තිබුණත් මොන මොන ලෙඩ සතුටට තිබුණා ඉඩ
ලිංගිකව හැසිරීම කියන අවදානම් සෙල්ලමේදී රේල් පීලි පැන්නොත් ඒ වරද හදන එක ලේසි නැහැ. සමාජයෙන් කොන්වීම කියන භීතිකාව ඔයා අත්විඳලා තියෙනවා නම් ඒ වරද ඔයා කරන්නෙත් නැහැ. ඒත් මතක තියාගන්න ලෙඩක් දුකක් කියන්නේ සමාජයෙන් කොන් වෙන්න හේතුවක් නෙවෙයි.
ලෝකේ බුද්ධිමත් කියලා අපි සලකන මිනිස්සු ඔය වගේ සුළු දේවල්වලට මිනිස්සුන්ව කොන් කරලා නැහැ. ඔයාම බලන්න මෙච්චර කාලයක් ඔයා කියවපු කතාවලම ඩ්ධ්ඍ හැදුණත් මොනතරම් උත්සාහවන්ත මිනිස්සු ඉන්නවද කියලා. ඩ්ධ්ඍ හැදුණත් ඒ අයට ජීවත් වීමේ අයිතිය උරුමයි. අඩුම තරමේ මේ කතා කියවන ඔයා ඒක තේරුම් ගන්න. එයා සමහර විට ඔයාට වඩා හුඟක් ශක්තිමත්.
මට හැමෝම කතා කළේ චූටි මහත්තයා කියලා. ඒක තමයි මට ගෙදර අය ආදරේට කියපු නම. 1990 අවුරුද්දේ මම ගමේ ඉඳලා ගාමන්ට් යන්න කියලා පෑලියගොඩට ආවා. එහේ ගාමන්ට් එකක වැඩත් කළා. තව තව තැන්වලත් හිටියා.
ඔහොම වැඩකරගෙන ඉද්දි එක වතාවක්, මට ලේ දන් දෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ කැලණි විහාරෙදි. මම ලේ පරිත්‍යාග කරලා ආවට පස්සේ සතියකින් විතර මම වැඩකරන තැනට කතා කරලා කියලා තිබුණා මට කියන්න කියලා ඩොක්ටර් රේණුකාව හම්බවෙන්න කියලා. ඊට කලින් මාව හොයාගන්න විදියක් නැතිව අපේ ගෙදරටත් ගිහින් තිබුණා. මම ලේ දන්දුන්නු තැනට දුන්නේ මගේ ගෙදර ඇඩ්‍රස් එක. දැන් වගේ ඒ කාලේ කාටවත් ෆෝන් නැහැනේ.
ගෙදරින් මම වැඩකරන තැන නම්බරේ දීලා. එයාලා මාව ගෙන්නලා මට ලියුමකුත් දීලා ද සේරම් ප්ලේස්වල තියෙන ඩ්ඊට් ක්ලිනික් එකට යන්න කියලා කිව්වා. එහෙම ගියාම එයාලා මගෙන් එක එක විස්තර ඇහුවා. කාත් එක්කද ඉඡ්ඔ කළේ කොහෙදිද ඒ සේරම ඇහුවා.
මම කාලෙකට කලින් වැල්ලවත්තේ ගියපු වෙලාවක ඒ හරියේ ඉන්න ගෑනු කෙනෙක් එක්ක සෙක්ස් කළා. හැබැයි මට හො¼දට මතකයි මම කොන්ඩම් එකක් ඇඳලා තමයි සෙක්ස් කළේ. ඒත් මට ඩ්ධ්ඍ හැදිලා තිබුණා. ඒ වෙලාවේ මම පුදුම විදියට මානසිකව වැටුණා. මම බඳින්න හිටපු ගෑනු ළමයා හිටියේ මොනරාගල.
එදා හවස මට ගෙදර යන්න හිතුණා. ඒත් හැන්දෑවෙලා නිසා යන්නත් බෑ. මට යාළුවෙලා ඉන්න ගෑනු ළමයත් මතක් වුණා. අක්කා හිටියේ මගේ ළඟ මාත් එක්ක. එයා බැඳලා. මහත්තයත් හිටියා.
මට ඩ්ධ්ඍ තියෙනවා කියලා අක්කට කියන්න බැහැනේ. මම කිව්වා මට
පිළිකාවක් හැදිලා කියලා. කොහෙද ඇහුවාම උගුරේ කියලා කිව්වා. ඒක දැනගත්තාම අක්කා හොඳටම කෑ ගහ ගහ ඇඬුවා. 'අනේ මේ මොකක්ද කරගත්තේ මට ඉන්නෙත් එකයි. ඇයි ඒකට මේක වුණේ.' කියලා. අක්කගේ
කෑගැහිල්ලට මුළු වත්තම එතෙන්ට එකතු වුණා.
පස්සේ හෙමින් සැරේ මම අක්කට කිව්වා මට ඩ්ධ්ඍ හැදිලා තියෙන්නේ කියලා. හැදුණු විදියක් මම කිව්වේ නැහැ. අක්කා මාව ගෙවන්න පුළුවන් හැම තැනම එක්ක ගිහින් බෙහෙත් කළා. අක්කා පඩිය අතට ගත්තු ගමන් කරන්නේ මාව අරන් තැන් තැන්වල ගිහින් ටෙස්ට් කරන එක. ඒ යන හැම තැනකින්ම මට ඩ්ධ්ඍ කියලා කිව්වා.
මගේ නංගි ඉන්නේ මහියංගණයේ. මම එහේ ගියත් එයත් අර වගේම කෑගහලා අඬලා පිළිගත්තේ නැහැ. පස්සේ මම අම්මාට කිව්වා. අම්මාට මම මොකවත් හැංගුවේ නැහැ. අම්මා මොනවත් කිව්වේ නැහැ. අම්මා කිව්වා 'මගේ පුතාට ඔතැන වැඩකරන්න බැරිනම් ගෙදර වරෙන් මම කන්න දෙන්නම්' කියලා.
මම ගෙදර ගියාට පස්සේ අම්මා මට තවත් ළං වුණා. බෙහෙත් බිව්වද, බෙහෙත් ගත්තද, ක්ලිනික් ගියාද කියලා පවා අම්මා හොයලා බැලුවා. මට හැම තිස්සෙම දැනුණේ මට මගේ කියලා දරුවෙක් හදාගන්න බැහැනේ කියන දේ විතරයි. ඒ ඇරෙන්න කසාද බඳින්න හරි සෙක්ස් කරන්න හරි එහෙම දෙයක් ගැන මට වුවමනාවක් තිබුණේ නැහැ.
අන්තිමට කවුරුත් කියලා නෙවෙයි මමම තීරණය කරලා මම හිතුවා දරුවෙක් හදාගන්න ඕන කියලා. ඊට පස්සේ මම ගැහැනු දරුවක් හදාගන්න ගත්තා. දැන් එයාට වයස අවුරුදු 3ක් වෙනවා. නංගි තමයි දරුවා හදාගන්නේ.
මම ආයෙත් කොළඹට ඇවිත් නැවතිලා, වැඩකට යන්න පටන් ගත්තා. මම බෙහෙත් ගන්න පටන්ගත්තට පස්සේ ඩ්ධ්ඍ මට තියෙනවා කියලා හොයන්නවත් බැරි තරමට පෙනුමත් වෙනස් වුණා. මාව දැක්කට මට ඩ්ධ්ඍ කියලා කියන්න බැහැ. මම කරන්නෙත් බර වැඩ තමයි. ඒත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම උයාගෙන කන්නේ. එකක් එක්ක හරි මම හොඳට කනවා. හැබැයි මම මස් මාළු මොනවත් කන්නේ නැහැ. මොකද දුවට දෙන්නේ නැතිව මට කන්න හිතෙන්නේ නැහැ. අනිත් එක මගේ නංගිටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවොත් මගේ දරුවෝ වගේ. ඉතිං එයාලා එක්ක ගෙදර ගිය වෙලාවට මම කන බොන දේවල් එයාලටත් දෙනවා. එයාලට නොදී මම මොනවත් කන්නේ නැහැ. එහෙම කරන්න හිත දෙන්නේ නැහැ.
නංගිගේ වකුගඩු දෙකම නරක් වෙලා. තාත්තාට පිළිකාවක්. ඒ අය ගැන බලන්නෙත් මම තමයි. මට මම ගැන හිතලා පුදුම විදියට සතුටු වෙන්න පුළුවන් ඇත්තටම. මම දුක් වුණා තමයි. ඒත් මම කිසිම තැනක කඩාගෙන වැටුණේ නැහැනේ. මම වේලාවට බෙහෙත් ටික බොනවා. මට ඕන දරුවෝ තුන්දෙනා හරියට හදාගන්න විතරයි. එක්කෙනෙක් හරි හැදුනොත් එයා අනිත් අයව බලාගනීනේ.
මුල් දවස්වල බෙහෙත් ගනිද්දි පොඩි පොඩි අමාරුකම් ආවා. මට දවස් 4ක් විතර නැඟිට ගන්න බැරි වුණා. ඒ
තරමටම නිදිමතයි. අක්කා තමයි දිගටම බලාගත්තේ. දවස් 6,7කට පස්සේ ඒක සාමාන්‍ය වුණා. මට වෛද්‍යවරු කිව්වා ඩ්ධ්ඍ බෝ කරපු කෙනාව හොයන්න කියලා. මම වැල්ලවත්තට ගිහින් හෙව්වා. හෙව්වට හම්බවුණේ නැහැ. සමහරවිට මැරිලා වෙන්නත් ඇති.
කොහොමහරි දරුවා අරන් හදාගත්තට පස්සේ මගේ හිත හැදුණා. අම්මා ජීවත් වෙලා ඉන්නකල්ම මගේ දරුවා බලාගත්තා. දරුවා කෝල් කළාමත්, මගේ තාත්තා, අනේ මගේ තාත්තේ කියනවා. මට ඉතිං ඒ ටික ඇති. දැන් මට එහෙම ලෙඩක් තියෙනවා කියලවත් හිතෙන්නේ නැහැ.
මගේ ඇඟේ කටුවක්වත් ඇනුණොත් මමම ගන්නවා මිසක මම අනිත් කෙනකුටවත් ගන්න දෙන්නේ නැහැ. මම වළට වැටුණු එකට අනෙක් මිනිස්සු පළි නැහැනේ.