ශ්රී ලංකාවෙන් දැවැන්ත ඉලක්කයක්. 320/4, දිල්ෂාන් නොදැවී 160
කොමන්වෙලත් බැංකු කුසලානය සඳහා ඕස්ටේ්රලියාවේ ඕවල් ක්රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ඉන්දියාව මහ ශ්රී ලංකාව අතර තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 50 අවසානයේ කඩුළු 4 පමණක් දැවී ලකුණු 320 ක් රැස්කරගෙන සිටී.
ශ්රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පිති හරඹයක යෙදුනු තිලකරත්න දිල්ෂාන් නොදැවීලකුණු 160ක් සහ කුමාර සංගක්කාර ලකුණු 105ක් ලබා ගත්තේය.
ඉන්දීය කණ්ඩායම මෙම තරඟයෙන් ජය ැනීමට නම් ලකුණු 321 ක් ලබා ත යුතු අතර අවසන් තරඟ සඳහා සහභාගී වීමට නම් ප්රසාද ලකුණක් දිනා ගැනීමට මෙම විශාල ඉලක්කය අඩු කඩුලූ ප්රමාණයකින් සහ අඩු පන්දු ඕවර් සංඛ්යාවකින්ද ලබා ගත යුතු වේ


===========================================================
යෝධ ඉලක්කය හඹා ගිය ඉන්දියාව ප්රසාද ලකුණක් සමඟ තරගය දිනයි
ශ්රී ලංකා කණ්ඩාම විසින් ලබාදුන් ලකුණු 321ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 36.4 අවසානයේ කඩුළු 3 ක් පමණක් දැවී තරඟය ජයගන්නට සමත්විය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි නොදැවී ලකුණු 133ක්, ගාම්බීර් ලකුණු 63ක්, රයිනා ලකුණු 40ක්, තෙන්ඩුල්කාර් ලකුණු 39ක්, ෂෙවාග් ලකුණු 30ක් ලබා ගනිමින් ඉන්දීය ඉණිම ශක්තිමත් කලේය.
මෙම ජයග්රහණයක් සමඟ ඉන්දීය කණ්ඩායමට ප්රසාද ලකුණක් සමඟ ලකුණු 15ක් ලබා සිටින අතර ඉදිරියේදී පැවැත්වෙන ශ්රී ලංකා ඕස්ටේ්රලියා තරඟයේ ජය පරාජය මත අවසාන තරඟ සඳහා ඕස්ටේ්රලියා කණ්ඩායම සමඟ තරඟ වදින කණ්ඩායම තීරණය වනු ඇත.

Last edited:

