
atthenma....ගොඩක් වටින ත්‍රෙඩ් එකක් මචෝ.. උඹට ගොඩක් පිං මේ වගේ දෙයක් දැම්මට.. පස්සෙ හිමීට බලන්න ඕන.. බුක්මාක් දැම්මා..
![]()
රට ජාතියට මහා සවි බලයක් වී ලොව පුබුදු කළ ජීවන චරිතයකට නෑකම් කියූ පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ දැයට අහිමි වී සය වසරකි. උන්වහන්සේගේ සදා අමරණීය වූ ශ්‍රී නාමය එදාමෙන් අදත් අද මෙන් හෙටත් මතු මතුවටත් සදාකාලයෙන් සාදාකාලයට ගෞරව භක්‌තියෙන් නමස්‌කාර පූර්වකව සිහිපත් කරන්නෙමු. මිත්‍යා මත බැහැර කර බුදු දහම ඉතා නිවැරදි ලෙස සිරිලක් දහම් දිවිය තුළ ස්‌ථාපිත කළ මහාගුණ නුවණින් හෙබි සුපේශල ශික්‌ෂකාමී සෝමහිමි වැනි දෑහිතකාමී යතිවරයාණන් වහන්සේලා රටට පහළ වීම ඉතා විරලය.
මවු බිමට සම්බුද්ධ ශාසනයට යම් යම් සතුරු උවදුරු සිදු වූ අවස්‌ථා වලදී රට ජාතිය බේරා ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළ වීරවරයෝ එම වකවානුවලදී පහළ වූහ. එම විරුවන් අතර සිටි පැවිදි උතුමන් වහන්සේලා රට ජාතිය ආගම බේරා ගැනීම සඳහා තම ජීවිත පූජා කරමින් අද්විතීය මෙහෙයක් කළහ. වාරියපොල සුමංගල හිමි, කුඩාපොල හාමුදුරුවෝ, හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමි, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි, පැලෑනේ සිරි වජිරඥාණ හිමි මෙන්ම මෑත ඉතිහාසයෙන් ගංගොඩවිල සෝමහිමියෝ ඒ අතර වෙති.
ලංකා ඉතිහාසයේ කිසිදා වියෑකී නොයෙන ලෙස ශාසනික වීරවරයන්ගේ නාමාවලියේ සෝම හිමි නාමය රුවන් වැකියෙන් සනිටුහන් වී ඇත. ගතානුගතික ලෙස බුදුදහම ඇදහීමට වඩා විමර්ශනාත්මකව හා භක්‌තියෙන් ශ්‍රද්ධාවෙන් යුතුව ඇදහීමේ වැදගත්කම පැහැදිලිකරමින් යථාර්ථ වාදය ගුරුකොටගත් ජාතික නුරාගිව කාලින ධර්ම දේශනා පවත්වා සිංහල බෞද්ධයන් අවදි කළ සෝම හිමිපාණන් වහන්සේ මෑත ඉතිහාසයේ පහළ වූ සුවිශේෂී මහා සඟරුවනකි. යම් යම් මිෂනාරි බලවේග බෞද්ධයන් මුලා කොට අන්‍යාගාමිකයන් බවට පත් කිරීමට එරෙහිව නැගී සිටි සෝම හිමිපාණන් වහන්සේ මුළු මහත් දේශයම අවදිකරමින් බෞද්ධයන් ආරක්‌ෂා කර ගැනීමේ සටනක නිරත වූහ.
බුදු දහම වැනසීමේ දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කිරීම සඳහා දැඩි කැපවීමෙන් අනුපමේය මෙහෙයක් ඉටුකළහ. ධනයට බලයට නොනැමුණු උන්වහන්සේ ජාතියේ අනන්‍යතාව සුරක්‌ෂිත භාවය සඳහා නිර්භීතව තම අදහස් සෘජුවම ප්‍රකාශ කරන්නට පසුබට නොවූහ. මෙම තත්ත්වය මත සෝමහිමියන්ට එරෙහිව මූලධර්මවාදී සතුරු බලවේග තදින් ක්‍රියාත්මක විය.
ජාතියට ජීවය දුන් සෝම හිමිපාණන් වහන්සේට කළ හැකි ලොකුම ගෞරවය වන්නේ උන්වහන්සේගේ ජීවත්වීමේ අයිතිය උදුරාගත් පවිටු මිෂනාරින්ට එරෙහි අන්‍යාගම් කරන පනත වහ වහා සම්මත කර ගැනීමට කටයුතු කිරීමය. එය ජාතියේ යුතුකමකි. එයින් රට තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරමින් වැඩ වාසය කරන, පිංවත් භික්‌ෂූන් වහන්සේලාගේ වටිනා ජීවිතද සුරක්‌ෂිත වනු ඇත.
අතීතයේ රට තුළ බෞද්ධ පුණර්ජීවනයක් ඇති කළ භික්‌ෂූන් වහන්සේලා කීප නමක්‌ම ඉතා අභිරහස් ආකාරයට අපවත් වී ඇති බවට ඉතිහාසයේ සාක්‌ෂි ඇත. පූජ්‍ය මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි, පූජ්‍ය කොටගම වාචිස්‌සර හිමි, පූජ්‍ය ලබුගම ලංකානන්දහිමි, පූජ්‍ය පානදුරේ ආරියධම්ම හිමි යන හිමිවරු ඒ අතර වෙති. නමුත් ගංගොඩවිල සෝමහිමිගේ අපවත් කිරීම කාලයේ වැලිතලාවේ සඟවා තබන්නට නොහැකි විය.
රට ජාතිය ආගම වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ ශ්‍රේෂ්ඨ සංඝපිතෘවරුන් වහන්සේලාගේ අබිරහස් අපවත්වීම් කෙසේ සිදුවීද? දැන දැනත් නොදන්නාසේ සිටීමට තරම් නිවට නියාලු වූ ගුණමකු වගකිව යුත්තෝ වර්තමානයට වඩා අතීතයේ සිටි බවට මෙය හොඳ නිදසුනකි. මවු බිමට අභිමානය වූ සෝම හිමිපාණන් වහන්සේ, ධර්මයෙන් මනුෂ්‍ය ජීවිත අර්ථවත් කරන්නට දැඩි උත්සාහයක නිරතවූහ.
උන්වහන්සේ බෞද්ධ ජන ජීවිත බෝසත් ගුණ ධර්ම තුළින් පෝෂණය කර දැහැමි මාවතකට යොමු කරවීම සඳහා ජීවිත කාලයම කැප කළහ. නිරන්තරයෙන්ම නිවහල් නිදහස් දේශයක් වෙනුවෙන් හඩනැඟු සෝම හිමිපාණන් වහන්සේ නිදහස් අරුණලු පිබිදෙන මෙවන් අවධියක දැයෙන් සමුගෙන තිබීම අභාග්‍යසම්පන්න සිදුවීමකි.
සෝමහිමි කොමිෂන් වාර්තාව නිකුත්වී සෑහෙන කාලයක් ගෙවී ඇතත් අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් කිසිදු සාධාරණයක් මෙතෙක් ඉටු නොවුණත් දිට්‌ඨධම්මවේදනීය කර්මය අනුව අපරාධකරුවන්ට දඬුවම් ලැබීමට පටන්ගෙන ඇති බව නම් පෙනෙන්නට ඇත.
පින්වත් සෝමහිමියනි නිවන් දකින්නට මත්තෙන් ලොව දණන්ගේ දහම් පවස නිවාලන්නට යළිත් අප මවුබිමට වඩිනු මැනවිෘ
අවසානයේ අති උතුම් වූ නිර්වාණ සුවයම අවබෝධ වේවා!
ක්‍රිස්තියන් කාරයෝ තමයි සෝම හාමුදුරුවෝව මරන තැනට වැඩේ ගෙනිච්චේ.
නමුත් තාම ඒකෙන් පාඩමක් අරගෙන නෑ අපේ රටේ එවුන්.

ha ha daan inna eken minissu maninna epa....Uba oya daan inna avatar ekath ekka hithaa gannath bee mehema dial ekak kiyala...
Patta machan...pin sidda wenawa share karagaththata.