Smartphone දුරකථනයෙන් Paper Airplane

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    Smartphone දුරකථනයෙන් Paper Airplane

    how-powerup-3-works.jpg


    1080_Assembled_airplane_female_hand.jpg


    394d8d6bb30e85f4f722e144aa132bff_large.jpg


    powerup3update.jpg


    gsmarena_001.jpg


    පුංචි කාලේ අපි කඩදාසි කුරුල්ලන් අහසේ පා කර හැරියා ඔබට මතක ඇති. දැන් දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක කඩදාසි කුරුල්ලන් අපේ පුංචි දරු දැරියන්ගේ ලෝකයෙන් ඈත් වෙලා. ඒත් ඒ දියුණු තාක්ෂණයේ දියුණුව නිසාම නිපදවුනු අමුතුම ආකාරයේ කඩදාසි කුරුල්ලෙක් ගැනයි අද අපි කතා කරන්නේ. PowerUp 3.0 නමින් හඳුන්වන මේ සෙල්ලම් ගුවන් යානය ඔබට bluetooth ආධාරයෙන් හැසිරවීමට හැකියාව ඇත.

    Shai Goitein විසින් නිරමාණය කොට ඇති මේ සෙල්ලම් යානය නිපදවා ඔහු එම යානය වානිජමය ලෙස නිපදවීමේ ව්‍යාපෘතිය සඳහා මුදල් රැස් කිරීමට Kickstarter නම් වෙබ් අඩවියේ සහය ලබා ගත්තා. ඔහුගේ ඉලක්කය වූයේ ව්‍යාපෘතියේ ඉදිරි වැඩකටයුතු සඳහා ඇමරිකානු ඩොලර් 50 000ක මුදලක් රැස්කිරීමයි. නමුත් තවත් දින 13ක් ඉතිරිව තිබියදී ඔහුට මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියනයකට ආසන්න මුදලක් ( $965,432 ) එක් රැසි කිරීමට සමත්ව තිබෙනවා.

    ඔබේ ස්මාර්ට් ජංගමදුරකථනයෙන් bluetooth ආධාරයෙන් පාලනය කළ හැකි මේ යානයේ තටු සකසා ඇත්තේ ඔරිගාමි ක්‍රමයට නැවූ කඩදාසි වලින් වීම විශේෂත්වයක්. ඒ වගේම රබර් හා කාබන් තන්තු ආධාරයෙන් නිමවා ඇති සැහැල්ලු බඳ නිසා මේ යානයට වරක් බැටරි ආරෝපනය කිරීමෙන් මිනිත්තු 10කට ආසන්න කාලයක් ගුවනේ සැරිසැරිය හැකියි.

    එසේම යම් හෙයකින් ඔහු ඉදිරි දින 13 තුලදී ඩොලර් මිලියන 2හි සීමාව පසුකිරීමට සමත් වූවහොත්, මීලඟ PowerUp 4.0 සංස්කරණය සඳහා කුඩා කැමරාවක්ද අන්තර්ගත කිරීමට කටයුතු යොදා ඇති බවයි පැවසෙන්නේ.




     
    Last edited:
    • Like
    Reactions: stv