Sky Club in Sri Lanka (suppa macho)

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    කොහොමද එලකිරි කොල්ලෝ
    ෆිට් එකේ ඉන්නවනේ නේද?
    එහෙනම් එළකිරි හරිය මාත් ෆිට් එකේ ඉන්නවා
    මචන්ස්ලා මං මේ උඹලව දැනුවත් කරන්න යන්නේ අපේ රටේ තියෙන තවත් එක ගුවන් ක්‍රියාකාරකමක් ගැන..
    පුදුමත් හිතෙයි මේ ගැන දැනුවත් නැති අයට..

    කොහොමද පැරෂුට් එකකින් උද ඉඳලා බිමට එන්න තිබුනනං
    ඊට කලින් තව පොඩි වැදගත් දෙයක් තියෙනවා කියන්න
    මේ ගැන මටත් කිව්වේ අපේ අයියා කෙනෙක්..එයාවත් මේ වෙලාවේ මතක කරන්නම ඕනේ..
    ඔයාලට මතකනම් නිදහස් උස්සවය දවසේ අපේ ජාතික කොඩියත් අරගෙන පැරෂුට් එකකින් බිමට කෙනෙක් එනවා
    මේ මං කිව්වෙත් එයා ගැන තමයි

    25519020979806545751397.jpg

    මේ ඉන්නේ එතුමා...

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ බලකායේ වින් කමාන්ඩර් හරිස්චන්ද්‍ර හේරත්..
    ඔහු අපේ ගමට වගේම රටටත් ආබරණයක්..අන්තර් ජාතික මට්ටමේ පැරෂුට් තරඟ රැසක ජයග්‍රහණ වලට මොහු හිමිකම් කියනවා..
    පසු ගිය යුද සමයේ ඇති විශාල සේවය නිහඬව සිදුකර තිබෙන තවත් අපේ රණවිරුවන් පිරිසක් මෙතුමා සතුයි...
    ශ්‍රී ලංකා පැරෂුට් බලකායේ ප්‍රදාන පුහුණු කරු ලෙසත් මොහු කටයුතු කරනවා..
    මේ තියෙන්නේ ඔහුගේ facebook profile එක..

    http://www.facebook.com/harishchandra.herath

    දැන් අපිටත් ඒ අවස්තාව හම්බවෙලා තියෙනවා

    image3221.jpg

    ඒ Sky Club ආයතනයෙන්
    ..ආසියාවේ මුල්ම වතාවට තමයි මේ වගේ ආයතනයක් පටන්ගෙන තියෙන්නේ..
    ඔයාලත් කවදාහරි දවස හිතුවනම් පැරෂුට් එකකින් බිමට එන්න දැන් චාන්ස් එකක් තියෙනවා..

    29605124953953896951397.jpg

    අඩි 12000 පමණ ඉහල අහසේ සිට බිමට එන්න පුළුවන්..

    මේ එක අවස්ථාවක් සඳහා රුපියල් 30000 සිට ඉහලට අය කිරීමක් වෙනවා(ඊට අඩුවෙනුත් ඇති) මේ ගාන මං කිව්වේ මං දැනුවත් විදිහට
    ඊට අමතරම ආසියාවේ ප්‍රථම වතාව Para motor (පැරා මෝටර් )නමින් තවත් ක්‍රියාකාරකමක් තියෙනවා

    39115721133031561971810.jpg

    39219321132970228644610.jpg

    39960721133077228633910.jpg

    මේ තියෙන්නේ ඒක...
    මං දැන් යාලුවන්ට මේ අවස්තාව ලබාගන්න හැටි කියන්නම්
    මේ තියෙන්නේ
    දුරකථන අංකය : 011 2599900
    fax අංකය : 011 4512232
    මේ ඒ ආයතනයේ ලිපිනය : 15.skelton road,Colombo
    E mail: [email protected]

    මේ ඕනෙම එකකින් ඒ ආයතනය සම්බන්ද කරගන්න පුළුවන්..
    කංසා මල්ලිටත් අවස්තාව ලබාදුන්නා එතුමා නොමිලේම..මට පමණක් නෙවෙයි අපේ ගමේ මගේ යාලුවන්ටත් ඒ අවස්තාව ලබා දී අප වෙනුවෙන්ද යුතුකම් ඉටුකරා..ඒ ගැනත් මේ වෙලාවේ එතුමන්ට ස්තුතිය පුද කරන්න ඕනේ

    ඉතින් අපේ එළකිරි යාලුවන්ටත් කියන්නේ මේ අවස්තාව පුළුවන් කමක් තියෙනවනම් අරගන්න කියලා..
    ඔයාලගේ ජීවිතේටත් අමුතුම අත්දැකීමක් වෙයි මේක...
    ඇත්තටම මේක මටනම් කියාගන්න බැරි තරම් ලොකු අත්දැකීමක් උනා..

    මේ පිළිබඳව මං ගොඩක් දැනුවත් නෑ..තවත් විස්තර ඉක්මනටම දෙන්නම්..
    වැදගත් උනානම් කමෙන්ට් එකකින් හරි සහයෝගයක් මටත් දෙන්න හරිය..

    ජය ශ්‍රී එහෙනම් හැමෝටම !!!!

    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බැරිවෙයිද මචන් අපිටත් නොමිලේ අවස්ථාවක් ලබාගන්න
    මොනා උනත් ඇත්තටම හොද ක්‍රියාවක් තමයි මේ කරන්නෙ ටීවී එකෙත් මේක පෙන්නුව මතකයි මචන්
    තෑන්ක්ස් කන්ස ශෙයාර් කරාට
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    බැරිවෙයිද මචන් අපිටත් නොමිලේ අවස්ථාවක් ලබාගන්න
    මොනා උනත් ඇත්තටම හොද ක්‍රියාවක් තමයි මේ කරන්නෙ ටීවී එකෙත් මේක පෙන්නුව මතකයි මචන්
    තෑන්ක්ස් කන්ස ශෙයාර් කරාට
    හිකිස්‌..
    එහෙනම් හෙටම sky club වහයි යකෝ :baffled:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මේක නම් ජීවිතේට හම්බෙන සිරාම අත්දැකීමක් වෙයි..අඩෝ උඹ සකයි ඩයිවින් එකක් කලාද? කොහොමද? පට්ටද? මගේ තියන ආසවල් වලින් එකක් තමා ඔය සක්යි ඩයිවින් එකයි අන්ඩර් වොටර් කොරල් බලන්න ආවයි..ඔය දෙකම මට තාම කර ගන්න බැරි උනා..

    මේ ළගදි බැලුව හින්දි ‍ෆිල්ම් එකක් Zindagi Na Milegi Dobara ..ළගදි කිවුවට ළගදිම නෙවේ

    Zindagi-Na-Milegi-Dobara.jpg

    මේකෙ කියවෙන්නේ යාලුවෝ 3න් දෙනෙක් ගැන..උන් 3න් දෙනා ප්ලෑන් කරන ඉවෙන්ට් වල ස්කයි ඩයිවින් එකකුත් තිබ්බ..

    ඒක දැක්ක දවසේ ඉදල මටත් ආස හිතුනා ඕක ට්‍රයි කරන්න..ඒත් ලංකාවේ ඕක නැතුව ඇති කියල හිතුවේ..දැන් මේක දැක්කම මාර සතුටක් ආව...දැම්මම නම් බෑ මචං..සල්ලි නෑ මෙ ටිකේ ,අතේ සතේ නැතුව රිම් එකත් දිරල ඉන්නේ..කවද හරි කරන්නම ඕන ඕක...ගොඩක් සතු‍ටුයි මේක ලංකාවෙත් තියන එක ගැන...;)

    ඒ වගේම මේ විස්තරය ගෙනාපු උඹටත් බොහොම පිං.. :)
    +++

    p.s-අඩෝ කංස මල්ලි..උඹ ගාල්ලෙද? :rolleyes:
     
    ඔව් මචන් කරා...
    පට්ට බං..සිරාවට අපි හිතනවට වඩා ගොඩක් දේවල් තියෙනවා...
    වලාකුළු අස්සෙන් එද්දී මුළු ඇඟම තෙමෙනවා බං..පැරෂුට් ඒක දාන්න කලින් පැයට හැතැප්ම 246ක වේගෙන් පල්ලෙහට වැටෙනවා
    ඒ වෙලාවේදී අපිව මීටර් 600ක රව්මක් අරගෙනත් යනවා..
    පැරෂුට් ඒක දැම්මට පස්සේ අයෙත් අඩි 1500ක් විතර උඩට යනවා
    ඊට පස්සේ ඉතින් චූන් එකේ රව්මක් එහෙම දාලා බිමට එනවා..

    මම ගාල්ලේ නෙවෙයි මචන් නුවර
     
    Last edited: