So, Ricky Gervais noticed us...

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    අවුරුදු 30ක් තිස්සෙ 70,000ක් මැරිච්ච ජාතිවාදී යුද්ධෙ දැකපු නැති / අමතක වෙච්ච / පුද්ගලික වාසියට අමතක කරපු ගොබ්බසේනල රැලක් ආගම් වාදයක් ඇති කරන්ඩ හදනව....
    මේ කාලකන්නින්ට නීතියෙන් කටයුතු කරන්ඩ ඕනෙ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    එහෙම බෑලුවම මූට අයිතිය තියෙනවා නතාශාට ගහන්න මරන්න කියන්නත්. ඒක එතකොට උගේ අයිතිය නේ.. ගහන්න මරන්න නීතියෙන් තහනම් හෑබෑයි ඌට කියන්න අයිතිය තීයෙනවා. උගේ කතා අහලා වෙන එකෙක් ෆෝම් වෙන එක වෙනම දෙයක්

    සම්මා වාචා එන්නේ හඩ්කෝර් බෞද්ධ වැලියුස් මත පදනම් වෙලා. යමෙකුට ගොඩක් අපහසු වෙයි බෞද්ධ සූත්‍ර වලින් "ගහපිය, මරපිය, කොටපිය" කියලා පෙන්වලා දෙන්න.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    සම්මා වාචා එන්නේ හඩ්කෝර් බෞද්ධ වැලියුස් මත පදනම් වෙලා. යමෙකුට ගොඩක් අපහසු වෙයි බෞද්ධ සූත්‍ර වලින් "ගහපිය, මරපිය, කොටපිය" කියලා පෙන්වලා දෙන්න.
    එහෙම එකක් ගෑන නෙමේ මම කියන්නේ. භාශණයේ නිදහස කියලා ඕනම දෙයක් කියන්න පුලුවන් කිව්වොත් කොහොම දේවල් වෙයිද? කොහොම කතා කට්ටිය කියලා ගිනි තියයිද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,717
    39,430
    113
    Homagama
    තමන්ගේ නිදහසෙන් අනිත් මිනිස්සුන්ට හිරිහෑරයක් වෙනවා නම් ඒක නිදහසක් කියන්න බෑ.. එහෙම වල්බුරූ නිදහසක් දුන්නොත් කොහොම වලි යයිද ලන්කාවේ? නවීන් කියන එක හරි.. සන්වේදී මාතෘකා ගෑන කතා කරන එක හරිම පරිස්සමෙන් කරන්න ඕනේ.

    ඉතින් නවිනුත් ඒකමනේ කරලා තියෙන්නේ.🤣

    Bingo
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    එහෙම එකක් ගෑන නෙමේ මම කියන්නේ. භාශණයේ නිදහස කියලා ඕනම දෙයක් කියන්න පුලුවන් කිව්වොත් කොහොම දේවල් වෙයිද? කොහොම කතා කට්ටිය කියලා ගිනි තියයිද?

    මම හිතන්නේ නැහැ "එහෙම නිදහසක්". භාශණයේ නිදහස යටතේ ලැබෙනවා කියලා. ඒ කියන්නේ "ඇබ්සලියුට්" භාශණයේ නිදහසක් කිසිම රාජ්‍යයක් පොරොන්දු වෙනවා කියලා හිතන්න අපහසුයි. හැමෝටම ඔය නිදහසේ යම් යම් සිමාවන් පෙන්වන්න සිදුවෙනවා.

    ඕපී එකෙන් මතුකරන්න උත්සහ කලේ "සිත් රිදවීම" සහ ෆ්‍රී ස්පීච් කියන දෙකනෙ.
     
    • Like
    Reactions: KadawathaKolla

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113

    Free speech kiyala hema uttama kiyannat be itin defamation law ehemath tiyanawa itin

    ෆ්‍රී ස්පීච් තියෙන්නෙ යම් යම් මාතෘකා සන්දර්භයෙ. මම ඕක ලියලම තියෙනව මුල් පෝස්ට් එකේ. මනුස්සයෙක් හෝ යම් ආයතනයක් ගැන අදහස් දක්වද්දි උන්ට අපහාස නඩු දාන්න පුලුවන් බව දැනගෙන කියන්න.

    ආගම්, දර්ශන, දේශපාලනික ප්‍රවාහ වගේ ඒව මර්දනයකින් තොරව අදහස් දැක්විය යුතු නිදහසක් තියෙන්න ඕනෙ කියලයි ෆ්‍රී ස්පීච් වෙනුවෙන් පෙනී ඉන්න අය ඉල්ලන්නෙ. ඉම්ප්ලිසිට් කාරනා තියෙනව ඒව කොමස් සෙන්ස් නෙ.

    ඕකයි මම අර එකෙක්ටත් කියල තියෙන්නෙ මේක බටහිර චින්තනයෙ අනන්‍ය දෙයක් කියල. අදහස් ගැන කතා කරන්න නිදහසක් තිබිය යුතුයි, රාජ්‍යයේ බලහත්කාරයෙන් තොරව. ඕක නිශ්චිත ඉල්ලීමක්.
     
    • Like
    Reactions: KadawathaKolla

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,717
    39,430
    113
    Homagama
    කිසිම රාජ්‍යයක් පොරොන්දු වෙනවා කියලා හිතන්න අපහසුයි. හැමෝටම ඔය නිදහසේ යම් යම් සිමාවන් පෙන්වන්න සිදුවෙනවා.

    ඔව් නමුත් ඒ ඒ රටවල නිතිය ක්‍රියාත්මක කරත් කරන්නේ අදාල නිසි පනත් ප්‍රකාරව. ලංකාවේ හරි හමන් අපහස නිතියක් වත් නැ.
    ත්‍රස්ත පනත ඉතාම විකාරයි.
    ICCPR එක මතුපිටින් අතගාන රිමාන්ඩ් කරලා තද දාන පනතක්.

    හිතෙන හිතෙන විදිහට ⁣නවලා කැමති එකාවයි නැති එකාවයි ඇතුලට ගන්න රටක් අවශ්‍ය නැ, දාමරිකයෝ හිටියම ඇති.
    රටේ නීතිය හරියට හදලා ඔහොම කතාවක් කියනවානම් මම ඔයා එක්ක හිටගන්නවා.
     
    • Like
    Reactions: KadawathaKolla

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    404
    292
    63
    ෆ්‍රී ස්පීච් කියල පොඩි උන්ව ඇබියුස් කරන එක ගැන , රේප් කරන එක ගන කවුරු හරි ජෝක් කරන කල් මම මේ ඉන්නේ...

    මේ කියන විදිහට එහෙම කරන එකත් අවුලක් නෑ වගේ නේ...ඇයි ෆ්‍රී ස්පීච් නේ... ඇගට නොගෙන ඉදීද කියල බලන්න පුලුවන්
     
    • Love
    Reactions: sarika406

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අවුරුදු 30ක් තිස්සෙ 70,000ක් මැරිච්ච ජාතිවාදී යුද්ධෙ දැකපු නැති / අමතක වෙච්ච / පුද්ගලික වාසියට අමතක කරපු ගොබ්බසේනල රැලක් ආගම් වාදයක් ඇති කරන්ඩ හදනව....
    මේ කාලකන්නින්ට නීතියෙන් කටයුතු කරන්ඩ ඕනෙ
    අවුරුදු 30ක් yudde adenne naha premadasage kaleth iwara wenna lan wennama gahuwa iwara wenna yaddi 1983 kathawa ptiin dala case awa lankawata natththanna una, chandrikage kaleth th iwara wenna ganata awa ekata 83 ne pitin dala case awa,
    kotinta piliganimak hadala dunne 1983 demala minissu marapu,dushanaya karapu, gini thibba sinhala ,muslim ballo, 83 karapu un dan hari trasthawadiyo widihata salakala arrest karanna ona, yudde une jathi wade nisa neme 83 ballo kotinta piliganimak hadala dunna nisa ahinsaka demala minissu marala, ada wenakan eka thrasthawadiyek hire giyada 83 mini marapu,
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,717
    39,430
    113
    Homagama
    ෆ්‍රී ස්පීච් කියල පොඩි උන්ව ඇබියුස් කරන එක ගැන , රේප් කරන එක ගන කවුරු හරි ජෝක් කරන කල් මම මේ ඉන්නේ...

    මිනිත්තු 20න් පසු. රේප් ගැන කතාකරපු තැනක්.

    මොකද කරන්⁣නෙ දැන්?
    අදහස?

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    දැන් මුන් කියන විදිහට මේවට වත් බනින්න බැහැ ආගමක් නිසා

    -anyone-who-blasphemes-the-name-of-the-lord-is-to-be-put-to-death-the-entir-niv-10946.jpg
     
    • Like
    Reactions: Tharaka25

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    View attachment 206412

    context, what came before this exchange:

    View attachment 206413

    https//twitter.com/rickygervais/status/1663492951786266624?s=20

    මේ එංගලන්තෙ විශ්ව විද්‍යාලයකින් නීති උපාධියක් ගත්ත නවීන් ට පවා තාම තේරුම් ගන්න බැරි, ෆ්‍රී ස්පීච් ගැන කතා කරද්දි අපි කරන වැරැද්දක්-- ඒ තමා "මම භාෂණයේ නිදහසට එකඟයි හැබැයි x හෝ y මාතෘකාව ගැන කතා කරල මිනිස්සුන්ව රිද්දන එක අනුමත කරන්න බෑ" කියන එක. ෆ්‍රී ස්පීච් කියල දෙයක් තියෙන්නෙ සමහර මාතෘකා ගැන අදහස් දැක්වීමෙදි සමහරුන්ගෙ හිත රිදීම නොවැළක්විය හැකි දෙයක් නිසා. "ෆ්‍රී ස්පීච් ඕකෙ, හැබැයි රිද්දන්න බෑ හොඳේ" කිව්වම ඉතිරි වෙන්නෙ වතුර තෙතයි, ඉර රස්නෙයි වාගෙ අම්මටසිරිවෙන ගැඹුරු ප්‍රතිවේධාත්මක අදහස්. ඒවට ඉතින් ආයෙ ෆ්‍රී ස්පීච් මොකටද.

    මේ ෆ්‍රී ස්පීච් වලට තියෙන්නෙ operational definition එකක්. ඒකට එකඟ වෙන හෝ නොවෙන එක තමන්ගෙ වැඩක්. නමුත් ඒ නිර්වචනෙ සෙට් නැත්තම් "මම ෆ්‍රී ස්පීච් වලට එකඟයි" කියල කතාව පටන් ගන්න එපා කෙලින්ම කියන්න "ෆ්‍රී ස්පීච් නොතිබිය යුතුයි" කියල. ඒක වඩා අවංකයි. සංගතයි.

    එනිවේස්, මේ ගොනා රිකී ජර්වේස් ගෙ උගුලට අඩිය තිබ්බා. අද කාලෙ පොඩි එකෙක්වත් ඔය වලේ වැටෙන්නෑ.
    මම twitter එකේ ඔහොම දේවල් බලන්නේ නැහැ බන්, මොකද ඊළඟට දිගටම ඒවා suggest වෙන නිසා. වෙනම profile හදන්නත් කම්මැලියි. ප්ලීස් මට කියපන්කෝ FB ඒකේ වගේ ලංකාවේ බෞද්දයෝ ඕක අස්සේ රිංගලා Ricky ට පණුවෝ ගහලා මැරෙන්න කියනවද කියලා? මොකද එහෙනම් පිනල හරි ඉන්දියාවට යනවා මේ පංකාව අතෑරලා.

    Free speech වෙනුවෙන් කතා කරන ලංකාවේ උන් ඉන්නවද ඔය ඔතන?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    අවුරුදු 30ක් yudde adenne naha premadasage kaleth iwara wenna lan wennama gahuwa iwara wenna yaddi 1983 kathawa ptiin dala case awa lankawata natththanna una, chandrikage kaleth th iwara wenna ganata awa ekata 83 ne pitin dala case awa,
    kotinta piliganimak hadala dunne 1983 demala minissu marapu,dushanaya karapu, gini thibba sinhala ,muslim ballo, 83 karapu un dan hari trasthawadiyo widihata salakala arrest karanna ona, yudde une jathi wade nisa neme 83 ballo kotinta piliganimak hadala dunna nisa ahinsaka demala minissu marala, ada wenakan eka thrasthawadiyek hire giyada 83 mini marapu,
    ඉතිං 83 උනේ ජාති අතර ප්‍රශ්නයක් නෙමෙයිද?
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඉතිං 83 උනේ ජාති අතර ප්‍රශ්නයක් නෙමෙයිද?
    naha, thrathawadiyo army eke set ekak maruwa, ita passe thawa thrasthawadiyo set ekak demala minisuu maruwa,
    jathi wadi gatuma kiyala,wipalawa thrasthawadi wada shape karanna denna baha.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඔව් නමුත් ඒ ඒ රටවල නිතිය ක්‍රියාත්මක කරත් කරන්නේ අදාල නිසි පනත් ප්‍රකාරව. ලංකාවේ හරි හමන් අපහස නිතියක් වත් නැ.
    ත්‍රස්ත පනත ඉතාම විකාරයි.
    ICCPR එක මතුපිටින් අතගාන රිමාන්ඩ් කරලා තද දාන පනතක්.

    හිතෙන හිතෙන විදිහට ⁣නවලා කැමති එකාවයි නැති එකාවයි ඇතුලට ගන්න රටක් අවශ්‍ය නැ, දාමරිකයෝ හිටියම ඇති.
    රටේ නීතිය හරියට හදලා ඔහොම කතාවක් කියනවානම් මම ඔයා එක්ක හිටගන්නවා.

    ඔය දේවල් ගැන ගැඹුරට කතාකරන්න නීතිය ගැන මගේ දැනුම මදි. කොහොම නමුත් කියලා තියන දෙයට එකඟවෙන්න පුලුවන්. මට දැනුන හැටියට ඔය කොමීඩියන් රෝන්ග් ප්ලේස් රෝංග් ටයිම් වුන වැඩක් උනේ. කවුරුහරි බෞද්ධයෙක් කියන පදනමෙ ඉඳගෙන එයාට අපහාස කරනවානම් ඒකත් වැරදියි.

    සම්මා වාචා සහ භාෂණයේ නිදහස එකතු කරන්න පුලුවන් කොහොමද කියන එක ගැන philosophy of law මහාචාර්යවරයෙක් කරපු ලෙක්චර් එකක් තියනවා. නම් ගම් මතක නැහැ, සේව් කරගත්ත ලිංක් එකක් ඇති. එක අලවන්නම් පුලුවන් වෙච්ච ගමන්.
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    404
    292
    63

    මිනිත්තු 20න් පසු. රේප් ගැන කතාකරපු තැනක්.

    මොකද කරන්⁣නෙ දැන්?
    අදහස?

    අඩෝ තැන්ක්ස්...මෙක වයිරල් කරල ගමු...මුන් මේව කියනව කියල කවුරුත් දන්නේ නෑ මන් හිතන්නේ....මේවත් බුද්දාගමට කරන ජෝක්ස් ටොලරේට් කරනව වගේම කරන්න පුලුවන් නන් හොදයි...මෙ වගේ ඒව වයිරල් කරල ගන්න ඕනා...තැන්ක්ස් බන්