SLT කාලකන්නි
මචන්ලා අපේ ගෙදර SLT ෆෝන් ලයින් එක වෙලක් හරහා කණු දාල ඇදල තියෙන්නේ. කණු 3 ක් තියෙනවා එක කණුවක් නියරක් මැදින් දාල තියෙන්නේ.
මෙන්න මේ විදියට
මේකේ වයර් එක ගිය මාසේ කැඩුනා. ටෙලිකොම් එකේ උන් සතියකට විතර පස්සේ ඇවිල්ල හදල ගියා.
උන්ට ඔය වෙලේ තියෙන කණුවට නගින්න බෑ කියල කිව්වා. මම කිව්වා ඉස්සර ආපු අය නග්ගනේ කියල. ඌ කියපි දැන් ඉන්නේ ටෙක්නීෂියන් ල එයාල මඩේ බහින්න කැමති නෑ කියල. අපි ඒ පාර කෙනෙක් දැම්මල වයර් එක ඒ කණුවට දාල තමයි හදවගත්තේ. උන් අනිත් කොන් දෙකෙන් අමුණලා ගියා.
ඊට පස්සේ ආයෙත් කැඩුනා. දවස් 3 කින් විතර හැදුවා. ආයෙත් කැඩුනා.
එදා නම් කියපු දවසෙම ආවා. පෙර සේම අටවලා ගියා
මෙන්න මෙහෙම.
උඩින් කණුවට ගැට ගහල තමයි තිබුනේ. කලින්ම. ඉස්සර නම් ප්ලාස්ටික් ක්ලිප් ජාතියක් සෙට් කරලා ජෙනුඉන් විදියට දාල තිබුනේ. අවරුදු ගානකට කැඩුනේ නෑ.
දැන් උන් අත මට්ටමින් ගැට ගහල අමුණලා ගිහින්.
මෙන්න මේ වගේ සිඟිති ගැටේකුත් ගහල. කැඩුනේ නැත්නම් තමා පුදුමේ. කොහොමත් වයර් එක හුළගට හෙල්ලෙනකොට වයර් එකේ බරත් එක්ක ඕක ලිහෙන බව පොඩි එකෙකුට උනත් තේරෙනවා.
ඇත්තටම මුන් ට්‍රේනින් එකක් දීල නැතුව ඇති. නැත්නම් මෙහෙම කරයි කියල හිතන්න බෑනේ.
ඉතින් එක හිතුව වගේම ආයේ කැඩිලා තිබුන. ඒ ඔක්තෝම්බර් 27
පැමිනිල්ලකුත් දැම්ම එකේ නම්බර් එක 16930954
තාම හැදුවේ නෑ. අදට දවස් 13 ක් වෙනවා.
රීජනල් ඔෆිස් එකටත් ගියා. උන්ට කිව්වත් වැඩක් උනේ නෑ.
TRC එකට කෝල් කරලා කිව්වා. එහෙන් කිව්වා ලියුමක් එවන්න කියල.
දැන් එක විතරයි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. එකත් කරලම බලන්න ඕනේ.
මචන්ලා ඔයගොල්ලන්ගේ ෆෝන් ලයින් කැඩුනත් මේ වගේද?

dekak kiwwa h@#%@ meeka galawagena pala kiyala ballo wage giya man bila gewwe na eda idala 1212 ta call karala full kathawa kiwwa