SKYLARK ට ප්‍රශ්නයක්- ප්‍රානගාතය

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
SKYLARK ට ප්‍රශ්නයක්- ප්‍රානගාතය

පිංවත් ස්කයිලාක්,

මම ලංකාවේ උසස් අධ්‍යාපනය ලබා GRE, TOEFL කර ඇමෙරිකාවට ආවා. මම ජීව විද්‍යාව තමයි මගේ පලමු උපාධියට කලේ. මම ඇමරිකාවේ එක්තරා ලෙඩක් ගැන පර්යේශනයක් කලා මගේ ආචාර්ය උපාධියට. එහිදී මෙම ලෙඩේ සම්බන්ද අනුක ජීව විද්‍යාත්මක පසුබිම සොයාගන්න මට ඒ ලෙඩේ කෘතිමව හැදූ මීයන් බොහෝ දෙනෙක් මරන්න සිදුවුනා. උන් මරා උන්ගේ සරීරයේ පටක, මොලය, හදවත, අක්මාව ආදිය ගැන පර්යේශන කලා. දැන් මම POST DOC එකක් කරනවා ඒ ලෙඩේ ගැනම. මේ ආයතනයේදී මට තියෙන්නේ නොයෙකුත් නව රසායනික ද්‍රව්‍ය මීයන්ට දීලා උන්ව නොමරා නිරීකශනය කර සහ මරා ලෙඩේට සම්බන්ද ජීව විද්යාත්මක අනු එන්සයිම ආදිය නැති වනවාද බැලීමයි.

අවංකවම මේ ලෙඩේ හැදුන අය ගැන මට ඇත්තේ අනුකම්පාවක් පමණයි. මම මෙසේ මීයන් මරන්නේත් , මැරුවේත් මගේ ජීවිතයට අවශ්‍ය දේවල් (PhDඋපාධිය, POST DOC පඩිය, කීර්තිය ) ආදිය නිසා මිසක් මේ ලෙඩේ හොඳ කරනව කියන චේතනාවෙන් නෙවෙයි. මේ ලෙඩේ හොඳ කරන්න ලෝකය පුරා විසාල ප්‍රමානයක් පර්යේශකයන් වෙහෙසෙනවා. මගේ ප්‍රශ්නය නම් බෞද්ධයෙක් විදියට මෙසේ ලෙඩක් හොඳ කරන්න හෝ බේත් සොයන්න ප්‍රානගාත අකුසලය කිරීම සාදරනීකරණය කර හැකිද යන්නයි.

ඔබට බොහෝ පින්!
 
Last edited:
  • Like
Reactions: amaris NO 1

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පින්වත් Harvard-Bio,

ඔබ කරන ක්‍රියාව බෞද්ධයෙකුට සාදාරනීකරණය කල නොහැකියැයි කීම ගැලපෙන ප්‍රකාශයක් නොවෙයි. එය බෙහෙවින්ම සීමා සහිතව සාදාරනීකරණය කල හැකි අල්ප මාත්‍ර ඉඩක් තියෙනවා. ඒ වගේම ඒ අල්ප මාත්‍ර ඉඩ බෞද්ධයෙකුට ඉක්මනින්ම නැතිව යනවා. නමුත් මෙතනදී බෞද්ධයෙකුට එම ක්‍රියාව සාදාරනීකරණය කල හැකිද, නොහැකිද යන්න විමසා බැලීමට වඩා "මගේ ක්‍රියාව යහපත්ද, අයහපත්ද? යහපත් නම් එහි වැඩි වැඩියෙන් යෙදෙන්නේ කෙසේද? අයහපත් නම් එයින් මිදෙන්නේ කෙසේද?" ලෙස විමසා බැලීම වඩා වටිනවා.

ඔබ කැමති උවත් අකමැති උවත් ඔබ කරන ක්‍රියාව හේතුවෙන් යම් යහපත් බවක් සතුන්ට හෝ මිනිසුන්ට ඇතිවෙනවානම් ඊට ලැබෙන අනුරූප යහපත් විපාකය ඔබටමයි. එලෙසම ඔබ කැමති උවත් අකමැති උවත් ඔබ කරන ක්‍රියාව හේතුවෙන් යම් අයහපත් බවක් සතුන්ට හෝ මිනිසුන්ට ඇතිවෙනවානම් ඊට ලැබෙන අනුරූප අයහපත් විපාකයත් ඔබටමයි.

මම හිතන්නේ මේ කාරණය ගැන ඔබට හිතන්න වත් ලැබීම, මේ ගැන සොයා බලන්න යොමුවීම ඔබේ භාග්‍යයක්මයි. මෙහිදී ඔබට මේ කරුණ ගැන පෙර කී සාදාරනීකරණය කල හැකි සීමාව, එය ඉක්මනින්ම ගිලිහී යන්නේ කෙසේද, ගිහි ජීවිතය, ශීලයේ විවිධත්වයන් සහ ප්‍රායෝගික සීමාවන්, පුද්ගල විවිධත්වය, අනුපූර්ව ලෙසින් ගැඹුරු ශීල විශුද්ධියක් වෙනුවෙන් කටයුතු කිරීම, මරණින් මතු විපාක ලැබෙයිද හෝ නොලැබෙයිද යන්න ගැන සැක නම් ඒ ගැන කවර ලෙසින් විමසා බලා කටයුතු කල යුතුද යන විස්තර ඇතුලත්ව මදක් දීර්ඝ ලෙසින් යමක් පැවසුවොත් එය ඔබට බෙහෙවින්ම උපකාරී වේවි.

මම දවසකින් හෝ දෙකකින් පමණ මේ විස්තර ඔබට ලබා දෙන්නම්. එතකන් ආර්යය පර්යේෂණය සහ අනාර්ය පර්යේෂණය ගැන කියවන්නකෝ: අරියපරියෙසන සූත්‍රය (සූත්‍ර පිටකය, මජ්‌ඣිම නිකාය, මූලපණ්ණාසකය) - http://thripitaka.org/view/sp/sp4/414

Skylark
 
Last edited:
  • Like
Reactions: krizta

HashiniBM

Member
Mar 12, 2016
863
62
0
A kale dostharala meeyo witharak neme minissuth marala parikshana kala
ehema hoya gaththa dewal walin adhatath thawa koti gaanak minissunge jeewithe berenawa
eka nisa berena eken labena pina wadi nisa minissu marapu pawa adu wenawa athi pala deddi
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    A kale dostharala meeyo witharak neme minissuth marala parikshana kala
    ehema hoya gaththa dewal walin adhatath thawa koti gaanak minissunge jeewithe berenawa
    eka nisa berena eken labena pina wadi nisa minissu marapu pawa adu wenawa athi pala deddi

    :angry::P :lol: පින් වලින් පව් කැපෙන්නේ නැහැ .
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    "චේතනාහම් භික්කවේ කම්මං වදාමි "

    එක නිසා ඔය වැඩෙන් මිනිස්සු ගොඩක් බෙරගන්න්න පුළුවන් වෙන එක ගැන හිතන්න
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පින්වත් Harvard-Bio,

    ඔබ කරන ක්‍රියාව බෞද්ධයෙකුට සාදාරනීකරණය කල නොහැකියැයි කීම ගැලපෙන ප්‍රකාශයක් නොවෙයි. එය බෙහෙවින්ම සීමා සහිතව සාදාරනීකරණය කල හැකි අල්ප මාත්‍ර ඉඩක් තියෙනවා. ඒ වගේම ඒ අල්ප මාත්‍ර ඉඩ බෞද්ධයෙකුට ඉක්මනින්ම නැතිව යනවා. නමුත් මෙතනදී බෞද්ධයෙකුට එම ක්‍රියාව සාදාරනීකරණය කල හැකිද, නොහැකිද යන්න විමසා බැලීමට වඩා "මගේ ක්‍රියාව යහපත්ද, අයහපත්ද? යහපත් නම් එහි වැඩි වැඩියෙන් යෙදෙන්නේ කෙසේද? අයහපත් නම් එයින් මිදෙන්නේ කෙසේද?" ලෙස විමසා බැලීම වඩා වටිනවා.

    ඔබ කැමති උවත් අකමැති උවත් ඔබ කරන ක්‍රියාව හේතුවෙන් යම් යහපත් බවක් සතුන්ට හෝ මිනිසුන්ට ඇතිවෙනවානම් ඊට ලැබෙන අනුරූප යහපත් විපාකය ඔබටමයි. එලෙසම ඔබ කැමති උවත් අකමැති උවත් ඔබ කරන ක්‍රියාව හේතුවෙන් යම් අයහපත් බවක් සතුන්ට හෝ මිනිසුන්ට ඇතිවෙනවානම් ඊට ලැබෙන අනුරූප අයහපත් විපාකයත් ඔබටමයි.

    ඇත්ත. මම කල දේ කිසිම යහපත් බවක් නැහැ. අහින්සක මීයන් සිය ගනනක ගේ ජීවිත මගේ අතින් විනාස උනා. ඔවුන් ගේ ජීවිත නැති කරන විට මගේ පසුතැවිල්ල නිසා මගේ සිතේ ක්‍රෝධයක්, තරහක් නැති බව සිහිකලා, ඔවුන්ට කිසිම දුකක් නොදැනී ඉක්මනින් මරණය ලඟවේවායි ප්‍රාර්තනා කලා. (සත්ව පර්යේශන රෙගුලාසි වලට අනුව ඔවුන්ගේ ජීවිත නැති කල යුත්තේ කාබන් ඩයොක්සයිඩ් වායුව පිරෙන කුඩා කූඩුවකට දැමීමෙන් හෝ උගුරු දන්ඩ කැඩීම cervical dislocation මගින්ය.) මේ දේවල් කරද්දී මගේ සිතේ මීයන් ගැන ක්‍රෝධයක් තරහවක් නැති බව සිහි කලා පමණයි. සමහර විට මෙවැනි පවු කිරීමට සිදුවන පරිසරයකට ඒමට සිදුවුනේ මගේ පෙර පවක් නිසා වෙන්නත් ඇති. මින් ගැල වෙන මඟ නම් මේ පර්යේශන වලින් අයින් වීමයි. එවිට මගේ රැකියාව පිලිබඳ ප්‍රස්නයකට මට මුහුන පාන්න වෙනවා. මේක මඟ හිටියෝත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී වගේ තත්වයක්.
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් Harvard-Bio,

    මදක් පමා වූවාට සමා වෙන්න. මේ ඔබේ ප්‍රශ්ණයට මගේ පිලිතුර: http://www.trekmentor.com/si/content/book/439

    එහි යම් අපැහැදිලි බවක් ඇත්නම් මෙතනම සඳහන් කරන්නකෝ.

    Skylark

     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පින්වත් Harvard-Bio,

    මදක් පමා වූවාට සමා වෙන්න. මේ ඔබේ ප්‍රශ්ණයට මගේ පිලිතුර: http://www.trekmentor.com/si/content/book/439

    එහි යම් අපැහැදිලි බවක් ඇත්නම් මෙතනම සඳහන් කරන්නකෝ.

    Skylark


    බොහෝම පින් ලැබේවා. මම ඊයේ රෑ සිට මේ පිලිතුරට සවන් දෙනවා. බොහෝ පින් ඔබට.
     

    16412

    Member
    Apr 12, 2016
    23
    12
    0
    බොහෝම පින් ලැබේවා. මම ඊයේ රෑ සිට මේ පිලිතුරට සවන් දෙනවා. බොහෝ පින් ඔබට.

    umbatath boma pin macho. umba ahapu prashne nisa maath godak gatalu wisanda gaththa.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් Harvard-Bio,

    පෙර දහම් දේශනාවේ යම් යම් අඩුපාඩු කිහිපයක් දුටු හෙයින් මම එහිම තැනින් තැන සංස්කරණය කලා. දෙවන සංස්කරණය http://www.trekmentor.com/si/content/book/439 තැනම තිබෙනවා. පෙර සංස්කරණය ඇසුවා නම් නැවත මෙය අසන්න තරම් අවශ්‍යතාවක් නැහැ (එතරම් වෙනස්කම් කර නැහැ). නමුත් යම් දවසක නැවත අහන්න සිතුනොත් මේ නව සංස්කරණයට සවන් දෙන්න.

    දින කිහිපයකට පෙර ත්‍රිපිටකය කියවන විට මට ඡළඞ්‌ගදාන සූත්‍රය (සූත්‍ර පිටකය, අඞ්‌ගුත්‌තර නිකාය, ඡක්ක නිපාතය, දෙවතා වග්ගය) [ http://thripitaka.org/view/sp/sp15/112 ] හමුවුනා. මේ සූත්‍රය කියවා බලන්න. ලොණඵල වග්ගයේ නව වන සූත්‍රයේ පැවති ලුණු කැටයක් මහා ජල කඳකට දැමුවාට මහා දියකඳ ලුණු රස වෙන්නේ නැති අයුර සඳහන් උපමාවේ මෙන් ප්‍රමාණය කෙතරම්දැයි කියන්න බැරි තරමේ මහා ජල කඳක් උපමා කර ප්‍රමාණය කෙතරම් දැයි කියන්න බැරි තරමේ මහා පුණ්‍යස්කන්ධයක් ලෙස අංග හයකින් යුත් දක්ෂිණාව (දානය) මේ ඡළඞ්‌ගදාන සූත්‍රයේ විස්තර වෙනවා.

    මේ අංග හයකින් යුත් දක්ෂිණාව හොදින් තේරුම් ගෙන එහි යෙදෙන්න උත්සාහ ගන්න. මෙයත් ඔබට යහපත් දෙයක්. මේ දක්ෂණාවේ මෙකලත් යෙදෙන්න පුළුවන්.

    සංඝගත දක්ෂිණාව පිණිස ඔබ ඉන්නා ප්‍රදේශයේත් භික්ෂූන් වහන්සේලා ඇතැයි මම සිතනවා. හැබැයි භික්ෂූන් වහන්සේලාට මුදල් හෝ මුදල් මෙන් ව්‍යාවහාරයේ පවතින දේ (චෙක්පත්, credit card, debit card, git vouchers ආදිය) නම් දානය ලෙස හිතාගෙන දෙන්න එපා. භික්ෂූන් වහන්සේලාට මුදල් ආදිය දීම බොහෝම පාප ක්‍රියාවක්. භික්ෂූන් වහන්සේලා මුදල් ආදිය පිළිගැනීමත් බොහෝම පාප ක්‍රියාවක්. නමුත් භික්ෂූන් වහන්සේලාගේ යම් කටයුත්තක් පිණිස මුදල් අවශ්‍ය වේ යැයි ඔබට හිතුනොත් සහ ඊට දායකත්වයක් දරන්න ඔබ කැමති නම් ඒ ගැන භික්ෂූන් වහන්සේට දන්වා භික්ෂූන් වහන්සේ දන්වන දායකයෙකුට මුදල් දෙන්න. එහෙම නැත්නම් භික්ෂූන් වහන්සේගේ මුදල් භාවිතා කර කල යුතු යහපත් කටයුතු ඔබටම කර දෙන්නත් හැකියී. මුදල් භාවිතා කරන
    භික්ෂූ ප්‍රතිරූපකයෝ මේ කාලයේ බහුල ලෙස ඉන්නවා. ඔබ ඉන්නා ප්‍රදේශයේත් එවන් අය ඇතැයි සිතනවා. සමහරු දානයට එන්නේත් මුදල් ලැබීමත් අපේක්ෂාවෙන්. අර හාමුදුරුවන්ට මුදල් දුන්නාදැයි අසන භික්ෂූ ප්‍රතිරූපකයෝත් මම දැක තිබෙනවා. අංග හයකින් යුත් දක්ෂිණාවට යොමු වෙලා ඒ මතින් පාප ක්‍රියාවන් කර ගැනීම සුදුසු නැහැනේ. ඒ නිසයි අද කාලේ ව්‍යසනයක්ව ඇති භික්ෂූ ප්‍රතිරූපකයින්ගේ මුදල් භාවිතය ගැන මේ සඳහන් කිරීම කලේ.

    Skylark