Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)

geethq

Well-known member
  • Sep 17, 2006
    49,582
    2,262
    113
    ~ඤාව්~
    Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)

    [FONT=&quot]Smartphone ගැන තොරතුරු සහ තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණූ [/FONT]


    අවසන් වතාවට යාවත්කාලීන (update) කළ දිනය 12/25/2012

    smartphone-india365.jpg

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]
    පළමු කොටස

    [/FONT]Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

    [FONT=&quot]කොටස් 3 කට ඉදිරිපත් කරන දීර්ඝ ලිපියෙහි 2 වන කොටස[/FONT]


    [FONT=&quot] මෙම ලිපියෙන් ආවරණය වන කොටස්

    [/FONT] [FONT=&quot]ලිපියෙහි දෙවන කොටසින් බොහෝදුරට ආවරණය වන්නේ Smartphone වල දෘඩාංග (hardware) පිළිබදව
    සහ ඒවා තෝරාගැනීමේදී සැලකියයුතු කරුණු පිළිබඳවයි.
    [/FONT]

    ආවරණය වන කොටස්

    [FONT=&quot]දත්ත සකසනය (Processor)[/FONT]
    [FONT=&quot]ප්‍රධාන මතකය (RAM)[/FONT]
    [FONT=&quot]කියවීමට පමණක් ඇති මතකය (ROM)[/FONT]
    [FONT=&quot]ග්‍රැෆික ප්‍රොසෙසරය (GPU)[/FONT]
    [FONT=&quot]අභ්‍යන්තර මතකය (Internal Memory)[/FONT]
    [FONT=&quot]පුළුල් කළහැකි මතකය (Expandable memory)[/FONT]
    [FONT=&quot]Hot-Swappable memory[/FONT]
    [FONT=&quot]GPS (Global Positioning System) [/FONT]
    [FONT=&quot]A-GPS (Assisted GPS)[/FONT]
    [FONT=&quot]Geo-tag[/FONT]
    [FONT=&quot]Accelerometer sensor[/FONT]
    [FONT=&quot]Gyroscope sensor[/FONT]
    [FONT=&quot]A2DP (Advanced Audio Distribution Profile) [/FONT]
    [FONT=&quot]FM Transmitter (RDS - Radio Data System)[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] හැදින්වීම (පළමු ලිපියෙනි)[/FONT]

    Smart-phone එකක් යනු සාමාන්‍ය ජංගම දුරකතනයකින් ඔබ්බට ගිය විශේෂ සේවා සපයන උපකරණයකි.
    සාමාන්‍ය ජංගම දුරකතන නැතහොත් feature phone එකකට වඩා මේවා වෙනස් වන්නේ එහි ඇති උසස් පරිගණන බලය (computing power)
    සහ සම්බන්දක (connectivity) හැකියාවන් නිසායි.

    Smartphone එකක් බොහෝ විට පූර්ණ මෙහෙයුම් පද්දති මෘදුකාංගයක් (operating system) භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර
    අතේ ගෙනයාහැකි පරිගණකයක එබ්බවූ ජංගම දුරකතනයක් ලෙස ක්‍රියා කරයි.

    Smart-phone එකක ඇති මෙහෙයුම් පද්දතිය මගින් වෙනත් වැඩසටහන් (application) හා මෘදුකාංග (software) ක්‍රියාකරවීම
    සදහා අවස්ථාව ලබාදෙන අතර එකවර කාර්යයන් කීපයක් කරගැනීමට (multi tasking) නැතහොත් එකවර වැඩසටහන් කීපයක් ක්‍රියාකරවීමට හැකියාව ඇත.


    samsung-galaxy-s-ii-real-ofic-1.jpg

    Galaxy S 2



    [FONT=&quot] ප්‍රොසෙසරය (processor)[/FONT]



    [FONT=&quot]Smartphone එකක දත්ත සකසනය නැතහොත් ප්‍රොසෙසරය (CPU / processor) ඉතා පුළුල් ලෙස සාකච්චා කළයුතු කරුණකි.
    මෙහි මූලික හා වැදගත් කරුණු කීපයක් පමණක් සදහන් කර ඇත.
    [/FONT]

    [FONT=&quot]සාමාන්‍ය පරිගණක වල මෙන්ම Smartphone වලද පරිගණන මොළය ලෙස දත්ත සකසනයක් නැතහොත් processor එකක් ඇත.
    මේවායේ වේගයන් සහ හැකියාවන් විවිධ පරාස වල පවතින අතර වර්තමානයේ
    වේගවත් dual core සහිත processors ද Smartphone සදහා පැමිණ ඇත.
    [/FONT]

    [FONT=&quot]පරිගණක ලොව ප්‍රධාන CPU නිෂ්පාදකයන් දෙපල වන intel හා AMD චිප CPU නිෂ්පාදන ආධිපත්‍ය දරන්නා සේම
    smartphone සදහා තම තනි ආධිපත්‍යය ලොව පුරා විදහා ඇත්තේ බ්‍රිතාන්‍ය මූලයක් සහිත ARM Holdings සමාගමයි.
    එහෙත් මෙම සමාගම intel වැනි සමාගම් වලින් වෙනස් වන්නේ
    තම සමාගම මගින්ම ප්‍රොසෙසර නිපදවීම පසෙකලා විධාන කට්ටලය (instruction set) පමණක් අලෙවි කිරීමයි.
    [/FONT]


    arm-cortex-a15.jpg

    cortex-A15 Dual Core


    [FONT=&quot]මෙම විධාන කට්ටලයක් (instruction set) එකක් යනු සරලව පැවසුවහොත් ප්‍රොසෙසරයෙන්
    යම් ක්‍රියාවක් කරවාගැනීමට නම් එය ඇමතියයුතු ආකාරයයි.
    එම අමතන ආකාරය සම්මතයක් වන තරමට සහ බහුල වන තරමට අදාල ප්‍රොසෙසර වර්ග රාශියක් සදහා
    එකම වැඩසටහනක් ලියා ක්‍රියාත්මක කරගැනීමේ හැකියාව ලැබේ.
    [/FONT]

    [FONT=&quot]උදාහරණ ලෙස intel සහ AMD සමාගම් වලින් වැඩි දියුණු කළ අද ලොව බහුලවම භාවිතා වන ‍x86 instruction set ගැන සලකා බලමු.
    අප පරිගණක වල භාවිතා වන සියලු මෙහෙයුම් පද්දති සහ වැඩසටහන් ඔබගේ ප්‍රොසෙසරය
    AMD වුවද Intel උවද එක සේ ක්‍රියා කරන්නේ එම ප්‍රොසෙසර දෙකටම තේරුම් ගත හැකි යම් පොදු සම්මතයකට
    එම වැඩසටහන් ලියා ඇති බැවිනි.
    එනම් x86 instruction set එකට අවනත වන ලෙස x86-32 හෝ x86-64 (32 bit or 64 bit) මාදිලි
    වලින් ප්‍රොසෙසරය සහ අදාල දෘඩාංග සමග ගණුදෙණු කිරීමට එම වැඩසටහන් ලියා ඇති බැවිනි.
    [/FONT]

    snapdragon.jpg

    Snapdragon SoC

    [FONT=&quot]දැන් අප නැවතත් Smartphone ප්‍රොසෙසර දෙසට හැරෙමු. කලින් පැවසූ පරිදි ARM සමාගම කරනුයේ instruction set අලෙවි කිරීම පමණි.
    ARM සමාගමේ විධාන කට්ටලය පාදක කරගෙන අනෙකුත් සමාගම් වලට ප්‍රොසෙසර සෑදියහැකි ක්‍රම 2 කි
    [/FONT]
    [FONT=&quot]ඒවා නම් [/FONT]

    [FONT=&quot]1) ARM සමාගම මගින් ලබාගන්නා ලද ARM instruction set එක අනුගමනය
    කළහැකි ආකාරයට තමන් විසින්ම සැලසුම් කරනලද ප්‍රොසෙසර නිපදවා ගැනීම.
    [/FONT]
    [FONT=&quot]උදා. [/FONT][FONT=&quot]Qualcomm and Marvell[/FONT]

    [FONT=&quot]2) ARM සමාගම මගින් තම ARM instruction set එකට ගැලපෙන පරිදි කලින් නිර්මාණය
    කරන ලද නිදර්ශක සැලසුමක් (
    [/FONT][FONT=&quot]reference designs) භාවිතා කර තම සමාගමෙහි නව ප්‍රොසෙසර නිපදවා ගැනීම.[/FONT]
    [FONT=&quot]උදා. Nvidia, Samsung වැනි සමාගම්[/FONT]


    samsung_1ghz_hummingbird.JPG

    cortex-A8

    ARMv7 : ARM Cortex-A, ARM Cortex-M, ARM Cortex-R

    [FONT=&quot]ARM සමාගමේවිධාන කට්ටල ARMv7 සදහා වන සුලබ නිදර්ශක සැලසුම් වන්නේ (reference design)
    cortex-A8 සහ cortex-A9 ප්‍රොසෙසරයි.

    [/FONT]
    [FONT=&quot]මෙම සැලසුම් භාවිතයෙන් නිපදවන ප්‍රොසෙසර අද පවතින Smartphone සදහා බහුලව [/FONT]භාවිතා වන අතර
    cortex-A8 ප්‍රොසෙසර 600MHz හෝ ඊට වැඩි තනි core සහිත ලෙසද
    cortex-A9 ප්‍රොසෙසරය core 2 හෝ core 4ක් සහිත 800MHz / ගිගාහර්ට්ස් 1 හෝ ඊට වැඩි වේගයන් සහිත ප්‍රොසෙසරද වේ.
    පැරණි ARMv6 සදහා භාවිත වන නිදර්ශක සැළසුම වන ARM 11 ප්‍රොසෙසරයද තවමත් ඉතා බහුලව භාවිත වේ.

    මීල අමතරව නවතම
    [FONT=&quot]ARMv8 වර්ගයේ ARM Cortex-A50 වැනි චිනුදුරු අනායේදී දුන්වා දෙනු ත.

    [/FONT]
    Samsung-Galaxy-S3.jpg


    Samsung Galaxy S3 හි භාවිතා වන්නේ ARM Cortex-A9 MPCore වර්යේ quad core ප්‍රොසෙකි

    [FONT=&quot]Smartphone එකක් යනු පරිගණකයකට සාපේක්ශව ගත්කළ ඉතා කුඩා උපාංගයකි.
    එහි ඇති විශාල බැටරිය සහ දර්ශක තිරය හැරුනුකොට ඉතිරිවන
    කුඩා ඉඩ ප්‍රමාණය පරිගණක චිප සහ smartphone මවුපුවරුව එකලස් කිරීමට යොදාගතයුතුය.
    මේ සීමිත ඉඩ ප්‍රමාණය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම සදහා system on chip හෙවත් SOC යොදාගනී.
    [/FONT]


    [FONT=&quot]SoC ([/FONT][FONT=&quot]System on chip)[/FONT]


    [FONT=&quot]System on Chip නැතහොත් SoC යනු කර්යයන් ගණනාවක් තනි පැකේජයකින් කරගතහැකි ලෙස එකලස් කරනලද ප්‍රොසෙසර වේ.
    මේවායේ CPU, GPU, video decoder, audio/image processor වැනි
    විවිධ කාර්යයන්ට ගැනෙන දෘඩාංග ගණනාවක් කැටි කර එකලස් කර තනා ඇත.
    මේ නිසා ශක්ති පරිභෝජනය ඉතා සීමිත වන අතර වේගවත් බවද වැඩි වේ.
    [/FONT]
    [FONT=&quot]අද පවතින බොහෝ smartphone ප්‍රොසෙසර මෙසේ SOC ආකාරයෙන් එකලස් කරනලද ඒවා වේ.[/FONT]

    [FONT=&quot]උදා: Nvidia Tegra 1/2/3 OMAP 3 SOCs. [/FONT][FONT=&quot]Qualcomm's[/FONT][FONT=&quot] Snapdragon, Samsung Hummingbird[/FONT], Exynos
    [FONT=&quot]
    186369-nvidia_tegra_250_3qtr_large_original.jpg

    Tegra 1 SoC


    තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණූ
    [/FONT]


    [FONT=&quot]Smartphone එකක CPU (central processing unit) එක ලෙස ARMv7 (cortex-A8, cortex-A9) Instuction set සහිත CPU සහිත smartphone තෝරාගැනීම වඩා සුදුසුය. නවතම ප්‍රවනතාවය core 2 සහ 4 සහිත ප්‍රොසෙසර නිසා[/FONT]
    Cortex-A9 හෝ එවැනි ARMv7 තාක්ශණය යොදාගෙන දියුණු කරනලද CPU නම් වඩාත් සුදුසුය.

    [FONT=&quot]ප්‍රොසෙසර තෝරාගැනීමේදී [/FONT][FONT=&quot]System on chip නැතහොත් SOC ඇසුරෙන් සැලකුවහොත්නව SOC බොහෝමයක ඇත්තේ cortex-A9 සහිත CPU උපාංගවේ.
    එමනිසා CPU වලින් බැහැරව SOC තුළ ඇති එනෙකුත් උපාංග පිළිබඳව විශේෂයෙන් GPU පිළිබදව සැලකිලිමත් වීමට සිදුවේ.
    GPU ගැන පසුව වෙනම විස්තර සහිතව සලකා බලමු.[/FONT]


    qualcomm-snapdragon-chip.jpg

    snapdragon


    [FONT=&quot]මෙතරම් ප්‍රභල ප්‍රොසෙසර smartphone සදහා සැබවින්ම උවමනා දැයි විටෙක ඔබට සිතෙනු ඇත.
    එහෙත් පිලිතුර නම් වැඩි වේගයන් සහිතව හා අඩු ශක්ති පරිභෝජනයන් සහිතව ප්‍රොසෙසර නිපදවියහැකි තරමට ගතහැකි ප්‍රයෝජන එමටය යන්නයි.

    ඔබගේ smartphone එකෙහි 1080p high definition (HD) වීඩියෝ ක්ලිප
    හෝ චිත්‍රපට සුමට ලෙස වාදනය වේදැයි බලන්න. එමෙන්ම නවීන ඉතා ඉහළ ග්‍රැපික්ස් සහිත වීඩියෝ ක්‍රීඩා සුමටව ක්‍රීඩා කළහැකිදැයි බලන්න.
    [/FONT]
    එසේ නම් ඔබගේ smartphone ප්‍රොසෙසරය ප්‍රභල එක් වනු නොඅනුමානය.

    තවද වැඩසටහන් රාශියක් එකවර සුමටව ක්‍රියාකරවීම (multi tasking)
    1080p හෝ 720p ලෙස ද්විමාන වීඩියෝ පටිගතකිරීම (HD video recording) හෝ
    නවතම අංගයක් ලෙද කැමරා 2 මගින් ත්‍රිමානව වීඩියෝ දත්ත ග්‍රහනය (3D HD video recording) කිරීම සහ
    ප්‍රභල GPU හා එක්ව high end වීඩීයෝ ක්‍රීඩා ඔබගේ ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කිරීමේ හැකියාවද ලැබෙනුඇත.


    samsung_galaxy_s2_review_23-420-90.jpg

    1080p playback

    V
    V
    V​
     
    Last edited by a moderator:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,582
    2,262
    113
    ~ඤාව්~
    [FONT=&quot]
    zdnet-sony-xperia-play-smartphone-gaming.sflb

    console gaming උපකරණයක ආකාරයට තැනූ Xperia Play



    [/FONT][FONT=&quot]GPU (Graphics Processing Unit) [/FONT]

    [FONT=&quot]ඔබේ පරිගණකයට හොද GPU එකක් නැතහොත් හොද වීඩියෝ කාඩ් එකක් අවශ්‍ය වන තරමටම
    අද පවතින smartphone සදහාද වේගවත් ප්‍රභල GPU එකක අවශ්‍යතාවය ඇතිවී ඇත.
    සාමාන්‍ය වීඩියෝ ක්‍රීඩා කිරීමට පමණක් නොව ඉහළ තත්වයේ ත්‍රිමාන (3D) පරිශීලක අතුරුමුහුණත් (user interface) භාවිතය සදහාද
    HDMI out හෝ එකවර බාහිරින් පිහිටි තිර කීපයකට රූප දත්ත සැපයීම සහ
    high end වීඩියෝ ක්‍රීඩා සදහා (console level gaming) ප්‍රභල GPU අවශ්‍ය වේ.
    [/FONT]

    mobile_gaming.jpg

    smartphone video games


    [FONT=&quot]සාමාන්‍ය smartphone එකකට උවද පරිශීලක අතුරු මුහුණත (user interface) සුමටව ක්‍රියාකරවීම සදහා සහ
    වීඩියෝ ක්‍රීඩා සදහා GPU එකක අවශ්‍යතාවය මතුවේ.
    බොහෝ පැරණි smartphone වල GPU වල කාර්යයන්ද කළේ CPU මගිනි.
    එහෙත් එය සාපේක්ෂව අකාර්ක්ශම වන්නේ GPU තරම් CPU එකක් ග්‍රැෆික තොරතුරු සැකසීමට කාර්යක්ශමව යොදාගත නොහැකි නිසායි.
    මේ නිසා ඔබ smartphone එකක් තෝරගැනීමේදී එහි GPU එක පිළිබඳවද සැලකිල්ලක් දැක්වියයුතුය.
    අවම වශයෙන් GPU එකක් එහි වෙනම (dedicated) අන්තර්ගත කර ඇත්ද යන්නවත් සැලකිය යුතුය.
    [/FONT]

    [FONT=&quot]දැනට පවතින SOC වල අන්තර්ගත කර ඇති GPU වලින් Tegra 2, 3 SOC සහිත smartphone වල අන්තර්ගත
    [/FONT][FONT=&quot]ULP GeForce,
    Galaxy S/S2/S3 මාදිලි වල පවතින PowerVR SGX 540, Mali-400/MP/MP2
    සහ තවත් [/FONT][FONT=&quot][FONT=&quot]සුලබව දැකියහැකි GPU වන Adreno 220/225/320 [/FONT]
    වැනි GPU ඉහළ මට්ටමේ හැකියාවන් පෙන්වයි.[/FONT]


    rainbow-six-iphone-4.jpg

    Ranbow Six ක්‍රීඩාව smartphone එකක් මගින් ක්‍රීඩා කිරීමේදී දිස්වන අයුරු



    [FONT=&quot]Smartphone මතක ගබඩාව (memory storage) [/FONT]

    [FONT=&quot]Smartphone වල භාවිතා කරන මතක ගබඩා ප්‍රධාන ලෙස කොටස් දෙකකට වෙන් කළ හැකිය. [/FONT]

    [FONT=&quot] පළමු වර්ගය පරිගණක වල ප්‍රධාන මතක (RAM) වල තිබෙන චංචල මතකයයි (volatile memory)
    එනම් RAM එකක අප දත්ත ගබඩා කළද විදුලිය විසන්දි කළ විගස එම දත්ත නැති වන නිසා එයට චංචල මතකය යැයි කියනු ලැබේ.
    මෙම මතක ඉතා වේගවත් සහ සාපේක්ශව මිල අධික වේ.
    [/FONT]

    [FONT=&quot]අනෙක් වර්ගය නම් non-volatile memory නැත්නම් අචල මතකයයි.
    මෙම මතක වර්ගයට විදුලිය නොමැතිව උවද දත්ත වලට හානියක් නොවී ගබඩා කර තබාගන්නට හැකියාව ඇත.
    අපිට බොහෝ සෙයින් හුරු පුරුදු flash drive වල ඇත්තේද මෙවැනි මතක වර්ගයකි.
    සාපේක්ශව වේගය සහ මිල අඩුය.
    non-volatile memory වර්ග රාශියක් ඇති අතර smartphone එකක මේවා භාවිතා වන්නේ අභ්‍යන්තර මතක සදහායි.
    අභ්‍යන්තර මතකය බොහෝ විට Flash මතකයක් වන අතර
    සියලුම වර්ගයේ ලිපිගොනු හා දත්ත ඔබගේ smartphone එකෙහි ගබඩා කිරීම සදහා උපකාරී වේ.
    [/FONT]

    00245_smartphone-memory.jpg

    MicroSD Card Slot


    [FONT=&quot]පුළුල් කළහැකි මතකය (expandable memory )[/FONT]

    [FONT=&quot]ඔබගේ smartphone එකෙහි අභ්‍යන්තර මතකය කුඩා එකක් නම් හෝ
    තවත් මතක ගබඩාවක් ඔබට අවශ්‍ය නම් පිටතින් මතක කාඩ්පත් (memory card) සවි කළහැකි පරිදි බොහෝමයක් smartphone වර්ග නිපදවා ඇත.
    මේ සදහා විශේෂ වූ card slot එකක් අදාල smartphone වල දැකියහැක.
    Micro SD., Mini SD, MMC වැනි මතක කාඩ්පත් අතරින් අද බහුලවම භාවිතා වන
    Micro SD කාඩ්පත් ගැන පමණක් මෙහිදී අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වේ.
    [/FONT]


    [FONT=&quot]Micro SD Card (Micro Secure Digital) සහ Micro SDHC (Micro Secure Digital High Capacity) [/FONT]


    [FONT=&quot]මෙම flash memory card වර්ගය විවිධ ධාරිතා වලින් මිලදී ගතහැකිය.
    128MB පමණ සිට 64GB පමණ දක්වා වූ කාඩ්පත් අද වෙළදපොළේ දැකියහැකි වුවත්
    වඩාත් සුලබ වන්නේ 1GB, 2GB, 4GB, 8GB සහ 16GB ප්‍රමාණයේ මතකයන්ය.
    [/FONT]


    [FONT=&quot]ධාරිතාව අනුව ගත් කළ MicroSD කාඩ්පත් 4GB පමණ දක්වාද ඊට ඉහළ ධාරිතා සදහා නව පරපුරේ MicroSDHC කාඩ්පත්ද භාවිතා කළයුතුය.

    එහෙත් Micro SD සදහා සහාය දක්වන සියලු smartphone වර්ග Micro SDHC සදහා සහාය
    නොදක්වන නිසා memory කාඩ්පත් මිලදී ගැනීමේදී ඒවා
    ඔබගේ smartphone එක සදහා ගැලපෙනවාදැයි සැලකිලිමත් වියයුතුය.
    [/FONT]

    [FONT=&quot]මෙහිදී අප සැලකිල්ලට ගතයුතු අනෙක් කරුණ වන්නේ මෙම කාඩ්පත් වල දත්ත හුවමාරු වේගයයි
    නැතහොත් දත්ත ලියන සහ කියවන වේගයයි (read/write speed).
    [/FONT]

    sandiskmicrosd-sb.jpg

    MicroSD and M2

    [FONT=&quot]Micro SD කාඩ්පත් ඒවායේ දත්ත හුවමාරු වේග අනුව class වලට බෙද ඇත.
    මෙසේ class 1, 2, 4, 6, 10 ආදී ලෙස සදහන් කළ Micro SD කාඩ්පත් ඔබට මිලදීගත හැකිය.
    මෙහි class 1 යනු අඩුම වශයෙන් 1MBps ලිවීමේ වේගයක් (writing speed) සහිත වියයුතුය යන්න සම්මතයයි.
    උදා: මෙසේ class 6 සදහා එම අගය 6MBps වේ.

    වේගවත් කාඩ් මගින් ඔබට ඉක්මනින් දත්ත ගබඩා කිරීම හා ලබාගැනීම කළහැකිය.
    විශේෂයෙන් වැඩි ධාරිතා සහිත (8GB~16GB) කාඩ්පත් සදහා අවම වශයෙන් class 4 වර්ගයේ Micro SD කාඩ්පතක් වත්
    තෝරාගැනීමට සැලකිලිමත් වන්න.
    විශේෂයෙන්ම HD video recording (720p) සදහා අවමය class 4 සහ 6 අතරද
    Full HD video recording (1080p) සදහා class 10 ද යොදාගැනීම වඩාත් සුදුසුය.
    [/FONT]

    [FONT=&quot]
    43007727.jpg

    (wiki)

    [/FONT]
    [FONT=&quot] Hot-Swappable memory[/FONT]

    [FONT=&quot]මෙයින් කියවෙන්නේ අදාල smartphone එකෙහි මතක කාඩ්පත smartphone එක ක්‍රීයාකාරීත්වයේ තිබියදීම
    ඉවත්කළහැකි හෝ ඇතුළු කර හදුනාගෙන ක්‍රියාකාරී කළහැකි වීමයි.
    Smartphone එක ක්‍රියා විරහිත කිරීමක් හෝ restart කිරීමක් ඒ සදහා අවශ්‍ය නොවේ.
    සෑම smartphone එකකම මෙම හැකියාව නොමැති බව සලකන්න.
    [/FONT]

    feature15.jpg

    samsung 2GB RAM memory chip


    [FONT=&quot]RAM (Random Access Memory) මතකය [/FONT]


    [FONT=&quot]Smartphone තුළ ඇති RAM එකක ක්‍රියාවද පරිගණකයක ක්‍රියාවටම සමාන නිසා ඒ පිළිබඳව
    වැඩි දුර විස්තර නොකර RAM භාවිතය පිළිබඳව සලකා බලමු.[/FONT]

    [FONT=&quot]Smartphone මෙහෙයුම් පද්දතිය හා වැඩසටහන් (application) දෙකෙන්ම RAM පරිභෝජනයට ගනී.
    ඒ තම කටයුතු වලදී ඉතා ඉක්මනින් අවශ්‍ය වන දත්ත ගබඩා කර තබාගැනීමටයි. [/FONT]
    [FONT=&quot]RAM මතකය අධිවේගී එහෙත් චංචල මතකයකි.
    එනම් විදුලි බලය විසන්දි කරවිට එහි දත්ත මැකී යයි[/FONT]
    [FONT=&quot].
    මේ නිසා වැඩසටහන් වල ප්‍රතිදාන දත්ත ගබඩා කිරීමටත් වෙනත් දත්ත ගබඩා කිරීමටත් smartphone එකක අභ්‍යන්තර මතකයක්ද (internal memory) පවතී.
    මෙය බොහෝ විට අචල මතකයකි (flash memory).[/FONT]

    samsung-lpddr2.jpg

    Samsung 2GB RAM chips

    [FONT=&quot]විශාල RAM මතක සහිත smartphone වලට වඩාත් සංකීරණ වැඩසටහන් ක්‍රියා කළ හැකිය (ප්‍රොසෙසරය ආ අනෙක් තත්ත්වයන් සහිත නම්).
    එමෙන්ම වැඩසටහන් කීපයක් එකවර ක්‍රියා කරවීමට හැකියාව ලැබේ.[/FONT]

    [FONT=&quot]දැනට පවතින සුලබවම මෙහෙයුම් පද්දතිය වන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දති සහිත smartphone සදහා
    උපරිම ක්‍රියාකාරීත්වයක් ලබාගැනීමට නම් මදක් වැඩි RAM ප්‍රමාණයක් අවශ්‍ය බැවින් පහත අවම සීමාවන්ට යටත්වව
    එම smartphone තෝරාගැනීමට සැලකිලිමත් වන්න. [/FONT]

    [FONT=&quot]Android 1.5 >> 128MB RAM or more[/FONT]
    [FONT=&quot]Android 1.6~2.1 >> 192MB RAM or more[/FONT]
    [FONT=&quot]Android 2.2 >> at least a 256MB RAM [/FONT]
    [FONT=&quot]Android 2.3 or + >> 512MB or +[/FONT][FONT=&quot]
    these are the minimums to run OS and other applications smoothly [/FONT]


    [FONT=&quot]ROM (Read-Only Memory)[/FONT]


    [FONT=&quot]Smartphone එකක මෙහෙයුම් පද්දතිය (OS) හා එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය bootloader ආදිය තැන්පත් කර තබන්නේ ROM එකයෙහිය.
    මීට අමතරව බාහිරින් අප ස්ථාපිත කරන වැඩසටහන් (installed applications) වේගවත් පිවිසුමක් සදහා ROM මතකයේ ස්ථාපිත වේ.
    මේ සදහා ROM මතකය OS එක හා වැඩසටහන් සදහා වෙන වෙනම කොටස් කර ඇත.

    ROM මතකය කියවීමට පමණක් ඇති මතකයකි.
    එහෙත් විශේෂ ක්‍රම මගින් එහි ඇති දත්ත නැවත ලිවියහැකි අතර එම ක්‍රියා පටිපාටිය flashing යනුවෙන් හැදින්වේ.
    Smartphone වල මෙහෙයුම් පද්දති අළුත් කිරීම හෝ යාවත්කාලීන කිරීම ආදිය සදහා යොදාගනු ලබන්නේ මෙම ක්‍රමයයි. [/FONT]


    snap20110710231938.jpg

    Android task manager


    [FONT=&quot]සමාන්‍යෙන් වැඩි ROM මතකයක් සහිත smartphone එකක් නම්
    එහි මෙහෙයුම් පද්දතියට යන ඉඩ ප්‍රමාණයට අමතරව ඉතිරි ඉඩෙහි තවත් වැඩසටහන් හා
    මෘදුකාංග ස්ථාපිත කළහැකි නිසා smartphone එකක් තෝරා ගැනීමේදී ROM මතකය පිළිබඳවද සැලකිලිමත් වියයුතුය.

    විශේෂයෙන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය වැනි මෙහෙයුම් පද්දති සදහා ඉතා ප්‍රයෝජනවත් වැඩසටහන්
    විශාල වශයෙන් නොමිලේ ලබාගත හැකි නිසා විශාල ROM එකක් තිබීම වාසිදායකය.
    මීට අමතරව Android 2.2 / 2.3 හෝ 4 / 4.1 මෙහෙයුම් පද්දතියේ සිට ඔබට ROM එක වෙනුවට වැඩසටහන් ස්ථාපිත කිරීමට අභ්‍යන්තර
    හෝ බාහිර Micro SD මතකයද භාවිත කිරීමට ඉඩ සලසා දෙයි.



    hynix+2gb+mobile+ram.jpg



    [/FONT] [FONT=&quot]Smartphone දෘඩාංග(hardware) පිළිබඳ ඉතිරි කොටස ලිපියේ තුන්වන (3) අදියරේදී බලාපොරොත්තු වන්න.[/FONT]

    [FONT=&quot]V
    V
    V
    [/FONT]​
     
    Last edited by a moderator:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,582
    2,262
    113
    ~ඤාව්~
    [FONT=&quot]
    htc-evo-3d-2.jpg
    [/FONT]

    [FONT=&quot]Smartphone එකක දැකිය හැකි තවත් විවිධ සේවා කීපයක් පහත දැක්වේ[/FONT]

    [FONT=&quot]Geo-tag[/FONT]

    [FONT=&quot]මෙම අංගය දැකිය හැක්කේ GPS සේවා ක්‍රියාත්මක කරනලද නව smartphone වලයි. [/FONT]
    [FONT=&quot] ඔබ ගන්නා ඡායාරූප වල ඒවා ලබාගත් ස්ථානය අනුව අදාල භූගෝලීය තොරතුරු ([/FONT][FONT=&quot]geographical information)[/FONT]
    [FONT=&quot] විශේෂයෙන්ම කණ්ඩාංක ([/FONT][FONT=&quot]coordinates[/FONT][FONT=&quot]) ඡායාරූප දත්තවල (metadata) අන්තර්ගත කිරීම මෙහිදී සිදුවේ[/FONT]
    [FONT=&quot] මෙම දත්ත ඔබගේ පරිගණකයෙහි ඇති මේ සදහා විශේෂිත් මෘදුකාංග මගින් හෝ බොහෝ රූප සංස්කාරක මෘදුකාංග මගින් කියවියහැක.[/FONT]
    [FONT=&quot](image viewers, image editors and online image galleries)[/FONT]


    [FONT=&quot]
    iphone-geo.jpg
    [/FONT]

    AT&T Family Maps හා Geo Tagging සදහා GPS/A-GPS භාවිතය.


    [FONT=&quot]Accelerometer sensor - [/FONT][FONT=&quot]ත්වරණමාන[/FONT][FONT=&quot]සංවේදකය[/FONT]

    [FONT=&quot]මෙම [/FONT][FONT=&quot]ඉලෙක්ට්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රොනික [/FONT][FONT=&quot]මානය [/FONT][FONT=&quot]මගින්[/FONT][FONT=&quot] smart-phone [/FONT][FONT=&quot]එකක [/FONT][FONT=&quot]චලිතයන් [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]විවිධ[/FONT][FONT=&quot] අතට[/FONT][FONT=&quot] හැරවීම් [/FONT][FONT=&quot]සංවේදනය[/FONT][FONT=&quot] කළ[/FONT][FONT=&quot]හැකිය[/FONT][FONT=&quot]. [/FONT]
    [FONT=&quot]මීට[/FONT][FONT=&quot] අමතරව [/FONT][FONT=&quot]භ්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රමණය [/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot] පැද්දීම් [/FONT][FONT=&quot]සෙලවීම් [/FONT][FONT=&quot]පිළිබඳව [/FONT][FONT=&quot]පූර්ව [/FONT][FONT=&quot]ඉගියන් [/FONT][FONT=&quot]ලබාගැනීම[/FONT][FONT=&quot] කළහැකිය[/FONT][FONT=&quot]. [/FONT]
    [FONT=&quot]මෙම[/FONT][FONT=&quot] උපකරණය[/FONT][FONT=&quot] smart-phone [/FONT][FONT=&quot]සදහා[/FONT][FONT=&quot] වැදගත් [/FONT][FONT=&quot]වන්නේ [/FONT][FONT=&quot]දුරකතනය [/FONT][FONT=&quot]සිරස්ව[/FONT][FONT=&quot] හෝ[/FONT][FONT=&quot] තිරස්ව[/FONT][FONT=&quot] පිහිටුවීමේදී[/FONT][FONT=&quot] ස්වයංක්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රීය[/FONT]
    [FONT=&quot]ලෙස[/FONT][FONT=&quot] තිරයේ [/FONT][FONT=&quot]පරිශීලක [/FONT][FONT=&quot]අතුරුමුහුණත [/FONT][FONT=&quot]හැරවීම[/FONT][FONT=&quot](activate auto screen rotation) [/FONT][FONT=&quot]සදහායි[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]මීට[/FONT][FONT=&quot] අමතරව [/FONT][FONT=&quot]සමහර[/FONT][FONT=&quot] smart-phone [/FONT][FONT=&quot]සදහා[/FONT][FONT=&quot] සංගීත[/FONT][FONT=&quot] වාදකය [/FONT][FONT=&quot]පාලනය [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]ජංගම [/FONT][FONT=&quot]දුරකතන [/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රීඩා [/FONT][FONT=&quot]කිරීමේදී[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]තවත්[/FONT][FONT=&quot] විටෙක[/FONT][FONT=&quot] google sky [/FONT][FONT=&quot]වැනි[/FONT][FONT=&quot] වැඩසටහන් [/FONT][FONT=&quot]හරහා [/FONT][FONT=&quot]අහසේ [/FONT][FONT=&quot]විවිධ [/FONT][FONT=&quot]දිශා[/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]දුරකතනය[/FONT][FONT=&quot] යොමු [/FONT][FONT=&quot]කිරීමෙන් [/FONT][FONT=&quot]තාරකා [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] ග්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රහලෝක [/FONT][FONT=&quot]පිළිබඳ[/FONT][FONT=&quot] විස්තර [/FONT][FONT=&quot]ලබාගැනීම[/FONT]
    [FONT=&quot]ආදියද [/FONT][FONT=&quot]දුරකතනය [/FONT][FONT=&quot]මුනින් [/FONT][FONT=&quot]අතට[/FONT][FONT=&quot] හැරවී ම[/FONT][FONT=&quot]මගින්[/FONT][FONT=&quot] එලාම් [/FONT][FONT=&quot]නාදය [/FONT][FONT=&quot]හෝ [/FONT][FONT=&quot]දුරකතන [/FONT][FONT=&quot]නාදයක්[/FONT][FONT=&quot] සැනින් [/FONT][FONT=&quot]නිහඬ[/FONT][FONT=&quot] කිරීමද[/FONT][FONT=&quot] (mute) [/FONT][FONT=&quot]කළහැකිය[/FONT][FONT=&quot].[/FONT]

    iphonesensor300x224.jpg

    various censers in an Apple iPhone


    [FONT=&quot]Gyroscope sensor - විභ්‍රමණේක්ෂ මානය[/FONT]


    [FONT=&quot]Smartphone එකක accelerometer හා එක්ව [/FONT]gyroscope [FONT=&quot]සංවේදකයකට අක්ෂ (axes) 6 ඔස්සේ මිණුම් ලබාගත හැකිය.[/FONT]
    [FONT=&quot] ඒවා නම් වම, දකුණ, උඩ, යට, ඉදිරිය සහ පසුපසයි. එමෙන්ම පෙරලීම, උස්පහත් වීම් සහ හැරවුම් දිශා ග්‍රහනයද කළහැකිය. [/FONT]
    [FONT=&quot] මේ නිසා තනි accelerometer සංවේදකයක සිරස් හා තිරස් අක්ෂ වල සංවේදන ප්‍රතිග්‍රහනයට[/FONT]
    [FONT=&quot] වඩා මෙම සංවේදක වලින් වඩාත් නිවැරදිය සංවේදනය කිරීමේ හැකියාව ලැබී ඇත[/FONT]
    Wii-mote [FONT=&quot]වැනි ක්‍රීඩා උපාංග වල මෙන් උසස් සංවේදන හැකියාවක්[/FONT]
    [FONT=&quot] smartphone වලට ලැබීම නිසා උසස් තත්ත්වයේ (console level) වීඩියෝ ක්‍රීඩා කිරීමේ හැකියාව ලබාගතහැක.[/FONT]


    s9hda2dp.jpg

    A2DP භාවිතයෙන් Wireless Headphone වලට රැහැන් වහිතව සංගීත කණ්ඩ සම්ප්‍රේශණය.


    [FONT=&quot]A2DP (Advanced Audio Distribution Profile) [/FONT]


    [FONT=&quot]බ්ලූටූත් තාක්ශණය හරහා දත්ත හුවමාරු කිරීම සදහා ඇති [/FONT]Bluetooth profile[FONT=&quot] වලින් එකකි. [/FONT]
    [FONT=&quot] Smartphone එකක් මගින් Stereo සංගීත කණ්ඩ[/FONT]
    [FONT=&quot] රැහැන් රහිතව headphones හෝ speakers වලට[/FONT]
    [FONT=&quot] bluetooth තාක්ෂණය හරහා සම්ප්‍රේශණය කිරීම මෙම තාක්ෂණය භාවිතයෙන් සිදුවේ.[/FONT]
    [FONT=&quot] එක් පසකට පමණක් දත්ත සම්ප්‍රේශනය කළහැක.[/FONT]


    nokia-n8-how-to-use-the-fm-transmitter-7.jpg

    FM ට්‍රාන්ස්මීටරයක් භාවිතයෙන් අසල ඇති රේඩියෝවකට smartphone එකෙහි ඇති සංගීත වාදනය සම්ප්‍රේශණය


    [FONT=&quot]FM Transmitter (RDS - [/FONT]Radio Data System[FONT=&quot])[/FONT]


    [FONT=&quot]Featured Phone සහ Smartphone තුළ තැනූ රේඩියෝවක් නිතර දැකියහැකිය. [/FONT]
    [FONT=&quot] මෙය බොහෝ විට FM කලාපයේ සම්ප්‍රේශනය වන රේඩියෝ විකාශන ග්‍රහනය කළහැකි ලෙස තනා ඇත. [/FONT]
    [FONT=&quot] කළාතුරකින් එකක් හැරුනුකොට අනෙක් සියලු ජංගම දුරකතන සදහා මෙම FM රේඩියෝවේ ඇන්ටනාව ලෙස රැහැන්ගත (wired) headset යොදාගත යුතුය.[/FONT]
    [FONT=&quot]FM රේඩියෝව ජංගම දුරකතනයක් සදහා සාමාන්‍ය අංගයක් උවද FM Transmitter දැකියහැක්කේ බොහෝ විට smartphone වල පමණි.[/FONT]
    [FONT=&quot] මෙම ට්‍රාන්ස්මීටර මගින් Radio Data System [/FONT][FONT=&quot]යන දත්ත සම්ප්‍රේශණ ක්‍රමය (communication protocol) හරහා smartphone එකක සිට රැහැන් රහිතව [/FONT]
    [FONT=&quot] FM තරංග පරාසය ඔස්සේ FM සංඛ්‍යාත ග්‍රාහකයකට (FM receiver) සංගීත කණ්ඩ සම්ප්‍රේශණය කළහැකිය. [/FONT]
    [FONT=&quot] මෙම ග්‍රාහකය බොහෝවිට FM රේඩියෝවක් හෝ වාහනයක සවිකළ රේඩියෝවක් වියහැක.[/FONT]


    gpsmobilephonetracking.jpg


    v
    v
    v

     
    Last edited by a moderator:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,582
    2,262
    113
    ~ඤාව්~

    [FONT=&quot]GPS (Global Positioning System)[/FONT]


    [FONT=&quot]Global Positioning System නැතහොත් GPS යනු අප ලොව කොතැනක සිටියත්[/FONT]
    [FONT=&quot] සිටින ස්ථානය, වේලාව සහ අප ගමන් ගන්නා වේගය නීර්ණය කළහැකි අභ්‍යාවකාශයේ පවතින චන්ද්‍රිකා[/FONT] ([FONT=&quot]satellite[/FONT])[FONT=&quot] පද්දතියකි.[/FONT]
    ([FONT=&quot]s[/FONT]pace-based [FONT=&quot]global navigation satellite system[/FONT] - GNSS)
    [FONT=&quot]මෙය මූලිකවම අමෙරිකානු රජය හා ආරක්ශක දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දී පවත්වාගෙන යන චන්ද්‍රිකා [/FONT]([FONT=&quot]satellite[/FONT])[FONT=&quot] සහ [/FONT]
    [FONT=&quot] සේවා පද්දතියක් උවත් මහජනතාව සදහා විවෘත වූවකි. [/FONT]
    [FONT=&quot] චන්දිකා 30 කින් පමණ සමන්විත මෙම පද්දතිය අමෙරිකා එක්සත් ජනපදය තුළ ඉතා නිවැරදිව ක්‍රියාත්මක වේ.[/FONT]

    [FONT=&quot] මෙවැනි GNSS වර්ගයේ තවත් පද්දති කීපයක් ලොව ඇති අතර ඒවා රුසියාව, චීනය හා යුරෝපා සංගමයේ රටවල් මගින් පිහිටුවා භාවිතා කරනු ලබයි.[/FONT]
    [FONT=&quot]GPS උපකරණයකින් සිටින ස්ථානය (position) ග්‍රහනය (lock) කරගැනීම සදහා අවම ලෙස චන්ද්‍රිකා 3ක් අවශ්‍ය වේ.[/FONT]
    [FONT=&quot] එහෙත් වඩාත් නිවැරදි දත්ත ලබාගැනීමට නම් අවම ලෙස චන්ද්‍රිකා 4 කින් වත් සංඥා ග්‍රහනය කළයුතුය. [/FONT]
    [FONT=&quot] අමරිකානු රටවල නම් නිතරම අභ්‍යාවකාශයේ රැදවූ චන්ද්‍රිකා 6ත් 10ත් අතර ප්‍රමාණයකින් සංඥා ලබාගතහැකිය.[/FONT]


    Smartphone_GPS.jpg


    [FONT=&quot]A-GPS (Assisted GPS)[/FONT]


    [FONT=&quot]Smartphone සදහා GPS උපකරණ පළමුව හදුන්වාදෙනු ලැබුවේ 2004 දී A-GPS ආකාරයෙනි.[/FONT]
    [FONT=&quot] දැනට ඇති බොහෝමයක් smartphone වල භාවිතා වන මෙම A-GPS හෙවත් Assisted-GPS ක්‍රියා කරන්නේ[/FONT]
    [FONT=&quot] චන්ද්‍රිකා දත්ත සහ සන්නිවේදන ජාල දෙකෙහිම එකතුවක් ලෙසය. [/FONT]
    [FONT=&quot] චන්ද්‍රිකා සංඥා හා එක්ව GPRS හෝ 3G හරහා (හෝ wifi වැනි වෙනත් ආකාර) දත්ත පැකට්ටු ලෙස දත්ත හුවමාරුව මගින් A-GPS ක්‍රියා කරයි. [/FONT]
    [FONT=&quot] මෙහිදී යාබද සන්නිවේදන කුළුණු වල සහායද ඇතිව සිටින ස්ථානය වඩා වේගවත්ව චන්ද්‍රිකා වලට හදුනාගත හැකිය.[/FONT]
    [FONT=&quot] චන්ද්‍රිකා සංඥා වලට අමතරව සන්නිවේදන ජාල යොදා ගැනීම මගින් සංඥා අඩු ප්‍රදේශයකදී උවද තොරතුරු ලබාගැනීමටත්[/FONT]
    [FONT=&quot] වේගවත් ලෙස තොරතුරු ලබාගැනීමටත් හැකියාව ලැබී ඇත. [/FONT]
    [FONT=&quot]බොහෝ smartphone වල A-GPS උපකරණ, [/FONT]
    [FONT=&quot] Wifi Positioning System[/FONT]
    [FONT=&quot] (යාබදව පිහිටි wifi ජාල වල සහාය සහිත ස්ථානගත කිරීමේ පද්දති) සහ [/FONT]
    [FONT=&quot] cell-site triangulation[/FONT]
    ([FONT=&quot]යාබදව පිහිටි දුරකතන සන්නිවේදන කුළුණු 3ක් හෝ වැඩි ගණනක් මගින් ස්ථානගත කිරීමේ පද්දති) [/FONT]
    [FONT=&quot] යන ඒවායේ එකතුවක් දැකියහැකිය. [/FONT]
    [FONT=&quot] විශේෂයෙන් GPS සේවා වැඩි දුර ව්‍යාප්ත නොවූ ලංකාව වැනි රටවල මෙම සංකලනය යොදාගනී. [/FONT]
    [FONT=&quot] Google Maps වැනි සේවාව මගින්ද ඉහත සදහන් විධි තුනම ඒ ඒ අවස්ථාව අනුව යොදාගනී.[/FONT]



    motorola-DROID-BIONIC-1.jpg




    ලිපියෙහි තුන්වන සහ අවසන් කොටස ලගදීම බලාපොරොත්තු වන්න
    එහි අඩංගු කිරීමට අදහස් කරන කරුණු..

    [FONT=&quot]Mobile Operating Systems[/FONT]
    [FONT=&quot]3D Display[/FONT]
    [FONT=&quot] 3D video recording HD [/FONT]
    [FONT=&quot]Camera and Flasher, Camera censors[/FONT]
    [FONT=&quot] Video Camera [/FONT][FONT=&quot]HD/Full HD video recording [/FONT]
    [FONT=&quot]Dual camera and HD Stereo Video[/FONT] Capturing
    [FONT=&quot]HDMI and multiple display[/FONT]
    [FONT=&quot]WLAN (wifi)[/FONT]
    [FONT=&quot]Java Yes and MIDP 2.0 [/FONT]
    [FONT=&quot]Battery life[/FONT]
    [FONT=&quot]Smartphone Benchmarks[/FONT]
    [FONT=&quot] Smartphone Applications [/FONT]

    .....
    [FONT=&quot]©geethq [/FONT]
    [FONT=&quot] සියලුම හිමිකම් ඇවිරිණි[/FONT]
    [FONT=&quot] වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්[/FONT]
    [FONT=&quot] මෙහි පලකර ඇති ඡායාරූප වල [/FONT]
    [FONT=&quot] අයිතිය ඒවායේ නියම අයිතිකරුවන් සතුය[/FONT]
    [FONT=&quot]www.elakiri.com[/FONT]

    [FONT=&quot]මාගේ අනෙකුත් thread[/FONT]

    Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)
    Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)
    තාරකා විද්‍යාවේ අපූරුව සහ විශ්වයෙන් බිදක්
    [FONT=&quot]rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?[/FONT]
    [FONT=&quot]Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු[/FONT]
    මිහිමත ප්‍රබලතම යන්ත්‍ර - සුපිරි පරිගණක (SuperComputers)
    [FONT=&quot]ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු[/FONT]
    [FONT=&quot]ටෙරාබයිට් 6ක් (6TB) ගබඩාකළහැකි HVD ( Holographic Versatile Disc)[/FONT]
    [FONT=&quot]How to add shade effects to ur profile[/FONT]


    [FONT=&quot] ..................................[/FONT]
    [FONT=&quot] .................[/FONT]
    [FONT=&quot] :rofl:[/FONT]
     
    Last edited by a moderator:
    • Like
    Reactions: zaymhd and wisal

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    57,928
    4,734
    113
    ෆට්ට ත්‍රෙඩ් එකක් ගොඩක් මහන්සි වෙලා තියෙනවා :)
    බොහොම වැදගත් :dull:කණගාටුවට කරුණ ඔප්පු කරන්නට
    බැරි වීම ගැන:rofl: පසුවට කල්තබනවා ඔප්පු කිරීම :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    57,928
    4,734
    113
    මේ තරම් මහන්සි වෙලා ත්‍රෙඩ් එකක් දාන්න කියාපු වෙලාව:rofl: කාට බලන්නද මේ වෙලාවට දැම්මේ :P
    ඉ ලග ත්‍රෙඩ් එකවත් හවසක දාවි කියා බලාපොරොත්තු වෙනවා :nerd:
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,936
    37
    48
    වැදගත් තොරතුරු ගොඩක් තියෙනව.....
    Thanks machan.....
     
    • Like
    Reactions: geethq