Start your own radio station for FREE! | ඔබේම අන්තර්ජාල රේඩියෝවක් හදාගන්න&#3

comment

Member
Dec 29, 2010
60
20
0
Start your own radio station for FREE! | ඔබේම අන්තර්ජාල රේඩියෝවක් හදාගන්න&#3

තමන් අහන සිංදු ඔන්ලයින් ලයිව් බ්‍රෝඩ්කාස්ට් කරලා තමන්ගෙ යාලුවොන්ටත් ඒ වෙලාවෙම අහන්න සලස්වලා ආතල් එකක් දෙන්න කවුද අකමැති ? දැන් අපි එහෙනම් වැඩේට බහිමු කොල්ලනේ ... මුලින්ම වැඩේ පටන්ගන්න කලින් අපි ඒකට අවශ්‍ය පරිසරය හදලා ඉමුද එහෙනම් ? මුලින්ම ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ගේ පරිගණකයේ Winamp Media Player එක ස්ථාපනය කරන්නයි... ඊලඟට අපිට අවශ්‍ය වෙනවා අපේ SHOUTcast එක සඳහා සැකසූ SHOUTcast pulg-in එකක්... ඒක පහත සබැඳියෙන් භාගත කරගෙන ස්ථාපනය කරන්න.. SHOUTcast DSP Plug-In for Winamp දැන් අපිට කරන්න තියෙන්නෙ අපි අපේ Winamp Media Player එකෙන් සින්දු අහනකොට ඒ සිංදු අනිත් අයට අහන්න සලස්වන්නයි.. මේකට අපිට Shout Cast Server එකක් ඕන වෙනවා.. ඒ සඳහා මම Shout Cast Server පහසුකම් දෙන වෙබ් අඩවි කිහිපයක් භාවිතා කලා.. මෙවායින් සපයන සේවාවන් එකිනෙකට වෙනස්... මේ සඳහා පහත ගුණාංග ‍ඍජුවම බලපානවා.. 1.Stream bitrate : 32kbps, 64kbps, 128kbps, 256kbps ආදී වශයෙන්. 2.Uptime : 75% - 99.99% දක්වා අප්ටයිම් ලබාදෙනවා. 3.Server Capacity (Maximum Number of Listeners) : 10,25,50,100 ආදී ලෙස ලබා දෙනවා.. ඉතිං මම ඔයගොල්ලන්ට කියලා දෙන්න තෝරගත්තේ freestreamhosting කියන Shout Cast Server එක.. මේකේ නොමිලේ ලබාගන්නා සේවාව සඳහා ලබාදෙන පහසුකම් මෙහෙමයි.. 1.Stream bitrate : 128kbps 2.Uptime : 99% 3.Max No. of Listeners : 100 මුලින්ම පහත සබැඳියෙන් freestreamhosting අඩවියට පිවිසෙන්න ... http://freestreamhosting.org මේ සයිට් එකේ මැදට වෙන්න තියනවා REGISTER HERE කියලා ලින්ක් එකක්.. එහෙමත් නැත්නම් ඉහළින් Home කියන ලින්ක් එකට දකුණු පැත්තෙ තියනවා Register here කියලා ලින්ක් එකක්, ඒක ක්ලික් කරන්න.. ඊලඟට ඔවුන්ගේ නීති හා කොන්දේසි වලට එකඟ වෙලා I agree - sign me up ! ක්ලික් කරන්නයි තියෙන්නේ.. ඊටපස්සෙ විවෘත වෙයි මේ වගේ Sign up information පුරවන්න වෙබ් පිටුවක්... තමන්ගෙ තොරතුරු නිවරදිව පුරවලා Register බට්න් එක ක්ලික් කරන්න... දැන් ඔයාලාගේ Shout Cast Server එකේ වැඩ ඉවරයි.. login here for your server details කියන බට්න් එක ක්ලික් කරලා ඔයාල හදපු server එකේ කන්ට්‍රෝල් පැනල් එකට යන්න පුලුවන්.. දකුණු පැත්තෙ Shoutcast Servers කියන heading එකට යටින් පෙන්නන්නෙ ඔයාගෙ ඔන්ලයින් රේඩියෝ එකේ status එක.. "online" - "Waiting" - "Offline" - සර්වර් එක පටන් අරන් නැති නිසා රතුපාට බෝලයකුත් එක්ක ඕෆ්ලයින් කියලා වැටිලා තියෙයි... ඒකට එහාපැත්තෙන් තියන Restart කියන ලින්ක් එක click කරාම අපිට සර්වර් එක Winamp Media Player එක එක්ක සම්බන්ධ වීමට සූදානම් කරන්න පුලුවන්.. ඉතින් දැන් බලන් ඉන්නෙ නැතුව ඉක්මනටම Restart කියන ලින්ක් එක click කරන්න එතකොට පේජ් එක Refresh වෙලා රතුපාටින් තිබ්බ බෝලය කහපාට වෙලා Waiting කියල වැටෙයි.. දැන් ඔයාගේ සර්වර් එක ඔයා Winamp Media Player එකෙන් සින්දු ප්ලේ කරද්දි ඒ සිංදු ටික transmit කලාම ඒවා detect කරගන්න සූදානමින් තමයි ඉන්නේ.. දැන් ඉතින් ඊලඟට මොකක්ද කරන්න තියෙන්නේ කියලා ඔයගොල්ලොන්ටම තේරෙනවා ඇතිනේ... හරියට හරි ! දැන් අපිට තියෙන්නේ අපි Winamp Media Player එකෙන් සිංදු අහනකොට ඒ සිංදු ඔයාලාගේ සර්වර් එකට transmit වෙන්න ඔයාලගේ Winamp Media Player එකේ settings හදන එක.. මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි... දැන් ඔයගොල්ලො Winamp ඕපන් කරගන්න.. ඊටපස්සෙ පහත පරිදි ගිහින් Winamp Preferences වින්ඩෝව විවෘත කරගන්න.. Options >> Preferences එම වින්ඩෝවේ දකුණු පස ඇති මෙනුවේ DSP/Effect යන්න මත ක්ලික් කරාම ඔයාලට පෙනෙයි ඔයාලගේ එකට අපි අලුතින් දාපු Plug-In එකේ නමත් වැටිලා තියනවා... (Nullsoft SHOUTcast Source DSP 1.9.1) දැන් ඒ ඇඩෝනය උඩ මවුස් පොයින්ටර් එක තියලා පල්ලෙහා තියන Configure active plug-in කියන බට්න් එක උඩ ක්ලික් කරන්න.. එතකොට SHOUTcast Source කියලා පොඩි වින්ඩෝ එකක් ඕපන් වෙයි... දැන් Output කියන tab එකට යන්න.. ඒකේ Connection කියන බට්න් එක ප්‍රෙස් වෙලා තියනවද කියලා බලලා මේ පියවරවල් වලට යන්න .. දැන් ඔයගොල්ලො SHOUTcast accountඑකේ Server Settings ටික පහත පරිදි එකේ පුරවන්න.. Address එකට SHOUTcast server settings වල Server IP / Host , Port එකට Server Port , Password එකට Stream Password, යන පරිදි දත්ත ඇතුලත් කරන්න. ඊට පස්සෙ Yellowpages කියන බට්න් එක ක්ලික් කරන්න.. මෙතනින් තමයි ඔයාලගේ stream එක ගැන තොරතුරු ඇතුලත් කරන්නේ.. Description එකට ඔයගොල්ලන්ගේ රේඩියෝ එකට කැමති නමක් දාන්න. URL එකට http://www.shoutcast.com ලෙසත්, Genre එකට ඔයා මේ රේඩියො එකෙන් විකාශය කරන සින්දු මොන වර්ගයට අයත් වෙන ඒවද කියන එකත් , යන පරිදි දත්ත ඇතුලත් කරන්න. ඊට පස්සෙ Encoder කියන tab එක ක්ලික් කරලා Encoder Configuration එකට යන්න.. Encoder Configuration වල Encoder Type එකට MP3 Encoder යන ලෙසත්, Encoder Settings වලට 128kbps, 44.100kHz, Stereoයන ලෙසත් ලබා දෙන්න.. වඩාත් සුපැහැදිලි විකාශයක් කරන්න හිතාගෙන ඉන්නවානම් Stereo වෙනුවට Mono පාවිච්චි කරනවානම් ගොඩාක් හොඳයි... අනිත් එක ඔයාලාගේ කනෙක්ෂන් එක එච්චර වේගවත් නැත්නම් (අප්ලෝඩ් ස්පීඩ් එක ගොඩක් අඩුනම්) ඔයගොල්ලන් 128kbps වෙනුවට 64kbps උනත් දැම්මට වැරැද්දක් නෑ.. නමුත් මේකෙන් අසන්නාට ඇසෙන සින්දුවේ ගුණාත්මක භාවය නම් ටිකක් අඩු වෙන්න පුලුවන්... (නමුත් mic එකක් දාලා කතා කරනවානම් මේක එච්චර දුරට බලපාන්නෙ නෑ...) සැ.‍යු : මෙහිදී තමාට කොතරම් ඉහළ අප්ලෝඩ් ස්පීඩ් එකක් තිබුනත් Bitrate : 128kbps වලට වඩා ඉහල අගයක් තෝරාගන්න එපා.. සේවාව ලබාගැනීමේදී සපයන උපරිම Bitrate එක 128kbps නිසා ඊට වැඩි අගයක් තෝරාගත්තොත් server එක disable වෙන්න පුලුවන්. දැන් Input කියන tab එකට යන්න.. Input Configuration වලින් Input Device එක සඳහා Winamp(Recommended) යොදන්න. දැන් ඔයාලා Winamp වලින් අහන සින්දු ඔයාලාගේ සර්වර් එකට යවන්න සූදානම් කරලා ඉවරයි! දැන් Output කියන tab එකට යන්න.. දැන් තියෙන්නේ Connect කියන බට්න් එක ඔබන්න විතරයි.. ඊටපස්සෙ ඔයාලා ප්ලේ කරන සින්දු Winamp එකෙන් ඔයාලාගේ සර්වර් එකට යැවෙනවා... ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ලින්ක් එක යාලුවන්ට දීලා සින්දු Winamp එකෙන් Songs Play කරන එක විතරයි... දැන් ඔයාල හදපු server එකේ කන්ට්‍රෝල් පැනල් එකට ගිහින් page එක refresh කරන්න.. දැන් දකුණු පැත්තෙ Shoutcast Servers කියන heading එකට යටින් පෙන්නන ඔයාගෙ ඔන්ලයින් රේඩියෝ එකේ status එක කොළ පාට බෝලයක් එක්ක Online කියලා වැටෙයි.. ඒ කියන්නෙ දැන් වැඩේ ගින්දර වගේ හරි ගියා කියන එක තමයි... ඊට පස්සෙ Tune in links & scripts කියන ලින්ක් එකෙන් SHOUTcast scripts පේජ් එකට ගිහින් ඔයගොල්ලොන්ගේ ප්ලේයර් එකේ default player ලින්ක් එක යාලුවො අතරේ යවන්න විතරයි තියෙන්නේ.... ඒ වගේම පහලින් තියන scripts පාවිච්චි කරලා තමන්ගේ රේඩියෝ එකට පුළුල් ප්‍රචාරයක් දෙන්න පුලුවන්... දැන් අපි බලමු මේකට mic එකක් සම්බන්ධ කරගන්නෙ කොහොමද කියලා... දැන් මයික් එකක් අරන් ඒක සම්බන්ධ කරලා නිවැරදිව වැඩ කරනවද බලන්න.. හරි හරි ඊටපස්සෙ SHOUTcast Source වින්ඩෝ එකේ Input කියන tab එකට යන්න.. Input Configuration වලින් Input Device එක සඳහා Soundcard Input යොදන්න.. ඕනේ නම් දෙපැත්තටම Male පොර්ට් තියන 3.5mm කේබල් එකක් අරන් රේඩියො එකට හරි TV එකට හරි ගහලා විකාශය වෙන හඬ උනත් මේක හරහා විකාශය කරන්න පුලුවන්.. කොටින්ම කියනවනම් LIVE නිව්ස් චැනල් එකක් !! :D DJ එහෙම කරනවනම් ඔන්න ලයිව් බ්‍රෝඩ්කාස්ට් කරගන්න මරුම අවස්ථාවක් !! ;) හැබැයි එතකොට Mic Input වල Microphone වෙනුවට Line Input පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ.. ඔන්න එහෙනම් පෝස්ට් එක ඉවරයි... ලිපිය ගැන ඔයගොලන්ගේ අදහස් වගේම කොතනහරි අවුලක් එහෙම තියනවානම් මගෙන් අහන්න..... රේඩියෝ හදපු අය මතක ඇතුව තමන්ගේ ලින්ක් එක කමෙන්ට් එකක් විදිහට දාලා යන්නත් අමතක කරන්න එපා.... :D ඔයා වින්ඩෝස් විස්ටා හරි වින්ඩෝස් 7 හරි පාවිච්චි කරනවානම් සමහර විට DSP Plug-In for Winamp එක දැම්මට පස්සේ NSCRT.DLL not found කියලා error එකක් එන්න පුලුවන්.. මේ අවුල එනවා ගොඩාක් අයට... එහෙම අය මේ ලින්ක් එකෙන් ගිහින් zip ෆයිල් එක බාගන්න.. http://www.dll-files.com/nscrt.zip?0VKkOEaElW ඊට පස්සෙ ඒක extract කරලා Winamp ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් එකට ඒ NSCRT.DLL කියන .dll ෆයිල් එක දාගන්න.. එතකොට හරි !! http://lyfstyleblog.blogspot.com/
 
  • Like
Reactions: abhilanka

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,049
    8,386
    113
    Kotahena
    nothing new. mewa kochchara parana dewal da ban
    kiriye elakiri radio thibilath dan awurudu keeyak paranada
    dan da thopi owa karanne
    Tired Britney Spears GIF
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    2011 di wath radio ekak patanganna uwmanawk nathi kota mokada me eka paratama radio hdnn yana eka
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    ඒ මනුස්සයා අච්චර අමාරුවෙන් ලියපු හෑල්ලට එක පකයෙක් රිප්ලයි දාලා නෑ. කොච්චර නම් දුකක් දැනෙන්න ඇතිද