SLT Fibre ගැන ප්‍රශ්නයක්

raman2

Well-known member
  • Feb 16, 2009
    9,951
    12,013
    113
    deposit තියන්න තිබුණ කාලෙ ගණන් වැඩියි. ඒත් දැන් Megaline 3500-8000 වගේ ගන්න පුලුවන්. 4G cat4 අලුත් router එකක් ගන්නවා නම් 3900. එපා කියලා 4G router එක විකුණන්න අයිතියක් නෑ මං දන්න තරමින්. කොහොම වුණත් ADSL අයටත් 5000 discount මදි කියලා හිතෙනවා නම් SLT එක customers ලාට සලකන විදිය සාධාරණ නෑ කියන එකමනෙ. 4G අයට හරියට service එක දුන්නා නම් මට fibre වලට මාරු වෙන්න ඕනිත් නෑ. අඩුතරමෙ fibre connection එක active වෙද්දි 4G එක disconnect කරගන්නවත් බෑ, ඒකටත් ලියුම් ලියගෙන regional office එකට යන්න ඕනි

    Anyway, thanks for the reply (y)
    mama danna tharamin fiber denna loku wiyadamak yanawa..
    ekai dialog lata dan fiber denna puluwan kama thiyeddith town wala office walata witharak deela laabe witharak balanne...

    oyata 4g walata hariyata signal naha kiyane oya athulakane inne, ithin oya wage ayata fiber labenawa kiyanne maara watinawa..

    mama SLT eka hondai kiyanawa nemei, namuth SLT nathuwa private company witharak thibba nam apita 100,000 ganan deela thama athule parawal walata fiber ganna wenne.. un laabe witharai balanne..
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    UPDATE:
    මම online apply කරා. එකපාරම ගන්න එක ලේසි හින්ද peotv ත් ගත්තා. රු 10,000 යි ගෙවන්න වුණේ.
    දවස් 4කින් විතර ඇවිත් හදලා දුන්නා. cable එක මට ගන්න ඕනි විදිය අහලා ඒ විදියට හදලා දුන්නා, දැන් ONT එක ගෙදර එක තැනකට fix කරන්න කියලලු තියෙන්නෙ ඒ හින්දා එයාලා බිත්තියකට හයි කරා. පැය 3ක් විතර ගියා ඔක්කොම කරලා ඉවර වෙන්න.
    හැබැයි එයාලා වැඩිය කැමති වුණේ නෑ wifi password එක පස්සෙ මම වෙනස් කරනවාට, හේතුව විදියට කිව්වෙ repair වලට ආවම password දන්නෙ නැතුව කරදරයි කියලා. ONT එකේ පිරිපස්සෙ ඇලෙව්වා ඒක. (ඒත් මං password වෙනස් කරගත්තා data ටික පරිස්සම් කරගන්න ඕනි හින්දා)
    ONT එක Nokia. Speed test එකක් කරාම upload, download 100mbps ආසන්නව ආවා. දැනට ඒ ඇති, පස්සේ 200mbps එන විදියට හදාගන්න ඕනි.
    phone එක SLT එකෙන් දෙන්නෙ නෑ කිව්වා. කොහොමත් මට ඕනි නැති හින්දා ප්‍රශ්නයක් නෑ, rental එක ගෙවන්න වෙයි
    peotv එකේ තෝරගන්න තිබුණ අඩුම එක Silver වුණාට කොහොමහරි දැන් තියෙන්නෙ Bronze එක. ඒකත් මට හොඳයි.
    ගොඩක් අය කියනවා වගේ data ඉක්මනට ඉවරවෙනවා කියලා හිතෙනවා, හැබැයි ඒක හරියට මැනගන්න බැරිවුණා තවම. Glasswire එකට සමහර downloads හරියට detect වුණේ නෑ. SLT එකේ usage meter එකත් real-time update වෙන්නෙ නෑ කියලා දැක්කා.
    දැනට bad experience එකක් විදියට වුණේ කලින් පාවිච්චි කරපු 4G එක disconnect කරගන්න ලියුම් ලියාගෙන regional office එකට යන්න වුණ එක විතරයි

    Thank you මේ ගැන reply කරපු හැමෝටම!
     
    • Like
    Reactions: BarakOsama