QR code එකක් තියන පෝස්‍ටරයක්, හැම business කරන තැනකටම ආණ්ඩුවෙන් දෙනවා supermarket, saloon, banks, කියන විදිහට අපි ත්‍රීවීලර් එකක නැග්ගොත් එකේත් තියනවා, බස් එකේ නැග්ගත් එහෙමමයි ! කීප තැනකම ස්ටිකර් හැටියට ඒක අලවලා තියනවා ! අපිට තියෙන්නේ ස්මාට් ෆෝන් එක, QR code එකට අල්ලලා scan කරන්න තියෙන්නේ ( ස්මාට් ෆෝන් එකක් නැත්නම් ලොකෙශන් කෝඩ් එක දලා 1919 ට SMS කරන්නත් පුළුවන් !) එතකොට මීට පස්සෙ අපි යන එන හැම තැනම රෙකෝඩ් වෙනවා ! නිකං හරි කොවිඩ් ආශ්‍රිතයෙක් supermarket එකට ඇතුල් වෙන්න ගියොත්, ඔහු හෝ ඇයට, එම ස්ථානය ඇතුලට යන්න බැහැ කියලා message එකක් එනවා ! අහඹු PCR පරික්ෂණයකින් කෙනෙක් පොසිටිව් උනොත්, ඒ සැනින්ම ඔහු සංචරනය කරපු ස්ථාන වලට ගියපු අයට, නිරෝධානය වෙන්න කියලා පනිවිඩයක් ෆෝන් එකට එනවා !
ස්මාට් ෆෝන් නැති අයට 1919 ට අදාළ ස්ථානයෙ ඇති එම ආයතනයටම වෙන් කරපු අංකය, SMS එකක් මාර්ගයෙන් යැවීමෙන්, එම ස්ථානයට ඇතුල් වීමට පුලුවන් ! ඒ මොකක්වත් නැත්තං, NIC No එක, අදාළ ස්ථානයේ ඉන්න security මහතාට ලබාදීමෙන් ඇතුල් වීමට පුලුවන් ! මෙමගින් කොවිඩ් 19 ආශ්‍රිතයෙක් සමාජයෙ ගැවසීම අවහිර කරනවා සහ කොවිඩ් 19 පොසිටිව් කෙනෙක්ගෙ ආශ්‍රිතයන් ඉතා ඉක්මනින් සොයාගත හැකියි !
https://www.staysafe.gov.lk/
(උපුටා ගැනීමකි)
Last edited:

