කවුද යකෝ අර සින්දු කියන්නේ බලන්න යන්න දෙන් නෑ උන් සින්දු කියනවත් එක්ක
arun 3 denata 2 year ban dala kiyanne aththada? dickwellayata 18 monthlu?
එංගලන්ත තරග සංචාරයේදී ජෛව ආරක්ෂණ බුබුල උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්කා ගුණතිලක අද පැවති විනය පරීක්ෂණයේදී වරද පිළිගෙන ඇති බව වාර්තා වනවා.
මේ හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් සඳහා වසර 02ක කාලයක් සඳහා ක්‍රිකට් තරග තහනමක් ද අමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් විනය කමිටුව විසින් නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, නිරෝෂන් දික්වැල්ලටද මාස 18ක කාලයක් සඳහා බලපැවැත්වෙන ක්‍රිකට් තරග තහනමක් සහ ඇමරිකානු ඩොලර් 25,000 ක දඩයක් නියම කිරීමට නිර්දේශ ඉදිරිපත්වී ඇත්තේ.
එංගලන්ත සංචාරයේ යෙදී සිටියදී ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ක්‍රියාකලාපය පිළිබඳව විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පත් කරන ලද පංච පුද්ගල විනය කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
අද පස්වරුවේ රැස්වූ විනය කමිටුව ගනු ලැබූ තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව වෙත යොමු කොට ඇති අතර එහිදී ඔවුන් විසින් එය අනුමත කළ යුතු වනවා.
ජුනි 27 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වෙල්ල සහ කුසල් මෙන්ඩිස් එංගලන්තයේ, ඩර්හැම්හි වීදිවල සැරිසරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා.
මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර බොහෝ ක්‍රිකට් ලෝලීන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හැසිරීම විවේචනය කරනු ලැබුවා.
nethnews
------
Post added on Jul 29, 2021 at 8:57 PM