ලංකාවෙ IT industry එක ගැන කියනවනම් company එකකට join වෙද්දි ගොඩක් දෙනෙක් ඉස්සෙල්ලම බලන්නෙ salary එක. ඊලඟට position එක. use කරන technologies ,career opportunities වගේ ඒවත් list එකේ ඊගාවට තියෙනවා. එහෙම බලලා WSO2, CAKELABS,... වගේ company තමයි ලංකාවෙ හොඳම කියල අපි හිතාගෙන ඉන්නවා.
ඒත්... work-life balance එක, අනිත් benefits (හොඳ insurance එකක් වගේ), ගෙදර ඉඳල company එකට තියෙන දුර, වගේ දේවල් වලට තියෙන්නෙ අඩු අවධානයක්. එහෙම වෙන්න හේතුව තමයි, IT field එක සාපේක්ශව තාම අලුත්. IT company එකක් ගත්තොත් තාමත් 80%කට වඩා ඉන්නෙ වයස අවු 30ට අඩු පිරිස. ඉතින් මේවයසෙ අය කසාද බැඳල, දරුවෙක් දෙන්නෙක් පවුලට එකතු වෙන්න ගත්තම තමයි, අර අඩු අවධානයක් දීපු සාධක වල අවශ්‍යතාවය දැනෙන්න පටන් ගන්නෙ. දරුව බලන්න 5ට ගෙදර යන්න ඇත්නම්, පවුලෙ අයගෙ අවශ්‍යතා වලට හදිසි නිවාඩු ගන්න ඇත්නම්,.. නිවාඩු දවස්වල පිනට වැඩ කරන්නෙ නැතුව දරු පවුලත් එක්ක ඉන්න ඇත්නම් වගේ හිතෙන්න පටන් ගන්නෙ. ඒ වෙනකොට පරක්කු වැඩියි. ලංකාවෙ IT industry එකේ culture එක හැදිල ඉවරයි. ඉතින් මම කියන්නෙ, company එකක් තෝර ගනිද්දි වගේම company එකක වැඩ කරද්දිත් මේ ගැන හිතන්න. අනවශ්‍ය විදියට කොම්පැනියෙ වහලෙක් වෙන්න එපා. තමන්ටත් ජීවිතයක් ඇතිබව හිතන්න.