මමනම් මේකෙ දෙපැත්තක් දකිනවා.
ගෑණු ලමයිගෙ ප්‍රොෆයිල් විදිහට ෆේස්බුකියෙ ගොඩක් තියෙන්නෙ බොරු ඒවා. කොල්ලො ඒවට කෙල්ලන්ගෙ ෆොටෝ දාල හදන්නෙ.
සමහර කොල්ලො තමන්ගෙ කෙල්ලව රවට්ටලා හෝ බොරු චාටුවෙන් හෝ ෆොටෝ අරගෙන අන්තර්ජාලයට දානවා. සමහර විට ඒ කෙල්ල ජීවිතේටවත් අන්තර්ජාලය පැත්තෙ ඇවිත් නැති වෙන්නත් පුලුවන්. මෙතනදී කොල්ලගෙ වැඩේ කොයි තරම් නිවැරදිද කියල ඔයාලටම තේරෙනවා ඇතිනෙ. තමන් ආදරය කරන කෙනාව ( සමහර විට ඇයගේ නිරුවත එහෙමත් නැත්නම් අඩනිරුවත ) මු ලෝකෙටම පෙන්නලා ආතල් දෙනවනම් අයා ඒ කෙල්ලට කොයි තරම් ආදරේද කියල හිතා ගන්න පුලුවන්.
ඇත්තටම සමහර කෙල්ලන්ට තියෙන එක එලියෙ තියාගෙන ඉන්න උණක් තියෙනවා. ඒක මේ රටට ටෙලි නාට්‍ය දෙකයි පනහෙ චිත්‍රපට වලින් කාලාන්තරයක් තිස්සෙ බෝ කරපු විෂබීජයක්. කෙල්ල පෙන්නගෙන ඉන්නවනම් අපි බැලුවම මොකද කියල හිතන්නෙපා. එයාට ඒකෙ වැරද්ද පෙන්නලා දෙන්න උත්සාහ කරන්න. එහෙම කෙල්ලෙක් ෆේස්බුකියෙ ඒ වගෙ පොටෝ එකක් දැම්මනම් ඒක මේ වගේ ෆෝරම් එකක එහෙමත් නැත්නම් බ්ලොග් එකක දාල ඒවට තවත් ප්‍රචාරය දෙන්න යන්නෙපා. කව්දෝ කලින් මේ ත්‍රෙඩ් එකේ කියල තිබ්බා කෙල්ලො කැමතියි තමන්ගේ ලස්සන වර්නනා කරනවට කියල. ඇත්ත අපි හමෝම කැමතියිනෙ ලස්සනට ඉන්න.ඉතින් ඔයාල ඇඟේ බාගයක් තුන් කාලක් එලියෙ තියන් ඉන්න කෙල්ලෙක්ට ලස්සනයි, මාර ගති, ඔයාව දැක්කම පිස්සු හැදෙනවා වගෙ කමෙන්ට් දැම්මම ඒක දකින වෙන කෙල්ලන්ටත් හිතෙනවා ඇති මාත් එහෙම හිටියනම් ලස්සන ඇති කියල. අන්තිමට ඔයාලගෙ ආතල් එකෙන් වෙන්නෙ තවත් කෙල්ලෙක් ඒ වලටම වැටෙන එක. අනික වලට වැටිච්ච කෙල්ලෙක් බොහොම කලාතුරකින් තමා වෙන කෙනෙක්ව ඒ වලට වැටෙන එක නවත්තන්නෙ. ගොඩක් වෙලාවට හදන්නෙ තවත් කෙනෙක්ව ඒ වලට ඇදල ගන්න.ඉතින් තවත් කෙනෙක් ඒ වලට නොවැටෙන්න ඔයාලත් වග බලා ගන්න ඕන.
තව දෙයක් තියෙනවා. ඔය ත්‍රෙඩ් එකට කැමති කට්ටියගෙන් මම අහන්නෙ. ඔයාල කැමතිද ඔයාගෙ ආදර වන්තියගෙ එහෙමත් නැත්නම් කසාද ගෑනිගෙ තමන්ගෙ සහෝදරියකගෙ එහෙමත් නැත්නම් හොඳම යෙහෙලියගෙ අඩ නිරුවත් ෆොටෝ එකක් මේ වගේ පබ්ලික් ෆෝරම් එකක වැටිලා අම්මට සිරි, පට්ට සෙක්සි, සිරා කෑල්ල බං නම්බරේ දියන්කෝ, මචං ගාන කීයද ? ගොනෙක්ද බං ඔය වගේ කමෙන්ට් වැටෙනවට. ඔයාල කැමතිද මුලු රටටම තමන්ගෙ හෙලුව පෙන්නපු කෙල්ලෙක් එක්ක යාලු වෙන්න. ඔයාල කොයි තරම් කෑ ගැහුවත් බහුතරයක් දෙනා බැඳපු දවසෙ රෑට ගෑනිගෙන් පිවිතුරුකම ගැන බලාපොරොත්තු වෙනවා නේද ?
මොඩ්ලින් කරන අය ගැන කියනවනම් ඒ අය 99.9%ක්ම ලංසි. ඒ කියන්නෙ ජාතියක් ආගමක් සංස්කෘතියක් නැති උදවිය. උන්ට ඕනෙ පාරෙ යන බල්ලෙක්ට හරි තමන්ගෙ එක පෙන්නල සල්ලි හොයන්න. මේක තාම සිංහල බෞද්ධ රටක්. අපිට ජාතියක් ආගමක් සංස්කෘතියක් කියල දෙයක් තියෙනවා. ඒක රැක ගන්න උත්සාහ කරන්න.නැත්නම් ඉස්සරහට පාරෙ බැහැල යන්න බැරි වෙන්නෙ ඔයාලගෙම දූවරුන්ට.
කෙල්ලො මෝඩ කමට හරි තියෙන උණකට හරි ෆේස් බුකියෙ දාන ෆොටෝ උලුප්පලා අරගෙන මේකෙ ආතල් දෙන්න පටන් ගන්නෙපා. ඇත්තටම ඇඩ්මින් මේ ගැන පොඩ්ඩක් හොයල බැලුවනම් හොඳයි.
ලිංගිකත්වය කාටත් අවශ්‍යයි. ඒත් සීමාවක් තියා ගන්න. නැත්නම් ඔයාලට මානසික ලෙඩ වලට බෙහෙත් ගන්න සායන ගානෙ ලගින්න වෙයි.