Srilankan Police Harresments

-333-

Well-known member
  • Aug 3, 2014
    10,179
    13,048
    113
    33
    ෆින්ලන්ඩ්
    Facebook සමාජ මාද්‍යයෙන් උපුටා ගැනීමකි

    මේ දවස්වල ලංකාවේ වටේම යන නිසා ඉතා ආකර්ෂණීය අත්දැකීම් ලබනවා මේ රිය පැදවීම සමබන්ධයෙන්. එක්තරා දවසක මම කොට්ටාව highway එකේ එද්දී මට මුදල් ගෙවන තැනට එද්දී මතක් වුනේ හදීසියේම මගේ බෑග් එක පිටිපස්සෙ තියෙනෙ කියල. ඉතිං මම emergency lane එකට දාලා නැවැත්තුව් කව්ටර් එකට පෙන්නමයි. ඒ වෙලාවේ ඒ තරම් වාහන තිබ්බෙත් නැති නිසා කිසීම කරදරයක් නැතුව ඉක්මනින්ම ඒ වැඩේ කරගෙන කව්ටර් එක ලගටම එද්දී ....

    එක පාරටම එතන හිටපු පොලිස් නිලධාරියා මගේ වාහනේ නතරකරනවා. ඔහුගේ පලවෙනිම ප්‍රශ්නය ඇයි එතන නැවැත්තුව් කියන එක. මමකාරණාව පැහැදිලි කලාම මේ මනුස්ස්‍යා කියනවා "ලංකාවෙ එහෙම emergency lane නැහැ " එහෙම නවත්තන්න බෑ කියලා. මම ඇහුවා වාහනයක් කැඩුනොත් මොකද කරන්නෙ කියලා. එතකොට කියපි එහෙනම් අයින් කරගන්නලු. තප්පරයක්වත් ගිය නැති මගේ වැඩෙත් මම කලේ highway එකේ exit එකක ගත්තාටපස්සෙ.

    කොහොම හරි මගේ ලයිසන් එකත් බලලා මගෙන කොහේද ඉන්නෙ කියලත් අහලා, මගෙ ඇඩ්‍ර්ස් එකත් අරං, ගෙදර ෆෝන් නම්බර් එකත් මේ මනිස්ස්‍යා අරගත්තා. මට මෙහේ වැඩි අත්දැකීම් නැති නිසා මමත් ඒ සියලු විස්තර සපයමින් පොලිසියට සහය දුන්නා.

    දැන් තමයි හොදම හරිය මේ මනුස්ස්‍යා රටේ නැති ප්‍රශ්න අහනවා, මට යන්නත් නෑ, බැදලද, ළමයි ඉන්න්වද, කොහේද මේ ගියේ, දැන් කොහේද යන්නෙ bla bla bla. මමත් එතනින් ගැලවෙන්න ඕන නිසා සුහදව කතාකරලා ආවා. මම යන්න හදදී මේ අවු 50 පැනපු වගේ පොලිස් නිලධාරියා කියනවා. "මම එන්නම්කෝ ගෙදර කමක් නෑනෙ, සිවිල් පිට එන්නෙ, මෙහෙම එන්න බෑනෙ". ඒ වෙලාවේ හිටිය මූඩ් එකයි එතනින් ගැලවෙන්න තිබ්බ ඕන කම නිසාත්,ඔය කිව්වට කවුද එන්නෙ කියලා හිතුන නිසායි මම කිව්වා හරි හරි කියලා. එහෙම කියලා එතනින් ඉක්මනින්ම ආවා.

    ගෙදර ඇවිත් සියලු දෙනාම දැනුවත් කලා. දවස් කිහිපයකින් ඒ කියන්නෙ අද උදේ අපේ තාත්තා මෙන්න භාග්‍යා ඔයාව හම්බ වෙන්න කෙනෙක් ඇවිත් කියලා කියනවා. ගේට් එක ලගටයන්නේ නැතුව නිකමට මගින් හැරිලා ගිහින් ඇහුවා කවුද ඇවිත් තියෙන්නෙ කියලා.

    බලද්දී මේ පොලිස් නිලධාරියා, මට ආපු තරහට මම එලියටවත් බැස්සෙ නෑ. මොකද බැස්සොත් මං මොනවා කරයිද් කියන්න දන්නෙ නැති නිසා. තාත්තා කිව්වා ඔයාඉන්න මම එක විසදන්නම් කියලා. ඒත් මෙයා පස්සෙත් ගෙදරට කෝල් කරලා අහනව ඇයි මිස් එලියට ආවේ නැත්තේ කියලා. එතකොට ඉතිං මම කිව්වා රස්සාවෙන් එලියට දාන්නත් මට පුලුවන, මම කවුද කියලා නොදැන නටන්නේ, ඒ නිසා මෙතනින් එහාට මට කරදර කරොත් වෙන්නෙ ඒක කියලා.

    මෙවා තනිකරම පොලිසියේ නිලධාරින්ගේ sexual harresments. මෙ පොලිස් නිලධාරියාට මම අවශ්‍ය දේවල් නොකර ඉන්නෙ නෑ. ඒ තවත් ගැහැණියක් රැක ගැනීම වෙනුවෙන්. ඒත් මේ වගේ දේවල් වලට කතා නොකර ඉන්න එපා. මේ වගේ ගෑහැණුන්ගේ ගෙවල් වලට එන නිලධාරීන් ඔනෑ තරම් ඇති.

    ඉතාම විශිෂ්ට ඒ වගේම උදව් උපකාර කරන පොලිස් නිලධාරිනුත් මට මුණ ගැසුනා අදටත් අපි සුහදව කතාකරනවා අවශ්‍ය වෙලාවට. ඒත් මේ වගේ මිනිස්සු එවැනි නිලධාරීනුත් අපහසුවට ලක්කරනවා....
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඇයි මෙයා විස්තර කියන්න ගියේ. හැබැයි ඕකට හොද පරිප්පුවක් දෙන්න ඕන
     
    • Like
    Reactions: -333-

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,106
    36,128
    113
    කෑගල්ල
    ඌට හොදට කතාකරලා උදවුවක් කරානම් වැඩේ ලේසි. පොලිසියේ විතරක් නෙමේ කොහෙත් ඉන්නවා ඔයවගේ වෙසිගෙ පුතාලා. හිටපු ගමන් අපේ ගෑනුන්ටත් ඔයවගේ call එනවා. ඔය වෙලාවට ඔක උස්සන් ඇවිත් මට දේනවා. බැන්න ගමන් පොන්නයෝ වගේ මොකක් හරි විකාරයක් කියවනවා. හොදවගේන් අමතපුවාම එකපාරින් ඉවරයි. :lol: :lol::lol:.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    පොලිසියෙ එකා වැරදී තමයි
    ඒත් සිටුවේශන් එකේ හැටියට Act කරන්න දැනගන්නත් ඕන, නැත්තං ලංකාවෙ විතරක් නෙමයි ඕන රටක එකෙක් ඇරල යන්න හදාවි
    පොලීසිය හරි කවුරු එක්ක හරි කතාරද්දිම ගානට අපේ ලෙවල් එක තියාගෙන කතා කරනවා නම් උනුත් කරේ නගින්න එන්නෙ නැහැ, එතන ඉන්න එකාට ඕනවට වඩා දෙන්න ගිහින් සේරම විස්තර කියලා ගෙදර තියන තැනත් කිවුවට පස්සෙ ඌ හිතන්න ඇති මේකි මේ ගෙදරට එන්න කියලා කියනවා කියලා.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය වගේ සිද්දියක් අපේ පවුලෙ කෙනෙකුටත් උනා. PR ඇප්ලිකේෂන් එක එක්ක දෙන්න පොලිස් රිපෝට් එකක් ගන්න ඕන උනා. ඒකට අවශ්‍ය කරන ඇප්ලිකේෂන් එකේ අයදුම් කාරියගේ ෆෝන් නම්බර් එක දාන්න ඕන. ඒ නම්බර් එක දාපු දවසෙ ඉඳන් ඒ මනුස්සය ලංකාවෙන් යනකන්ම කෝල් කර කර කරදර කරා.
    හොඳම වැඩේ කියන්නෙ පොලිස් රිපෝට් එක එන්න පරක්කු වෙච්ච නිසා පොලිස් හෙඩ් ඔෆිස් එකට ගිහාම එතන ඉන්න ASP කෙනෙක් හරි SSP කෙනෙක් හරි "ඔයා වගේ ලස්සන එක්කෙනක් ඇයි ඔතන ඉන්නෙ, මගේ ඔෆිස් එකෙන් ඉඳගන ඉන්න" කියලා මිනිහගෙ මේසෙ ඉස්සරහ තියන පුටුවෙ ඉන්දගන තියාගන වල්පල් කතා කියෝ කියෝ ඉඳලා.
     
    • Haha
    Reactions: shenat