SLPL අවිනිශ්චිතයි
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (එස්.එල්.පී.එල්.) දෙවැනි වරටත් පැවැත්වීමට සැලසුම් කර තිබුණද පසුගිය වසරේ කණ්ඩායම් හතෙහි හිමිකාරීත්වය දැරූ කිසිදු ඉන්දියානු සමාගමක් නැවතත් පැමිණෙනු ඇතැයි විශ්වාසයක් නොමැති බැවින් එස්.එල්.පී.එල්. තරගාවලිය මෙවර පැවැත්වීම ගැන අවදානමක් ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා 'මව්බිම'ට පැවැසීය.
පසුගියදා ඉන්දියාවේදී නිමවූ අයි.පී.එල්. තරගාවලියත් සමඟ මතුවූ අර්බුදකාරී තත්ත්වයන් හා එම ආකෘතියට සමානව ශ්‍රී ලංකාවේදී ඉදිරියට පැවැත්වීමට නියමිත එස්.එල්.පී.එල්. තරගාවලියකදී මතුවිය හැකි කාරණා මෙන්ම මෙරට සමස්ත ක්රීඩාවටම අදාළ කරුණු අලළා 'මව්බිම' සමඟ පැවැත්වූ විශේෂ පුවත්පත් සාකච්ඡාවකදී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම තොරතුරු අනාවරණය කළේය.
'ලබන අගෝස්තු - සැප්තැම්බර් කාලය තුළ දෙවැනි වරටත් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත මෙම එස්.එල්.පී.එල්. තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ පසුගියවර පැවැත්වූ තරගාවලියේදී එම ඉන්දියානු සමාගම් පාඩු ලැබීම හේතුවෙන් මෙවර නොපැමිණෙන බවත් ඔවුන්ට මුල් ගිවිසුමෙන් ලබාදුන් වසර 7ක හිමිකම් කාලය වසර 15ක් දක්වා දීර්ඝ කිරීම වැනි කොන්දේසි කිහිපයක් මෙවර ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති බවත්ය. අයි.පී.එල්. එකත් එක්ක සංසන්දනය කළාම අපේ තරගාවලිය සාර්ථක වුණේ නැහැ. මොනම ක්‍රීඩකයෝ සහභාගි වුණත් එස්.එල්.පී.එල්. තරගාවලිය සාර්ථක වෙන්න නම් ඉන්දියානු ක්‍රීඩකයන් සහභාගි විය යුතුයි. ඒ අනුව මෙවර එස්.එල්.පී.එල්. තරගාවලිය පවත්වනවාද නැද්ද කියන එක අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කරනවා' යනුවෙන්ද අමාත්‍යවරයා පැවැසීය.
ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියකු පත්කිරීමේ සූදානමක් තිබේද? යන පැනය යොමු කළ විට අමාත්‍යවරයාගේ අදහස වූයේ මාසිකව ලක්ෂ 5ක පමණ වැටුපක් හෝ ගෙවා සුදුසුකම්ලත් ප්‍රධාන විධායක නිලධාරියකු (ඛ්.ඡ්.ර්ණී)ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අලුතෙන් බඳවා ගැනීම අත්‍යවශ්‍යම කටයුත්තක් වී ඇති බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු ප්‍රධාන විධායක නිලධාරියකු විසින් මෙහෙයවිය යුතු ආයතනයක් බවත් මෙවන් ආයතනයක් මෙහෙයවීම ඡන්ද බලයෙන් පත්වී යන එන පරිපාලකයන්ගේ රාජකාරියක් නොවිය යුතු බවත් අමාත්‍යවරයාගේ අදහසයි.
'එසේ පත්වෙන පරිපාලකයන් විසින් ක්‍රිකට් ආයතනය දුවන්න ගියාමයි හැමදාම වගේ ප්‍රශ්න මතුවෙන්නෙ. පත්වෙන පරිපාලකයන්ගෙ කටයුත්ත විය යුත්තේ ඒ ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීමයි. එසේ නැතිව පූර්ණකාලීනව විධායක කමිටුව විසින් කටයුතු මෙහෙයවීමෙන් නැති ප්‍රශ්න ඇතිවෙනවා. ඒ නිසා පෞද්ගලික අංශයෙන් සුදුසුකම්ලත් දක්ෂ කෙනෙක් අපි ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි තනතුර සඳහා සොයනවා....' යනුවෙන්ද පැවැසීය.
Source : mawbima

.
.