මේකයි චිත්රපටිය බලන්නත් ඉස්සෙල්ල එකත් එක්ක තරහ වෙලා මෙලෝ රහක් නෑ කියල තීරණය කරපු කට්ටියට ඉතින් ඒකම හිතේ තියෙන හින්ද කොහොමත් හිනා යන්නේ නැතුව ඇති...මම නම් ඇත්තමයි කිව්වේ මට හොඳට හිනා ගියා....ඒ වගේම එතන ෆිල්ම් එක බලපු අනිත් මිනිස්සුත් හොඳට හිනා උනා.....සිකුරු හතේ,මචන් ගැන උඹ කියන්න ඕනි නෑ මම කොයි වෙලෙත් අගය කරන නිර්මාණ දෙකක් තමයි ඒ දෙක....මම ඔය කියල තියෙන හැම චිත්රපටියක්ම බලල තියෙනවා....හරි උඹ ඔච්චර චිත්රපටි බලල තියෙනවනම් කියමු බලන්න මේ වගේ තාක්ෂණයක්,සටන් ජවනිකා,ගීත අනුව ලංකාවේ හැදිච්ච ෆිල්ම් එකක් මීට කලින්....
උඹ මේකේ කියල තියෙනවා "කතාව,තාක්ෂණික පැත්ත,රගපෑම,සටන්
ජවනිකා,ආලෝකකරණය,සංස්කරණය කියන හැමදේම අවුල්"කියල.... කතාව අවුල් බව මම පිලි අරන් තියෙන්නේ.....ඒ වගේම මලීකා වගේ අලුත් නිළියන්ගේ රඟපෑමත් ටිකක් අවුල් කතාව ඇත්ත....හැබැයි අනික් දේවල් අවුල් කියල කියනවනම් ඒක උඹේ තියෙන කුහක කමක්....
උඹ මහා ලොකු ප්රවීනයෙක් වෙන්න ඇති හැබැයි උඹල වගේ එවුන් අපේ සිනමාව මෙහෙම පස්සට අදින නිසා තමයි අපි හැමදාමත් එකම තැනක ඉන්නේ.....ඔය සම්බාව්ය කියල ලේබල් ගහල මිනිස්සු කොයිල් කරවන ෆිල්ම් වලම ඉන්නේ නැතුව අලුත් දෙයක් කරන්න උත්සාහ කරන සරල ෆිල්ම් එහෙමත් බලපල්ලා....අනිත් එක තමයි මම විචාර ලියන්නේ මට ඕනි විදියට ...මොකද විචාරයක් කියන්නේ ෆිල්ම් එක තමන්ට දැනිච්ච විදිය ගැන කියන එකක්.....ඉතින් අපේ විචාර බාල වැඩියි නම් උඹල මහා ලොකු ප්රවීණයෝ විදියට නිකන් ඉන්නේ නැතුව විචාර ලියල පෙන්නපල්ලා....එතකොට අපිටත් බලාගන්න පුළුවන් ඔය කියන ප්රවීණයෝ ලියන විචාර මොන වගේද කියල...
මචන්.උබත් එක්ක කතා කරලා වැඩක් නෑ.උබ ලණු ගිලල ඉවරයි.







චිත්රපටයකට යොදාගන්න තාක්ෂණයෙන් ප්රේක්ෂකයෙකුට ඇති වැඩක් නෑ, ප්රේක්ෂකයන්ට තියෙන්න ඕන හොඳ රසවින්දනයක් ලබන්න පුළුවන් හොඳ කතාවක්. කතාව තුල කතාවේ ප්රභලත්වය වැඩි කරන්න තාක්ෂණය උපරිම ලෙස යොදාගන්නවානම් අන්න ඒක සාර්ථකයි. ලංකාවෙ වෙන්නෙ නැත්තෙ ඕකයි. ලංකාවෙ චිත්රපටි මාකට් කරන්නෙ තාක්ෂණය ගැන කියල මිසක් කතාව ගැන කියල නෙමෙයි. හොඳම උදාහරණයක් Avatar ෆිල්ම් එක. ඒක බලල ඉවර උනාට පස්සෙත් අපිට තාක්ෂණයට වඩා පුදුම ලස්සන කතාවක් ඉතුරු කරල තියෙනව.



එහෙනම් ඒක අපේ සිංහල ෆිල්ම් එකක් වගේ වෙන්න ඇති නේද...?