සියදිවි නසාගැනීම මේක නීතියෙන් තහනම් මොකද අපේ ජීවිතේ නැතිකරන්න අපිට අයිතියක් නැති නිසා.ගොඩක් දෙනෙක්ට මෙහෙම සිතුවිලි එන්නෙ ආවේගෙට නමුත් ඒව ක්රියාවට නගන්නෙ බොහොම සුළු පිරිසක්.සියදිවි නසාගන්න ට්ර යි කරපු ගොඩ දෙනෙක් කාන්තාවන් ලංකාවේ නම්.නමුත් මැරිල තියෙන්නෙ පිරිමි මොකද පිරිමි පාවිච්චි කරන ක්රම සීරියස් ඒව වෙඩි තියාගන්නව වගේ.
සියදිවි නසාගන්න අයට විවිධ හේතු තියෙනවා මේ ගොඩක් දෙනෙක්ට
විශාදය කියන ලෙඩෙත් තියෙනවා අපේ අය දන්නෙ ඩිප්ප්රෙශන් කියල ඕක තමයි.ඩිප්ප්රෙශන් වල රෝග ලක්ෂණයක් තමයි සියදිවි නසාගැනීමේ සිතුවිලි කියන්නෙ.සමහරු මම මැරෙනව කිය කිය අඬබෙර ගහනව ඒ අනිත් අය බය කරල අවදානය ,ආදරය ලබාගන්න මෙහෙම අය ගොඩක් වෙලාවට සියදිවි නසාගන්නෙ නෑ පොඩි ෂෝ ඕෆ් එකක් දානව.නමුත් සමහරු රහසින්ම වැඩේ ප්ලෑන් කරනව ,වැඩේ වරදින්න නැති වෙන්න හැම ගේමක්ම ගහනව හරියට බෙල්ලෙ වැල දාගන්න කලින් වහ බොනව වගේ,මම දන්න ලෙඩෙක් තමන්ව ඇඳට තියල දංවැලකින් බැදල ලොක් කරල යතුර හංගල තමයි වහ බීලා තිබුණෙ .මේ වගේ අයගෙ අදහස කාවවත් බය කරන්න නෙවෙයි මැරෙන්න.
කොහොම උනත් ප්රශ්න වලට විසදුම මැරෙන එක නෙවෙයි මෙහෙම අදහස් තියෙන අය මානසික රෝගවෛද්යවරයෙක් හරි මනෝචිකිත්සක වරයෙක් හරි මුණ ගැහෙන එක තමයි වඩාත් සුදුසු .එහෙම බැරිනම් තමංගෙ යාලුවෙක් ට හරි මේ හැගීම් ගැන කියන්න.
තමා මැරුණ කියල ලෝකේ වෙනස් වෙන්නෙ නෑ ඒ නිසා ජීවත් වෙලා ඉඳං ඒක වෙනස් කරන්න බලන්න.