග්ගල්ලීපුත්ත තිස්ස තෙරුන් වහන්සේගේ ධාතූන් වහන්සේලාත් අවසාන ස්ථූපයේ දෑගසව්වන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාත් තැන්පත් කර තිබෙනවා.
    1851 වසරේ මේ තෙවන ස්ථූපයේ කැනීම් කටයුතු පුරාවිද්‍යා ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසින් සිදු කරනවා. එසේ කැනීම් කටයුතු සිදුකරගෙන යන අවස්ථාවේ ගර්භයේ මුදුනේ සිට අඩි පහක් පමන යටින් පිහිටි ගල්පුවරුවක් ඔහුට හමුවෙනවා. එය ඉවත් කිරීමෙන් පසුව අළු පාටට හුරු වැලි ගලින්නිම කරන ලද ඉතාමත් අලංකාර ගල් පෙට්ටි දෙකක් ඔහුට හමුවෙනවා. මේවා දිගින්,පළලින් උසින් අඩි 1 1/2 ක් පමන තරමේ ඒවා.
    දකුණු පැත්තේ පිහිටි පෙට්ටි පියනේ "සාරිපුත්ත ගේ" යන අරුත දෙන "සාරිපුත්තස" යන්න බ්‍රාහ්මීය අක්ෂර වලින් කොටා තිබුනු බව කියවෙනවා. ඒ වගේම වම් පෙට්ටියේ පියනේ " මහ මුගලන් ගේ" යන අරුත දෙන "මහ මොගලානස" යන්න සඳහන් වී තිබුනි බව කියවෙනවා.

    දකුණුපස තිබුනු වැලි ගල් පෙට්ටිය විවෘත්ත කළ කල්හී ඒ තුල තවත් ඉතාමත්ම අලංකාර මෘදු කරඬුවක් තිබිලා තියෙනවා. ඊට අමතරව සාරිපුත්ත මහ තෙරුන් වහන්සේගේ චිතකය ආදාහනයෙන්පසුව ගත්තායැයි සැලකෙන සඳුන් කැබලි කිහිපයකුත් හමුවෙලා තියෙනවා. කරඬුපියන ඇතුල් පැත්තේ කලු පැහැයට හුරු දැලි තීන්ත වලින් "සා" යන්න බ්‍රාහ්මීය අක්ශර වලින් යොදා තිබුනාලු.
    කරඬුව තුල සැරියුත් මහ තෙරුන් වහන්සේගේ සුදු පාටට හුරු අඟලකට වඩා දිගින් අඩු අස්ථිකැබලි කිහිපයක් තිබී තියෙනවා. ඊට අමතරව මුතුකැට කිහිපයකුත් මැණික් කැබලි කිහිපයකුත් ඒ තුල තිබිලා තියෙනවා.

    වම් පසින් තිබුන වැලි ගල් පෙට්ටිය විවෘත්ත කල අවස්ථාවේත් සාරිපුත්ත තෙරුන් වහන්සේ ගේ ධාතු තැන්පත් කර තිබූ කරඬුවට සමාන කරඬුවක් හමුවෙලා තියෙනවා.
    කරඬුපියන ඇතුල් පැත්තේ කලු පැහැයට හුරු දැලි තීන්ත වලින් "ම" යන්න බ්‍රාහ්මීය අක්ශර වලින් යොදා තිබුනාලු.ඒ තුල අති උතුම් මුගලන් මහ තෙරුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩහිඳලා තියෙනවා. අඟල් 1/2 ක් පමන දිගින් යුතු ධාතූන් වහන්සේලාගේ වර්ණය සුදුපැහැයට හුරුයි කියලා තමයි කියවෙන්නේ.

    දෑගසව්වන් වහන්සේලාගේ උතුම් බව පින්වන්ත බව දෙවෙනි වන්නේ අප මහා බුදුරජානන් වහන්සේගේ පුන්‍ය මහිමයට පමනයි. දකුණත් සව් සාරිපුත්ත මහ තෙරුන් වහන්සේ ගෞතම බුද්ධ සාසනයේ බුද්ධිමත් භික්ෂුන් අතරින් අග තනතුර මෙන්ම දම් සෙනෙවි තනතුරෙන් ද පිදුම් ලැබුවා. උන්වහන්සේගේ බුද්ධි මහිමය දෙවෙනි වන්නේ බුදුරජානන් වහන්සේට පමනයි.
    ඒ වගේම වමත් සව් මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ඉර්දිමතුන් අතරින් අග්‍රස්ථානය වගේම දම් පුරෝහිත තනතුරෙනුත් පිදුම් ලැබුවා. උන් වහන්සේ ඉර්දි බලයෙන් කල හපන්කම් ගැන කුඩා කාලයේ කතාන්දර ගොඩාක් අපේ පාසල් පොත්වල තියෙනවා. උන්වහන්සේ ඒ හැකියාවෙන් දෙවෙනි වන්නේ බුදුරජානන් වහන්සේට පමනයි.

    දෑග සව්වන් වහන්සේලා වන්දනාව අපේ සමාජයේ නැති තරම්. උන්වහන්සේලාගේ පින්වත් බව හදූනන්නේ අද සමාජයේ කිහිප දෙනෙක් පමනයි. උන්වහන්සේලාගේ සරණටත් වඩා දේවාල වල දෙවියන්ගේ සරණ පතන පිරිස අද සමාජයේ වැඩියි.
    සරළ උදා හරනයක් කියන්නම්.කුඩා දරුවන් පොත් අත තබන අවස්ථාවේ නැති නම් අකුරු කියවන අවස්ථාවේ සරස්වතී පූජාවක් සිදු කිරීමටත් ගන දෙවියන්මුල් කරගෙන එම කටයුත්ත කිරීමටත් අද සමාජම පෙළඹිලා තියෙනවා. බෞද්ධයන් හැටියට අපි මේ කටයුත්තේ දී මූලික කරගතයුත්තේ බුදුරජානන් වහන්සේ හැරුනුකොට සැරියුත් මහ තෙරුන් වහන්සේ නේද? සරස්වතී පුජාවත් ගන දෙවියන්ගේ පූජාවත් සිදු කලාට වරදක් නෑ. නමුත් බෞද්ධයන් වශයෙන් බුදුරජානන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් සිහි කර මේ කටයුත්ත සිදුකලා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස.

    දෑග සව්වන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා වැඳ නමස්කාර කරගන්නට ශ්‍රී ලාංකීය අපිට අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. ඒ 17-18-19 තෙදින තුල සිරස වෙසක් කලාපය බේබෲක් පෙදෙසේදී. (කොළඹ 02). පුළුවන් කමක් තියෙනවා නම් මේ මාහැඟි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.
    විශේෂයෙන්ම ඉගෙන ගන්නා දරුවන්ට සාරිපුත්ත මහ තෙරුන්ගේ ධාතු වන්දනාමාන කර ගැනීම මහත්පල මහානිශංෂගෙන දෙනවා කියන එක ඇත්තක්.

    මේ කටයුත්ත සංවිධානය කරන සිරස ආයතනයට ස්තුතිය පුද කරන්නත් කැමතී.

    2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් Mr.පෙරේරාගෙන් හැමෝටම පොඩි දහම් තිලිණයක්. සෑම දෙනාගේම දැනුම වර්ධනයට උපකාරී වේවා!
    හැමෝටම ප්‍රීතිමත් වෙසඟක්
    තෙරුවන් සරණයි.

    කුඩාකල පටන්ම දෑග සව්වන්ගේ පින්වත් බව මට කියා දුන් ගයාන් චාණුන විදානපතිරන සොයුරාට විශේෂ ස්තුතිය.

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එල එල
    පෙරේරා මහත්තයාගෙන් වටිනා ත්‍රෙඩ් එකක්
    බුදු සරණයි....
    පින්බර වෙසක් මංගල්‍යක් වේවා...!!!
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අමුතුවෙන් කියන්න දෙයක් නෑ හොඳ thread එකක්
    පෞද්ගලිකවම කිසිම ආකාරයෙ වන්දනාවකට මගේ එ තරම් ලැදියාවක් නෑ

    නමුත් මේ කියන කතාව සහතික ඇත්ත


    .....
    සරළ උදා හරනයක් කියන්නම්.කුඩා දරුවන් පොත් අත තබන අවස්ථාවේ නැති නම් අකුරු කියවන අවස්ථාවේ සරස්වතී පූජාවක් සිදු කිරීමටත් ගන දෙවියන්මුල් කරගෙන එම කටයුත්ත කිරීමටත් අද සමාජම පෙළඹිලා තියෙනවා. බෞද්ධයන් හැටියට අපි මේ කටයුත්තේ දී මූලික කරගතයුත්තේ බුදුරජානන් වහන්සේ හැරුනුකොට සැරියුත් මහ තෙරුන් වහන්සේ නේද? සරස්වතී පුජාවත් ගන දෙවියන්ගේ පූජාවත් සිදු කලාට වරදක් නෑ. නමුත් බෞද්ධයන් වශයෙන් බුදුරජානන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් සිහි කර මේ කටයුත්ත සිදුකලා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස.

    .......

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බො‍හොමත් ම පින් මේ වගේ කාරණා අපේ අයගේ දැණුම වෙනුවෙන් රැගෙන එනවට.