මචංලා අවුරුදු ගානක් වැඩකරකර හිටපු ලැපට කෙලවුනා. ඒක හදාගන්නකම් පරන ඩෙල් ලැටිටියුඩ් E4310 ලැපක් තියෙනවා ඒ කාලෙම අයින් කරලා දාපු. මේකට වින්ඩෝව්ස් ගහලා බැලුවා පට්ටම ස්ලෝව්. SSD එකක් දාලා වින්ඩෝව්ස් ගහන්න බැලුවා SSD එක පෙන්නන්නෙ නෑ. සර්ච් කරලා බලපුවහම එන්නෙ මේ ලැප් මොඩල් එක සපෝර්ට් කරන්නෙ SATA 2 වලට විතරයි කියලා. SSD එක සාට 3. ස්ටොරේජ් ඩ්රයිවර්ස් හොයාගන්න නෑ දාන්න පුලුවන් හැම එකම දාලා බැලුවා. මොනම විදිහකින්වත් බෑ. මේක ගොඩ දාගන්න විදිහක් තියෙනවද. මහ ලොකු වැඩ කරන්න නෙමේ වැඩ කර කර හිටපු එක හදාගන්නකම් මේක BROWSING වලට යූස් කරන්න තිබුනනම් ඇති. මොකක් හරි සොලුයුශන් එකක් තියේ නම් කියපල්ලා මචංලා