මැරෙන්න බයයි. ඒත් මැරෙන්න හිතුන අවස්ථා එමටයි. බෞද්ධ නොවුනානම් , අම්මා මල්ලි නොහිටියනම් මෙලහකට මොනා වෙලාද දන් නෑ. සමාජය තිත්තයි. මැරෙන්න හිතුන වෙලා වලට වැඩිය දූපතක තනි වෙලා ඉන්න. Nuclear bomb yk වැටිල මන් විතරක් ඉතුරු වෙලා ඉන්න. I am legend movie 1ke වගේ තනියම ඉන්න තිබුනනම් කියල හිතුන වාර අනන්තයි.
A/l subject 3නම fail වුන දවස
තාත්තා දාල ගිහින් අම්මා තනි වුනාම
රට ගිහින් කෙලවෙලා ආය එන්න වුනාම
කවුරුවත් මගෙ අදහස් තඹ සතේකට ගනන් නොගන්නකොට
ජීවිතේ මොකටද කියල හිතුනු වාර අනන්තයි.
(කාටත් උපදෙස් දෙන්න ලේසි ප්රශ්නෙ තමාගෙ වෙනකන් විතරයි. නිකන් දාන්න හිතුන නිසා දැම්මෙ. බර අඩු කරගන්නත් එක්ක. මට මං ගැන ආඩම්බරයි. හොද ත්රෙඩ් 1k .සම්බන්ධ වීමට ලැබීම ගැන බොහොම සතුටුයි. කියෙව්වට ස්තූතියි.)