(Stretch Marks )සමෙහි ඇතිවන ඉරි තැලීම්

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    (Stretch Marks )සමෙහි ඇතිවන ඉරි තැලීම්

    bodybuilding-stretch-marks.jpg


    යම් යම් හේතු මත සම බොහෝ සෙයින් ඇදුනු විට එහි ඉරිතැලීම් හට ගන්නවා. මේ ඉරි තැලීම් හඳුන්වන්නේ Stretch Marks ලෙසින්. මේවා බහුලවම දකින්න ලැබෙන්නේ දරුවන් බිහි කළ කාන්තාවන්ගේ උදර ප්‍රදේශයෙනුයි.
    ඒ හැරුණු විට කාන්තාවන්ගේ මෙන්ම පිරිමින්ගේ කිහිලි ආශ්‍රිතව උරහිස් වල, අත්වල, තට්ටම්වල, කකුල්වල, කාන්තාවන්ගේ පියයුරුවල ආදී වශයෙන් එක් එක් අයගේ ශරීරවල විවිධ ස්ථානයන්හි මෙවැනි කැලලි දකින්නට ලැබෙනවා.
    ඇඳුමින් ශරීරයේ නිරාවරණය වන ස්ථානවල මෙම ඉරිතැලීම් කැලලි පැවැතීම බොහෝ දෙනෙක් ප්‍රිය නොකරන දෙයක්. සුලබව මේ කැලලි ඇති වන්නේ ගර්භණී මව්වරුන්ගේයි. කෙනකුගේ ශරීරයේ බර ඉතා ඉක්මනින් වැඩි වන්නේ නම් හෝ පාලනයකින් තොරව අඩු වැඩි වන්නේ නම් මේ විදිහේ ඉරි තැලීම් සමේ ඇති විය හැකියි.
    ඒ වගේම කාය වර්ධන ව්‍යායාම කරන අයගේත් වැඩි වියට පත්වන වයස්වල දැරියන්ගේත් කලාතුරකින් හෝමෝනවල වෙනස්කම් නිසාත්, දිගු කලක් තිස්සේ ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ගන්නා අයගේ සහ ස්ටීරොයිඩ් අඩංගු ආ‍ලේපන ගල්වන අයගේත් මේ ආකාරයේ සමේ ඉරිතැලීම් ඇති විය හැකියි.

    ඉරිතැලීම් ඇතිවන්නේ ඇයි?

    අපේ සම ස්ථර හෙවත් තුනකින්් යුතුයි. මෙයින් මැද ස්ථරය ඇදීම නිසා එහි බිඳීමක් ඇතිවෙනවා. මේ බිඳීම හේතුවෙන් ඊට යට ස්ථරයේ තිබෙන රුධිර වාහිනී සම මතුපිට ස්ථරය හරහා බාහිරට පෙනෙන්න පටන් ගන්නවා. මේ නිසා තමයි ඉරිතැලීම් ඇති වුණු මුල් අවධියේදී ඒවා රෝස පාටින් හෝ දම් පාටින් දිස්වන්නේ. කලක් යන විට මේ ඉරිතැලීම් ලා පාට කැලැල් බවට පත්වෙනවා. මේ කැලැල් ඇතිවන්නේ එකිනෙකට සමාන්තරවයි.
    සමේ මැද ස්ථරයේ තමයි කොලජන් නමැති ‍ප්‍රෝටීන වර්ගය බහුලව තැන්පත්වී පවතින්නේ. සමේ ඇදෙන සුළු ගතිය පවත්වාගෙන යන්නේ කොලජන් මගිනුයි. එනිසා සම සාමාන්‍යයෙන් ඇදෙන විට මේ ඉරිතැලීම් ඇතිවන්නේ නෑ. නමුත් කිසියම් හේතුවක් මත සමේ ඇදීම වේගවත් වුණොත් කොලජන්වලට තමන්ගේ කාර්යය එලෙසින් පවත්වාගෙන යාමට අපහසු වෙනවා. එවිට තමයි සම පුපුරා මේ තත්ත්වය, එනම් ඉබපඥබජඩ ර්චපඬඵ ඇති වන්නෙ. විශේෂයෙන් ගැබිනි සමයේදී මේ තත්ත්වය ඇතිවන්නේ කෙටි කාලයක් තුළදී ශීඝ්‍රයෙන් උදරය විශාල වීම නිසා සම ඇදීම තුළිනුයි.
    හෝමෝන තත්ත්වයක් හේතුවෙන් මෙසේ ඉරිතැලීම් ඇතිවෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි. මෙය හඳුනාගත හැකි ලක්ෂණ වන්නේ ඉහත සඳහන් කළ කිසිදු හේතුවක් නැතිවම ශරීරය අසාමාන්‍ය ලෙස ඉක්මනින්ම වර්ධනය වීමයි.

    සමේ ඉරි තැලීම්
    වළක්වා ගන්නේ කොහොමද?

    මෙය වළක්වා ගැනීමේ ක්‍රම බහුලයි. අපගේ ශරීරයේ බර පැවැතිය යුත්තේ පාලනයක් ඇතිවයි. එසේම ආහාරවල සෑම ‍පෝෂණ සංඝටකයක්ම අඩංගු විය යුතුයි. සමට ‍පෝෂණය ලැබෙන්නේ බහුලවම විටමින් සී.බි. කම්ප්ලෙක්ස් සහ විටමින් ඊවලින් මේවා අඩංගු ආහාර සහ ඛනිජ ලවණ සමේ ‍පෝෂණය සඳහා ලැබිම වැදගත්.
    ගර්භණී සමයේදී පවා බර වැඩි විය යුත්තේ පාලනයක් ඇතිවයි. එනම් එක් එක් මාස ගණනට වැඩි විය යුතු ප්‍රමාණය පමණක් වැඩි වීම වැදගත්. එසේම ගර්භණී සමයේදී මුල් කාලයේදී සිටම මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් උදරයට ගැල්වීමෙන් සම වියළි වීම වළක්වන්න පුළුවන්. මෙහිදී එහි අන්තර්ගත දේවල් ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. හේතුව සමෙන් උරා ගන්නා ද්‍රව්‍ය කුසේ සිටින දරුවාට බලපෑ හැකි නිසයි. එනිසා වෛද්‍ය උපදෙස් මත මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් ගෙන උදරයේ දිනපතා ආ‍ලේප කිරීම සුදුසුයි. එසේත් නැත්නම් ඔලිව් තෙල් භාවිතා කිරීමත් කළ හැකියි.

    ප්‍රතිකාර

    සමේ ඉරි තැලීම් වසා ගැනීම සඳහා කැමෆ්ලාජ් ක්‍රීම් වර්ගයක් භාවිතා කිරීම එක ක්‍රමයක්. මේවා වතුරට ඔරොත්තු දෙන ක්‍රීම් වර්ගයක් නිසා දින දෙක තුනක් වුවත් සම මත පවතිනවා. එසේත් නැත්නම් කැලැල් සඳහා ඇති ක්‍රීම් ලෝෂන් හෝ තෙල් වර්ගයක් භාවිතා කරන්නත් පුළුවන්.
    ‍ලේසර් ප්‍රතිකාර තවත් ක්‍රමයක්. මෙයින් ඉරි පැල්ලම් සමේ පැහැයටම හරවා ගත හැකියි. මෙවැනි ‍ලේසර් ප්‍රතිකාර රජයේ රෝහල්වලින් සිදුකර ගන්න බෑ. පෞද්ගලික රෝහලකින් තමයි ලබා ගන්න වෙන්නේ. අවසන් ක්‍රමය ශල්‍යකර්මයයි.
    උදරයේ ඉරි නැති කරගන්න බඩ අඩු කිරීම සඳහා කළ හැකි ඇබ්ඩොමිනෝ ප්ලාස්ටි සැත්කම මගින් හැකියාව ලැබෙනවා. මෙය සාර්ථක සැත්කමක්. අතේ නම් ආම්ලිෆ්ට් සැත්කමත්් පියයුරුවල නම් බ්‍රෙස්ට්ලිෆ්ට් සැත්කමත් කළ හැකියි. පියයුරු සඳහා කරන මෙම සැත්කම මගින් විශාල පියයුරු අවශ්‍ය පමණට කුඩා කිරීමටත් පියයුරුවල එල්ලා වැටෙන ස්වභාවය අඩු කිරීමටත් හැකියාව ලැබෙනවා.



    - උපදෙස් විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සතිශ් විජේමාන්න
     
    Last edited:
    • Like
    Reactions: anju.r and LalaJ