Studies වලට Australia යන්න ආසද​? එහෙනම් මේක කියවන්න​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    නිකම් ඉන්න එකේ ලිපියක් ලියන්න හිතුනා.

    ගෙදරින් හොඳට වියදම් කරන්න පුලුවම් කෙනෙක් නම් After O/L වගේ ගියාට කමක් නැහැ. ඒත් හොඳමදේ තමයි ලංකාවේ A/L කරලා ඊට පස්සේ යන එක.​

    ලංකාවා වගේ නෙවෙයිනේ.එහේ වියදම වැඩියි. මම මේ Thread එකෙන් කියන්න යන්නේ Australia වල ඉඳන් ඉගෙන ගන්න ගමන් සාර්ථක ජීවිතයක් ගත කරන හැටි. :yes: අවුරුදු 18ක් අම්මලගේ දුක් මහන්සියෙන් හදපු වඩපු ඔයාලගේ අත පය හොලවලා වියදම හොයාගෙන ජීවත් වෙන ගමන් ඉගෙන ගන්න පුලුවම්. පවුලේ අයට කරදර නොකර​.

    Australia වලදි සාමන්‍යයෙන් එක Semester එකකට​ ලක්‍ෂ 10 සිට 16 වගේ වෙනකම් යනවා. ඒ වගේම Sydney වල වගේ නවතින්න රූම් එකකට සතියට AUD 180 වගේ යනවා. ඉතින් ගෙදර සල්ලී වලින් කකා ඉන්නවට වඩා Part Time එකක් කරන එක තමයි සාර්ථක මනුස්සයෙක් විදියට වටින්නේ. කඩෙන්ම කන්න බලන්නේ නැතුව උයන්න පුරුදු වුනොත් කැම වියදම අඩුවෙයි.

    මෙන්න මේවා තමයි ගොඩක් අයට එන ප්‍රශ්න​.

    1) ජාත්‍යන්තර සිසුන් සඳහා ඕස්ට්‍රේලියාවේ Part Time Jobs තියනවාද​?
    2) මෙම Part Time Jobs යහපත් ජීවිතයක් ගත කිරීමට හා සියලු ජීවන වියදම් ආවරණය කිරීමට ඇතිද​?
    3) Part Time Jobs කරලා හොයන ගානෙන් Uni fee එක​ ගෙවීමට පුළුවන් වෙයිද?
    4) ඔයාලා ලංකාවේ කරපු රස්සාවකින් හෝ ඔයාලට පුලුවම් දෙයින් රස්සාවක් හොයාගන්න පුලුවම් වෙයිද​?
    5) Australia වල එගෙන ගන්න එකෙන් වාසි මොනවද​?

    මේ සේරම ගැන මම මෙතන දිගටම ලියන්නම්.


    1) ජාත්‍යන්තර සිසුන් සඳහා ඕස්ට්‍රේලියාවේ Part Time Jobs තියනවාද​?

    අපෝ ඔව් (හැඹැයි නීත්‍යානුකූලව ගියොත් :P) Sydney, Melbourne මේ වගේ cities වල ඕනි තරම් තියනවා පොඩි පොඩි ජොබ්ස්. පොඩි පොඩි නගර වලත් තියනවා. අහ්හ් හැබැයි ඔයාලට Student Visa එකෙන් වැඩ කරන්න ලැබෙන්නේ සතියටම පැය 20යි. ඒකෙන් ඔයලට 1000$ වගේ හොයගන්න පුලුවම් මාසෙකට​ ඔයාලගේ ජීවන වියදමට​. ඇති නේ? හැබැයි ඉතින් Uni fee එක ගෙවන්න නම් ඕක මදි. බය වෙන්න එපා ඉස්සරහට මම කියල දෙන්නම් ඒ සේරම කරගන්න හැටි. ජොබ්ස් හොයාගන්න ලේසි විදි එහෙම​.

    Super markets, Fast food chains, Gas stations මේවගේ තැන් වල තමයි වැඩ කරන්න ලැබෙන්නේ. ලංකාවෙදි නම් ඉතින් මේවල වැඩ කරන්න ලැජ්ජයි නේද​? ඒත් Australia වලදි ඒව එච්චර ගාණක් නැහැ.

    1. Coles
    2. Woolsworth
    3. KFC
    4. MacDonald
    5. Opporto
    6. Pizza Hut
    7. Domino's
    8. Nandos
    9. Hungry Jacks
    10. BP
    11. Shell
    12. Caltex
    13. Bunnings Ware House
    14. Harvey Norman
    15. Domain
    16. Bing Lee
    17. Myer
    18. David Jones
    19. JBHifi
    20. Greater Union
    21. FedEx Kinkos
    22. Bob Jayne T-Marts
    23. Borders Book stores
    24. Dymock Book stores
    25. Dick Smith Electronics Australia
    26. Boost Juice Bars
    27. Krispy Kreme | Coffee and Doughnuts
    28. Fitness First Australia
    29. Clive Peters
    30. Hoyts
    31. Aldi

    මෙන්න මේවගේ තැන් වල ගොඩක් Asian Countries වලින් යන අය වැඩ කරනවා :yes:

    කොයිම වෙලාවක වත් හොර වැඩ නම් කරන්න ලැස්ති වෙන්න එපා පුතේ

    පොඩි ජොබ්ස් වලට වුනත් Interview තියල තමයි ගන්නේ. ලංකාවේ වගේ බුලක් කෙල පෙරාගෙන ඉන්න එකත් එහේ වැඩ කරන්න බැහැ. වැදගත් කම වටිනවා. Interview එක හොඳට කරගන්න ඕනි. එයාලා Interview කරන විදි, ජොබ් එකක් තෝරගන්නකොට අපි Australia වල ඉන්න මුලු කාලෙටම වටින විදියට තෝරගන්නේ හොහොමද වගේ ඒවත් ඉස්සරහට කියන්නම්


    බලලා නිකම් යන්නෙ නැතුව අපිට සැලකුවෙ නැතත් වෙන කෙනෙක්ටත් බලන්න bump එකක් දාගෙන යන්න​.

    2) මෙම Part Time Jobs යහපත් ජීවිතයක් ගත කිරීමට හා සියලු ජීවන වියදම් ආවරණය කිරීමට ඇතිද​?

    ඔව් හොඳටම ඇති. ඉන්න තැනට ගාණ​, කන බොන වියදම්, බස් ගාස්තු මේ සේරම කරගෙන ගාණක් ඉතුරු කරගන්නත් සතියට පැය විස්ස ගානේ වැඩ කරලා හොයාගන්න පුලුවම්.


    3) Part Time Jobs කරලා හොයන ගානෙන් Uni fee එක​ ගෙවීමට පුළුවන් වෙයිද?

    හිතන්න වත් බැහැ, කලින් කිව්වා වගේ Australia වලදි සාමන්‍යයෙන් එක semester එකකට ලක්‍ෂ 10 සිට 16 වගේ වෙනකම් යනවා.

    ලංකාවේ වගේම තමයි. එහෙදිත් අවුරුද්දට semester 2ක් තියනවා. ඉතින් මේ semseters 2 අතර vacation එකක් හම්බ වෙනවා. අන්න ඒ කාලෙට ඔයාලට Full Time work කරන්න ලැබෙනවා. මම කලින් කිව්වනේ අපි Australia වල ඉන්න මුලු කාලෙටම වටින විදියට ඔයා වැඩ කරන තැන හොයගන්න කියලා? ඒ ඇයි? මොකද සමහර තැන් වල අපිට කාලෙකට full time, කාලෙකට part time වැඩ කරන්න බැහැ. ඒහෙම වුනොත් vacation එකේදිත් ඔයාලට part time තමයි වැඩ කරන්න වෙන්නේ. අපරාදේ කාලය​.

    ඉතින් මෙහෙම මහන්සි වෙලා වැඩ කලොත් ඔයාලට එහෙදි හොයන ගානෙන්ම ඔයගේ Uni fee එකත් හොයාගන්න පුලුවම්.




    ඉතුරු ඒවා දාන්නේත් මේ Thread එකේම තමයි. ඒ නිසා කැමති අය නිතරම බලන්න :)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එල මචන් දිගටම දාහන්කො, Pr අරන් ගියොත් කොහොමද බන් ලේසි ද ?
    +6
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙහෙමය් මචන්

    අනිවා මුල් කාලේ තියෙන්නන ඕන ෆය්නන්ෂල් සපෝට් එක ගෙදරින් නැත්තන් ඉතින් අනාතය් පුතේ..

    මොකද එහෙම ඇවිත් වන කරගත්තු කොල්ලෝ අපි එක්කම ඉන්න නිසා

    මෙහෙමය්..
    මෙහෙ මචන් උබලට එන්න ඕන මොන කොස් එකටද කියපල්ලකෝ..

    එතොට කියන්නම් මම මොකද්ද එන්න ඕන කියල..අඩුම ගාන වියදම් කරලා හොදම කොලිෆිකේෂන් ජොබ් එකකට යන විදිය..

    අනික මෙහෙ දැන් අක්ව්න්ටන්ට්ස් ලා ගන්නේ නැහැ මෙල්බන් වලට..ජොබ් නැහැ..
    රිගනල් යන්න වෙනවා..


    අනිත් එක මෙහෙ මචන් ඕන තරම් ජොබ් හෑව් ඇතේ පයේ ජොබ්ස් වලට ඒ කිවේ..
    ට්‍රේඩ් සය්ඩ් එක..

    මිකනික්..වෙල්ඩර්..කුක්..බාස්..මක බාස්.. lol
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    machn මට australian visa ගැන මට පොඩි විස්තර ටිකක් දැන ගන්න පුලුවන්ද මචං උබට කරදරයක් නැත්තම් :D
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    its not easy to find a job in your list buddy... not easy but possible...10 out of 100
     

    kwsupun

    Junior member
  • Jun 26, 2013
    23
    29
    13
    මුලින්ම ලංකාවෙන් යන්න කීයක් විතර ඕනෙ වෙයිද?