sudu wemuda (fashion tips )

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සුදු වෙන්නෙ කොහොමද?

    poster3.jpg


    මං මේ ලියන සමහර දේවල් කොල්ලන්ට නෙමේ කෙල්ලන්ටත් වටීවි. ඔන්න කියන්න යන්නේ සුදු වෙන හැටි. මුලින්ම කියන්න ඕනි සුදු වෙනව කියන්නෙ ලස්සන වෙනවා කියන එකම නෙමේ. තලෙලු ඒත් ලස්සන අය ඉන්නව ඕනි තරං. තමංගෙ හම පැහැපත් නං (ලප කැලැල් අවමයි නම්) අන්න ඒකයි ලස්සනයි කියන්නෙ.

    සුදු වෙන හැටි...
    පළවෙනි ‍දේ.. ඉර එළියෙන් හැකිතරම් ඉවත්ව සිටින්න. අධික හිරු එළිය නිසා ඔබේ සමේ පැහැය අවපැහැගැන්වෙනවා. එළියට යනවා නම් සන් ‍බ්ලොක් (Sunblock) එකක් පාවිචිචි කරන්න. සන්බ්ලොක් වර්ග ඕනි තරං තියනව වෙළඳපලේ ගන්න. සමහර සන්බ්ලොක් වර්ග මුහුණට වෙනම සහ අත් සහ පාද වලට වෙනම තියනව.


    catalogimageservlet.jpg


    සන්බ්ලොක් එකක් ගන්නකොට බලන්න ඕනි ඒවයෙ මුද්‍රණය කරල තියන SPF (Sun protection factor) අගය. අගය වැඩි වෙන තරමටම හිරු එළියෙන් සම ආරක්ෂා වීමත් වැඩියි. සාමාන්‍යයන් SPF අගය 30ක් පමණ වෙන සන්බ්ලොක් එකක් ලංකාවෙ ඉන්න අපට වඩාත් හොඳයි.

    ඕක තමා සුදු වෙන්න පුළුවං ලේසිම ක්‍රමේ. ඊට අමතරව ගෙදර ඉඳන් කරන්න පුළුවං ගොඩ වෙදකම් ටිකකුත් කියන්නං. හැබැයි මේ දේවල් කරනවනම්, හිරු එලියට නිරාවරනය වෙනව නම් අනිවාර්යෙන් සන්බ්ලොක් එකක් පාවිච්චි කරන්න. ‍ ගෙදර ඉන්නවනම් අඩුම ගානෙ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. මොකද දැං කියන්න යන දේවල් වලදි සමේ උඩින් තියන මැරුනු සම අයින් වෙලා යට තියන අළුත් සම නිරාවරණය වෙනවා. මොයිස්චරයිසර් එකක් පාවිච්චි කලේ නැත්තං හම රැලි ‍වැටෙන්නත්, සන්බ්ලොක් එකක් පාවිච්චි කලේ නැත්තං තිබ්බටත් වඩා අවපැහැගැන්වෙන්නත් ඉඩ තියනව.

    ගෙදර සිට සත්කාර..
    ලෙමන් හෝ දෙහි බෑයක් මූනේ අතුල්ලන්න. විනාඩි 15-20ක් තියල හෝදල දාන්න. දෙහි වල තියන ආම්ලක තාවය නිසා මුහුනේ තියන පැල්ලම් අඩු වේවි. කැමති නම් ලෙමන් සමඟ මී පැණි පාවිච්චි කරන්නත් පුළුවන්.

    අල ගෙඩියක් බ්ලෙන්ඩරේ දාල චප්ප කරල ඒකෙ යුෂ අරං මූනේ ගාන්න. විනාඩි 15-20ක් තියල හෝදල දාන්න. තක්කාලි, ඉදුනු කෙසෙල්, තක්කාලි, ග්‍රීන් ටී උනත් මේ විදියට පාවිච්චි කරන්න පුළුවන්.

    තවත් සමහරු මී කිරි හෝ යෝගට් පාවිච්චි කරනව. මේකත් හොඳ ක්‍රමයක් සුදු වෙන්න. මීට අමතරව සතියකට විතර වතාවක් ස්ක්‍රබ් එකක් කරන්න පුළුවං නං සමේ උඩින් තියන මැරුනු සම අයින් වෙලා යට තියන අළුත් සම නිරාවරණය කරගන්න පුළුවන් .. එත් මතක ඇතුව මොයිස්චරයිසර් හෝ සන්බ්ලොක් එකක් පාවිච්චි කරන්න.

    අවසාන වශයෙන්, සුදු වෙනඑක එක දවසින් වෙන්නෙ නෑ. ඒකට මාස කීපයක් යනව. :) තවත් පෝස්ට් එකකින් හමුවෙමු.



    Casual ware http://www.elakiri.com/forum/showthread.php?t=1733371

    ඇඳුම් සඳහා වර්ණ ගැලපීම http://www.elakiri.com/forum/showthr...1#post19907961
    ජෙල් වැක්ස්
    http://www.elakiri.com/forum/editpos...ost&p=19907797
    කොන්ඩෙ කපමු http://www.elakiri.com/forum/showthr...9#post19903219

    රැවුල නිවැරදි කපමු http://www.elakiri.com/forum/showthr...3#post19901463

    Watch එකක් ගමු http://www.elakiri.com/forum/showthr...4#post19899474

    සපත්තු ගද http://www.elakiri.com/forum/showthr...1#post19898593

    බෙල්ට් ගැන
    http://www.elakiri.com/forum/showthread.php?t=1732830
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Sudu Kollonta Kello asa naha bung.sudu kollonta asa KOLLO.so useless post.anyway Thanks

    ඔය කතාව හීන මානය තියන කලු කොල්ලෝ හදාගත්ත එකක් බන්... මමත් කලුයි ඒත් ඇත්ත දන්නවා..
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචන්ලා මට පෑපොල හෑදිලා දෑන් මුනේ පෑල්ලම් ටිකක් ඉතුරු වෙලා තියනවා...මෙකට ගන්න cream එකක් තියනවද?