Sri Lankan Super Heroes

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    5. අංගම් ශූර සුපිරි වීරවරිය – ඒදඬුවාවේ කුමාරිහාමි

    Srilankancomics-05.gif


    කෙළින් සටන් නොමැති බවට පරසිඳු සුදලියේ නිලමේ හා අංගම් හටනක යෙදෙන මරුවල්ලිය පරපුරේ සටන් ශූරයා වූ ගලගොඩ නිලමේ මිය ඇදෙන්නේ, සුදලියේ නිලමේ විසින් නීච ලෙස එල්ල කළ පහරකින්. මේ අතර ගැබ්බරව සිටිනා ගලගොඩ මැණිකේ ගැහැණු දරුවෙකු ප්‍රසූත කරන අතර, ගලගොඩ නිලමේ සටනට යෑමට පෙර කියූ කැමැත්ත අනුව මේ දැරිය සබරගමුවට යවා අංගම් ශිල්පය පුහුණු කරවයි. එයිනුත් නොනවතින මැණිකේ ඇයව ඉන්දියාවේ මල්ල රටට යවා ඇයට වැඩිදුර අංගම් පුහුණුව ලබාදෙන්නට සිතයි. අවුරුදු හයක ඇවෑමෙන් සුන්දර තරුණියක් මෙන්ම අංගම් හටන් කළාවේ කෙළ පැමිණියෙක්ද වෙන තරුණිය නැවත සිය රට පැමිණෙන්නේ තරුණයෙකු ලෙසින් වෙස් වලාගනිමින්. එම වෙස් වලාවෙන්ම තම පියාගෙන් හිස්වූ පදවිය ලබාගන්නා ඇය මරුවල්ලිය පරපුර නියෝජනය කරමින් සුදලිය පරපුර හා මාරාන්තික අංගම් සටනක් සඳහා සැරසෙයි. මහා ඌරා ලිඳක් තුළ සුදලියේ නිලමේ සමගින් හිරු අවරට යන තුරාවටම භීම ද්වන්ද සටනක නිරත වන මෙම තරුණිය අවසානයේදී බිහිසුණු කඩු පහරකින් සුදලියේ පණික්කි රාළගේ ගෙල සිඳලීමට සමත් වෙනවා. ලි‍ඳෙන් ගොඩට එන මරුවල්ලිය සටන් කරුවා සැබවින්ම තරුණයෙකු නොව, ගලගොඩ නිලමේගේ දෝණියැන්දෑ වන ඒදඬුවාවේ කුමාරිහාමි බව දැනගැනීමෙන් ‍රැස්ව සිටි මහ පිරිස මෙන්ම රජුද විස්මයෙන් ඇළලී යනවා. අවසානයේදී ඒදඬුවාවේ කුමාරිහාමි නම් මරුවල්ලිය අභිනව අංගම් ශුර වීරවරිය දිසාපති පදවියෙන් පිදුම් ලැබූ පළමු ලාංකික කාන්තාව බවට පත් වෙනවා.

    ඇමසෝනියන් සුපිරි වීරවරියක් පරදවන චිත්තාකර්ෂණීය පසුබිම් කථාවක් උරුම කරගත් ඒදඬුවාවේ කුමාරිහාමි සිංහල කොමික් වංශයට ගෙන ඒම සඳහා තවත් අ‍ටුවා ටීකා වුවමනාද?
    මේව ඉතිං ගොතපු කතා. වීරවරියො කොහෙද ලංකාවෙ හිටියෙ. එදා හිටියෙත් නෑ අද ඇත්තෙත් නෑ. ලංකාවෙ කරන තරමක් කරන්නෙ පිරිමි.