SLPL අවිනිශ්චිතයි

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SLPL අවිනිශ්චිතයි

    644684_193159004152766_70917468_n.jpg

    ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (එස්.එල්.පී.එල්.) දෙවැනි වරටත් පැවැත්වීමට සැලසුම් කර තිබුණද පසුගිය වසරේ කණ්ඩායම් හතෙහි හිමිකාරීත්වය දැරූ කිසිදු ඉන්දියානු සමාගමක් නැවතත් පැමිණෙනු ඇතැයි විශ්වාසයක් නොමැති බැවින් එස්.එල්.පී.එල්. තරගාවලිය මෙවර පැවැත්වීම ගැන අවදානමක් ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා 'මව්බිම'ට පැවැසීය.

    පසුගියදා ඉන්දියාවේදී නිමවූ අයි.පී.එල්. තරගාවලියත් සමඟ මතුවූ අර්බුදකාරී තත්ත්වයන් හා එම ආකෘතියට සමානව ශ්‍රී ලංකාවේදී ඉදිරියට පැවැත්වීමට නියමිත එස්.එල්.පී.එල්. තරගාවලියකදී මතුවිය හැකි කාරණා මෙන්ම මෙරට සමස්ත ක්‍රීඩාවටම අදාළ කරුණු අලළා 'මව්බිම' සමඟ පැවැත්වූ විශේෂ පුවත්පත් සාකච්ඡාවකදී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම තොරතුරු අනාවරණය කළේය.

    'ලබන අගෝස්තු - සැප්තැම්බර් කාලය තුළ දෙවැනි වරටත් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත මෙම එස්.එල්.පී.එල්. තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ පසුගියවර පැවැත්වූ තරගාවලියේදී එම ඉන්දියානු සමාගම් පාඩු ලැබීම හේතුවෙන් මෙවර නොපැමිණෙන බවත් ඔවුන්ට මුල් ගිවිසුමෙන් ලබාදුන් වසර 7ක හිමිකම් කාලය වසර 15ක් දක්වා දීර්ඝ කිරීම වැනි කොන්දේසි කිහිපයක් මෙවර ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති බවත්ය. අයි.පී.එල්. එකත් එක්ක සංසන්දනය කළාම අපේ තරගාවලිය සාර්ථක වුණේ නැහැ. මොනම ක්‍රීඩකයෝ සහභාගි වුණත් එස්.එල්.පී.එල්. තරගාවලිය සාර්ථක වෙන්න නම් ඉන්දියානු ක්‍රීඩකයන් සහභාගි විය යුතුයි. ඒ අනුව මෙවර එස්.එල්.පී.එල්. තරගාවලිය පවත්වනවාද නැද්ද කියන එක අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කරනවා' යනුවෙන්ද අමාත්‍යවරයා පැවැසීය.

    ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියකු පත්කිරීමේ සූදානමක් තිබේද? යන පැනය යොමු කළ විට අමාත්‍යවරයාගේ අදහස වූයේ මාසිකව ලක්‍ෂ 5ක පමණ වැටුපක් හෝ ගෙවා සුදුසුකම්ලත් ප්‍රධාන විධායක නිලධාරියකු (ඛ්.ඡ්.ර්ණී)ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අලුතෙන් බඳවා ගැනීම අත්‍යවශ්‍යම කටයුත්තක් වී ඇති බවය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු ප්‍රධාන විධායක නිලධාරියකු විසින් මෙහෙයවිය යුතු ආයතනයක් බවත් මෙවන් ආයතනයක් මෙහෙයවීම ඡන්ද බලයෙන් පත්වී යන එන පරිපාලකයන්ගේ රාජකාරියක් නොවිය යුතු බවත් අමාත්‍යවරයාගේ අදහසයි.

    'එසේ පත්වෙන පරිපාලකයන් විසින් ක්‍රිකට් ආයතනය දුවන්න ගියාමයි හැමදාම වගේ ප්‍රශ්න මතුවෙන්නෙ. පත්වෙන පරිපාලකයන්ගෙ කටයුත්ත විය යුත්තේ ඒ ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම හා අධීක්‍ෂණය කිරීමයි. එසේ නැතිව පූර්ණකාලීනව විධායක කමිටුව විසින් කටයුතු මෙහෙයවීමෙන් නැති ප්‍රශ්න ඇතිවෙනවා. ඒ නිසා පෞද්ගලික අංශයෙන් සුදුසුකම්ලත් දක්‍ෂ කෙනෙක් අපි ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි තනතුර සඳහා සොයනවා....' යනුවෙන්ද පැවැසීය.


    Source : mawbima
     
    • Like
    Reactions: cspmaxx

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපරාදි:dull:.
    ලංකාවේ කම්පැනි වලට ටීම් දුන්නා නම් අවුලක් වෙන්නේ නෑ:rolleyes:.
     

    uditha224

    Well-known member
  • මේකට ඉන්දියන් ප්ලේයර්ස්ල ආවත් සාර්ථක වෙන්නේ නෑ.... අපේ උන් ක්‍රිකට් බැලුවට ඉන්දියන් උන්ට තරම් ක්‍රිකට් පිස්සුවක් නෑ... ඉන්දියන් උන් උන්ගේ වැඩ නවත්තල ක්‍රිකට් බලන්න ග්‍රවුන්ඩ් එකට එනවා... අපේ උන් ට්වී එකෙන් විතරක් බලනවා... අනික ඉන්දියාවේ ප්‍රාන්ත වල මිනිස්සු එකට එකා නෑ මේ වගේ ටුනමන්ට් වලදී, අපේ උන්ට මොන පළාත දින්නත් එකයි...
     
    • Like
    Reactions: Nu1Dnk

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපරාදි:dull:.
    ලංකාවේ කම්පැනි වලට ටීම් දුන්නා නම් අවුලක් වෙන්නේ නෑ:rolleyes:.

    ලංකාවේ කම්පැනි සල්ලි වියදම් කරන්නේ නෑ එච්චර ලංකාවේ තියන international tournament එකකට වත් අනුගහය දක්වන්නේ නැති එකේ ඕවට සල්ලි වියදම් කරයි ද ඔච්චර
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ලංකාවේ කම්පැනි සල්ලි වියදම් කරන්නේ නෑ එච්චර ලංකාවේ තියන international tournament එකකට වත් අනුගහය දක්වන්නේ නැති එකේ ඕවට සල්ලි වියදම් කරයි ද ඔච්චර

    siraawata.. lankaawe maha higanno inne :angry:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    oka nethi unoth hodai .oka palanaya karanne sumer set kiyana gu companiyen loka horu inne .anith peththen ottu karayo thamai team owner la monawa unath lankwe club cricket thama hodai me jara slpl ekata wada.
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ලංකාවේ කම්පැනි සල්ලි වියදම් කරන්නේ නෑ එච්චර ලංකාවේ තියන international tournament එකකට වත් අනුගහය දක්වන්නේ නැති එකේ ඕවට සල්ලි වියදම් කරයි ද ඔච්චර

    Sirawata ban
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    'SLPL franchises pulling out' - sports minister


    The future of the Sri Lanka Premier League appears uncertain, with the country's sports minister quoted by a local paper as saying the franchise owners were "pulling out" over losses incurred in the first edition. The inaugural season of the SLPL was held last year after much uncertainty with no Indian players taking part, a development that hurt the league's commercial viability without significant viewership in the lucrative Indian market.

    "We have a problem this year. The franchise owners are pulling out," Mahindananda Aluthgamage, Sri Lanka's sports minister, told Ceylon Today. "The tournament is in trouble.

    "Whether we like or not, we should understand how important India is to a cricketing economy like ours. Without India nothing will be successful. We (the sports ministry) are going to discuss this with Sri Lanka Cricket and see what is the best they could do."

    When contacted by ESPNcricinfo, SLPL tournament director Ajit Jayasekara declined comment on the sports minister's statements but said as far as he knew, there were no issues with the tournament's second edition. Sandiip Bhammer of Somerset Entertainment Ventures, SLC's promotion partners for the league, was more forthcoming.

    "I have no clue of any pull-outs," Bhammer told ESPNcricinfo. "All the franchises are very much in and the tournament is very much on. The international players have signed letters of intent and we are looking ahead to the draft in the last week of this month."

    The seven SLPL franchises were not sold outright but instead were leased for a seven-year period by SLC, something the minister said was one of the impediments to their continued involvement with the league. "They (franchise owners) also want a longer period than the seven years if at all they were to reconsider their decision," Aluthgamage said.


    Having been initially announced for 2011, the first edition of the SLPL was postponed when the BCCI refused to issue no objection certificates for the participation of Indian players, around whom much of the sponsorship had revolved. The BCCI also denied Indian players permission to play in the 2012 edition, citing a home series against New Zealand as an obstacle.


    Source - ESPNcricinfo

    :rolleyes::rolleyes::rolleyes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේකට ඉන්දියන් ප්ලේයර්ස්ල ආවත් සාර්ථක වෙන්නේ නෑ.... අපේ උන් ක්‍රිකට් බැලුවට ඉන්දියන් උන්ට තරම් ක්‍රිකට් පිස්සුවක් නෑ... ඉන්දියන් උන් උන්ගේ වැඩ නවත්තල ක්‍රිකට් බලන්න ග්‍රවුන්ඩ් එකට එනවා... අපේ උන් ට්වී එකෙන් විතරක් බලනවා... අනික ඉන්දියාවේ ප්‍රාන්ත වල මිනිස්සු එකට එකා නෑ මේ වගේ ටුනමන්ට් වලදී, අපේ උන්ට මොන පළාත දින්නත් එකයි...

    oka thamai aththa kathawa.... indian unta oka agamak unata ape unta oka kreedawak vitarai...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලංකාවේ කම්පැනි සල්ලි වියදම් කරන්නේ නෑ එච්චර ලංකාවේ තියන international tournament එකකට වත් අනුගහය දක්වන්නේ නැති එකේ ඕවට සල්ලි වියදම් කරයි ද ඔච්චර
    ඒක නම් ඇත්ත බන්:yes:.රගර් වලට වියදම් කරන තරම්වත් ක්‍රිකට් වලට වියදම් කරන්නේ නෑ ලංකාවේ කම්පැනි:dull:
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    මේකට ඉන්දියන් ප්ලේයර්ස්ල ආවත් සාර්ථක වෙන්නේ නෑ.... අපේ උන් ක්‍රිකට් බැලුවට ඉන්දියන් උන්ට තරම් ක්‍රිකට් පිස්සුවක් නෑ... ඉන්දියන් උන් උන්ගේ වැඩ නවත්තල ක්‍රිකට් බලන්න ග්‍රවුන්ඩ් එකට එනවා... අපේ උන් ට්වී එකෙන් විතරක් බලනවා... අනික ඉන්දියාවේ ප්‍රාන්ත වල මිනිස්සු එකට එකා නෑ මේ වගේ ටුනමන්ට් වලදී, අපේ උන්ට මොන පළාත දින්නත් එකයි...

    kathawa aththa kolla! 100% agreed!
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SLPL to go ahead- Minister

    ports Minister Mahindananda Aluthgamage said today that the controversy-ridden Sri Lankan Premier League (SLPL) will go ahead as scheduled, adding that the ministry has sought the advice of the Attorney General regarding the extension of the franchise owner period to fifteen years instead of the current seven

    “The franchise owners have lost over USD 6 million last year alone and it will take around three to four years before their investments mature. The agreement stipulates that the ownership will be confined to seven years since it was not an outright sale of ownership and the owners have raised concerns regarding this,” he said.

    Speaking further to Daily Mirror online, Aluthgamage said, “We are currently negotiating with the franchise owners, discussions are underway currently and there is no doubt about the tournament going ahead.”

    When asked about the recent controversy surrounding the Indian Premier League with regard to ‘bookie’ involvement, the Minister said that all precautionary measures will be taken to ensure a corruption-free SLPL.

    “We will use all possible methods to ensure that we have a clean SLPL. You can’t compare this to the IPL, and just because something happened in India you cannot equate it to what is happening here and the stringent measures we have taken to ensure that nothing of the sort happens,” he said.

    The Minister further added that the SLPL had created a plethora of opportunities for the local players which had benefitted them immensely and all these factors were taken into consideration when putting the Ministry’s and Sri Lanka Cricket’s effort behind the league.

    Meanwhile speaking to Daily Mirror Online, Tournament Director of the SLPL Ajith Jayasekara confirmed that Sri Lanka Cricket is preparing for tournament scheduled to be held from August 10th to September 7, 2013.

    “There is a bit of an issue regarding the period of ownership which was raised by the owners, we submitted these concerns to the Ministry of Sports and they had sought the advice of the Attorney General. We are awaiting their advise, but all preparation is underway to host the tournament,” he said


    Source : dailymirror.lk
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේකට ඉන්දියන් ප්ලේයර්ස්ල ආවත් සාර්ථක වෙන්නේ නෑ.... අපේ උන් ක්‍රිකට් බැලුවට ඉන්දියන් උන්ට තරම් ක්‍රිකට් පිස්සුවක් නෑ... ඉන්දියන් උන් උන්ගේ වැඩ නවත්තල ක්‍රිකට් බලන්න ග්‍රවුන්ඩ් එකට එනවා... අපේ උන් ට්වී එකෙන් විතරක් බලනවා... අනික ඉන්දියාවේ ප්‍රාන්ත වල මිනිස්සු එකට එකා නෑ මේ වගේ ටුනමන්ට් වලදී, අපේ උන්ට මොන පළාත දින්නත් එකයි...

    :yes::yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    bebila tika cricket gahuwanam sponcersla panala ai,
    rate karumeta unta hariyata bat ekak allaganna wath bahane.