no.. nope...
මචං A/L Fail (ඒ කිව්වෙ S1 හෝ S2 තිබිල ෆේල් වෙච්ච) Maths/Bio කරපු එකෙක් නම් කීයටවත් SLIIT එකේ BIT කරන්න යන්න එපා..!! මොකද මචං පිටින් ඒ ඩිග්‍රි එකට හොද පිලිගැනීමක් තිබ්බත්, SLIIT එක ඇතුලෙ නම් BIT උන්ව බල්ලන්ට දාල සලකන්නෙ.. මමත් මචං Maths කරේ 1st Shy S1 යි අනික් දෙකම කෙල වුනා.. but මට IT වලට තියෙන ආසාව හා A/L නැවත නොකරනවාය කියන හිතුවක්කාර මතය නිසා දෙවනි සැරේ නොකර SLIIT එකේ BIT කියන ඩිග්‍රිය තෝරා ගත්ත.. නමුත් BIT එකට වඩා ස්ලිට් එකෙ උඩින්ම තීන Degree එක තමයි DIT කියන්නෙ.. Bsc.Special (Hons) IT කියන්නෙ ඒකටමයි... SLIIT එකෙ BIT Degree කරන අය (ඒ ගොල්ලන්ට ඇතුලෙ කියන්නෙත් BIT තමා.. මට නම් දැන් ඔය නම අහනකොටත් මල පනිනව..) SLIIT එක ඇතුලෙ උන් සත පහකට් ගණන් ගන්නෙ නෑ..(Staff ඉදල Lecturers, Adminla ඔකොම BIT උන්ට බෙදන්නෙ අඩු හැන්දෙන්) මචං BIT එකෙ පලවෙනි අවුරුද්ද නොදැනී ගානක් නැතුව යයි.. ඒ වුනත් පස්සෙ පස්සෙ උඹලට දෙවෙනි අවුරුද්ද වගෙ යනකොට තේරෙන්න ගන්නව අපිට වෙනම හැන්දකින් නේද යකො මුන් බෙදන්නෙ කියල.. මොකද අපි AL ෆේල්නෙ.. අරුන් පාස්නෙ.. අපි බූරුවොනෙ.. නමුත් ගෙවන්නෙ එකම ගාන.. කරන්නෙ එකම වගෙ අමාරු Subjects (Subjects වලත් ලොකු වෙනසක් නෑ..BIT vs DIT එකම දේ පොත් දෙකක් නම් දෙහෙකින් ගහල.. සමහර Subjects වල නම් BIT කට්ටියගෙ ගොඩක් වෙනස්..)
මේකයි DIT කියන SLIIT Special Degree එක කරන්න A/L Art වලින් හරි පාස් වුනාම ඇති.. අන්තිමේ උන් ටික කලක් ගියැන් පස්සෙ අපිට කෝ චෝක් දාන්නත් එනව.. අපො උඹල BIT ද අපිට ඔයිට වඩා උගන්නනව.. අරව මේව බයිල... ඉතිං Maths/Bio කරපු අපිට දිවි නහගන්න තමා හිතෙන්නෙ..
මචං මගෙ සාරාංශය මේකයි.. දැනට මමත් කරන්නෙ SLIIT එකෙ BIT (නමුත් මම ඉස්සරහට මගෙ ප්ලෑන් ඔක්කොම වෙනස් කරන්නයි ඉනෙ.. මට මේ ආර්ට් කරපු එවුන්ට සෙකන්ඩ් වෙන්න කිසිම වුවමනාක් නැත..) මට වෙච්ච වැරදීම මේ ඉන්න කාටවත් නොවෙන්නයි මම මේ දේවල් අපෙ එලකිරි කොල්ලොන්ට කියන්නෙ..
මචං A/L පාස් නැත්නම් අපි කොච්චර වැඩ්ඩෙක් උනට අපිව ගනන් ගන්නෙ නෑ මේ සමාජෙ.. ඒකයි අපෙ රටේ තාමත් ඇත්ත තත්වෙ.. විශේෂයෙන් මම කියන්නෙ Maths/Bio කරපු එකෙක්නම් මචං පලවෙනි පාර කෙල බව දැන දැන මං කරපු වැරැද්ද කරන්න යන්න එපා!! මොකද SLIIT - BIT කරන්න ගත්තෙයින් පස්සෙ ආයි මාරු විලි(Transfer නැත) බොරු.
උඹට මගක් යනකොට A/L කරන්න හිතෙයි....ඒත් කරත් වැඩක් නෑ.. ආයි උන් DIT වලට මාරු කරන්නෑ උඹ AL කරත්.. මොකද ස්ලිට් එකේ BIT එක බල්ලට දාල සලකන්නෙ.. ඒක නිසා BIT කට්ටියට පිටදි කොච්චර ලොකු සැලකිල්ලත් ලැබුනත් ඇතුලෙන් වෙන මේ තැම්බීම කොන්ද පණ තියෙන කොල්ලෙක්ට/කෙල්ලෙක්ට කීයටවත් ඉවසන්න බැරි වේවි..ඔන්න ඕකයි මචං SLIIT - BIT කියන Degree එකේ ඇත්ත තත්වෙ.. මම SLIIT එකට නින්දා කරනව නෙවෙයි.. ඇත්තටම SLIIT එක කියන්නෙ දැන් ලංකාවෙ තියෙන් හොදම උසස් අධයාපන ආයතනයක් ...ඒවගේම ඉස්සරහට ලංකාවෙ ඉහලම විශ්ව විද්‍යාලයකුත් වෙනව අනිවාම...(Wso2, MIT වලත් දැන් ඉස්සරට වඩා SLIIT කට්ටියට ලොකු තැනක් තීනව) SLIIT එකෙ DIT කියන Degree එකට ඇත්තටම ගොඩාක් හොද තැනක් තියෙනව..ඒ ඔක්කොම හරි.. ඒත් වැරැද්ද තීන්නෙ පිටින් සාමානය හොද පිලිගැනීමක් තිබ්බත් SLIIT- BIT > Bsc.in IT (General) කියන Degree එකට SLIIT එකෙ ඇතුලෙ තීන මේ පහත් සැලකුම් තත්වය...(උඩින් ඔපෙ යටින් හපෙ වගෙ සීන් එකක් තීන්නෙ)
ඒක නිසා මම කියන්නෙ AL ෆේල් නම් මචං අනෙ මට ආයි කරන්න බෑ.. මට AL එපා.. යනාදී තාවකාලික හිතුවක්කාර සිතුවිලි ඇතිකරගෙන BIT වගෙ AL Fail අයට කරන්න පුලුවන් Degree කීයටවත් කරන්න යන්නෙ නැතුව.. SLIIT යනවානම් අනිවා DIT කරන්න.. Maths/Bio/Com/Art කිසි විෂය බාධාවක් නෑ.. 1st Shy A/L ෆේල් උනත් කමක් නෑ මචං Pending දාල DIT (Honours IT) කරන්න යන්න.. එතකොට ඔයාට දෙවෙනි පාර කරන ගමන් ස්ලිට් කරන්න පුලුවනි.. දෙවෙනි පාර බැරි උනොත් තුන්වෙනි පාරත් චාන්ස් එකක් දෙනව ස්ලිට් එකෙනුත්... ඒ කියන්නෙ කොහොම හරි තුන්වෙනි අවුරුද්ද පටන් ගන්නකම් SLIIT එකෙ Bsc. (Hons) IT කරන්න AL ඕනෑ නැත.. දෙවෙනි අවුරුද්ද අවසානයෙත් උන් AL තීනවද කියල බලල අන්න එතකොටත් උඹට AL නැත්නම් දානව උඹලව AL නැති උන් කරන SLIIT එකෙ බන්ධනාගාරය එහෙම නැත්නම් පුනරුතාපණ කදවුරට ඒ කියන්නෙ කලින් කියපු තැම්බීමේ වයාපාරය මොකක්ද SLIIT - BIT එකට දානව.. ඒක තීන්නෙ කොල්ලුපිටියෙ අර තනි එක් ටැම් ගෙයක් වගෙ බිල්ඩිමක..(SLIIT Metro) කිසිම ආතල් එකක් නැත..
ඇත්තම කතාව තමයි මචං Arts කරල AL නැතුව හරි කමක් නෑ pending දාල මාලබේ SLIIT - DIT Degree එක කරන්න යන්න... කිසි දේකට බය වෙන්න එපා.. ගිය එකෙක්ට ලේසියෙන් වරදින්නෑ මොකද ඒකෙ ඉන්නව සිරා ඩයල් ටිකක්.. උන් කෝම හරි කට්ටිය ගොඩ දාගෙන සෙට් එකම Degree එක ගන්න තමයි බලන්නෙ..(AL Math ෆේල් වෙලා ගිය උන්ට ඒකෙ ඉන්න සිරා පොරවල් ආර්ට් වලින් 2nd Shy කරන්න Classes හිටන් කරනව AL කිටිටු වෙද්දි)
ඒ නිසා කරනවනම් මචං AL නැතත්, AL ආයි කරන්න ආස නැතත්, Art කලත් කමක් නෑ IT වලට ආස කෙනෙක් නම් pending දාල SLIIT එකෙ BSc.Hons Degree (DIT) එක කරන්න යන්න... කීයටවත් මං කරගත්ත මෝඩ කම නම් කරගන්න එපා.. පසුතැවෙන්න වෙයි පසුවට... මම මේක කිව්වෙ බොක්කෙන්.. මට කාත් එක්කවත් තරහක් නෑ... ඇත්තටම SLIIT කියන්නෙ හොද තැනක් SLIIT IT වලට නමුත් ඒකෙ හරි Degree එක තෝරගැනීම ඔයාලට භාරයි..
මේ සම්බන්ධව නැවත මා විවාදයෙන් තොරයි.. උඹලට බුදු සරණයි..