Surge Protectors

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    පට්ට වෙලාවක් අරන් නියම විදියට Explain කරලා තියෙනවා. Thanks. මං දැක්කා මේ Thread එකේම එක්කෙනෙක් Reply එකක් දාලා තිබ්බා ස්ර්ජ් ඇර්ස්ටර් එක පාවිචි උනාම replace කරනකම් ගෙදරට Current එක අවුලක් නැතුවඑනව කියලා. එහෙම වෙනවද?
    ඔව් එනවා. මේක දාන්නෙ මේන් ස්විච් එකටයි ට්‍රිප් එකටයි පැරලල් නෙ. මේක පාවිච්චි උනා කියන්න තියෙන එකම clue එක අර කොල කොටුව රතු වීම විතරයි. සමහරක් හොඳ ඒවල ටර්මිනල් බ්ලොක් එකක් එනවා ඉන්ඩිකේටර් ලයිට් දාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Lionzzz and NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,741
    10,246
    113
    ඔව් එනවා. මේක දාන්නෙ මේන් ස්විච් එකටයි ට්‍රිප් එකටයි පැරලල් නෙ. මේක පාවිච්චි උනා කියන්න තියෙන එකම clue එක අර කොල කොටුව රතු වීම විතරයි. සමහරක් හොඳ ඒවල ටර්මිනල් බ්ලොක් එකක් එනවා ඉන්ඩිකේටර් ලයිට් දාගන්න පුළුවන්.
    මචන් ලංකාවේ ගන්න තියෙන ගෙදරකට ගැලපෙන හොඳ Surge Protector එකක් ගන්න තැනත් එක්කම කියන්න පුළුවන් ද ? මොළ කොහොමද ඒවගේ ?
     
    • Like
    Reactions: TonyMontana83

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    Surge protectors පාවිච්චි කරන අය ඉන්නවද? මට තේරිච්ච විදියට අකුණු වලිනුත් ගෙදර තියෙන Electric Item ආරක්ෂා කරගන්න පුලුවන් නේද? ලංකාවෙ ගහන Cipe Surge එක ගැනත් විස්තර දන්න අය කියන්න
    Eww... Eke Mintpay nane
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    ට්‍රිප් එකෙන් වෙන්නෙ ෆේස් එකයි නියුට්‍රල් එකයි අතර ඇතිවෙන අන්බැලන්ස් වීමකදි සර්කිට් එකට ප්‍රොටෙක්ෂන් දෙන එක. ට්‍රිප් එකේ ගහල තියෙනව 30mA 100mA වගේ ගානක්. ෆේස් නියුට්‍රල් දෙකේ ගලන ධාරාවන් අතර අන්න ඒ ප්‍රමාණෙ වෙනසක් දැනුනොත් ඒක ඕෆ් වෙනව. ට්‍රිප් එක ගියා කියල අකුණකින් ආරක්ෂා වෙන්නෙ නෑ.

    waveform.jpg

    60Hz සයින් වේව් එකක එන සර්ජ් එකක් මෙන්න මේ වගේ. මේ එන වෝල්ටේජ් ස්පයික් එක උරාගන්න එකයි සර්ජ් ඇරෙස්ටර් එකකින් කරන්නෙ. එක පාරක් එහෙම සර්ජ් එකක් උරාගත්තම ඒ සර්ජ් ඇරෙස්ටර් එක අයින් කරන්න වෙනවා. ඕක ඇතුලෙ තියෙන්නෙ ලොකු කැපෑසිටර් එකක්/දෙකක් හෝ ස්පාක් ගැප් එකක්/2k. තව විවිධ ජාති තියෙනව ඔය දෙක තමා කොමන්.

    අකුණක් නිසා හෝ වෙන හේතුවක් නිසා මේන් ලයින් එකේ පවර් සර්ජ් එකක් ඇති උනොත් ඒක අපේ සර්කිට් එකට ආවොත්, ඒක ග්‍රවුන්ඩ් වෙන්නෙ අපේ විදුලි උපකරණ හරහා වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික බඩුවලට බරපතල හානි කරන්න පුළුවන්. ට්‍රිප් එක ඕෆ් උනත් ඒ ඕෆ් වෙන්නෙ සර්ජ් එක සර්කිට් එකට ඇතුල් උනාට පස්සෙ නම් වැඩක් නෑනේ. සාමාන්‍යයෙන් ගොඩක් විදුලි උපකරණ වල ලීකේජ් කරන්‍ට් නෑ. දෝෂයක් නැත්නම් එළියට කරන්ට් එක ලීක් කරන්නෙ නෑ. රයිස් කුකර් ෆ්‍රිජ් අවන් වගේ මෙටල් බොඩි තියෙන ඒවලවත් ලීකේජ් නෑ, අර්ත් තියෙන්නෙ ලීක් එකක් උනොත් ඒක අර්ත් කරන්න. SMPS තියෙන ලැප් චාජර්, pc, මොනිටර් වගේ ඒවල නැචුරල් ලීකේජ් තියෙන්න පුළුවන්. SMPS වල පවර් අවුට්පුට් එකේ - අග්‍රය සහ පවර් ඉන්පුට් එකේ අර්ත් එක කොමන් කරල තියෙනවා. ලීකේජ් ග්‍රවුන්ඩ් කරන්න වගේම - එක එකක absolute zero voltage ekaka තියාගන්නත් තමයි එහෙම කරල තියෙන්නේ. ඉතින් මම කියන්න ගියෙ අන්න එහෙම SMPS තියෙන උපකරණ ඇරුණම අනිත් කිසිම උපකරණෙක සප්ලයි එක සහ අර්ත් එක අතර (ප්‍රතිරෝධ සහිතව හෝ ) කෙලින් සම්බන්ධතාවයක් නෑ කියන එක.

    මං ඔය උඩ හෑල්ල ලිව්වෙ ලයිව් එකෙන් හෝ නියුට්‍රල් එකෙන් ඇතුල් වෙන කරන්ට් එකක් අර්ත් එකට යන්න පාර කොච්චර දුරද කියල කියන්න. විදුලිය හැමතිස්සෙම හොයන්නෙ කෙටිම පාර. ප්‍රතිරෝධය අඩුම පාර. මෙන්න මේ ගුණාංගයෙන් ප්‍රයෝජනයක් අරගෙන සර්ජ් එකක් ග්‍රවුන්ඩ් කරන්න තමයි සර්ජ් ප්‍රොටෙක්ටර්\ සර්ජ් ඇරෙස්ටර් දාන්නෙ.

    මේකෙ ඇතුලෙ තියෙන්නෙ කැප් එකක් හෝ ස්පාක් ගැප් එකක් කිව්වනෙ. ස්පාක් ගැප් එකක් කියන්නෙ වාහනේක ස්පාක් ප්ලග් එක වගේ කන්සෙප්ට් එකක්. හිතන්න බයික් එකේ ස්පාක් ප්ලග් එක ගලවල ඒකට වෝල්ට් 12ක් දුන්නට ඒකෙන් ස්පාක් එකක් එන්නෙ නෑ. 230ක් දුන්නත් ස්පාක් එකක් එන්නෙ නෑ. ස්පාක් එකක් එන්න වෝල්ට් 15,000ක් 20,000ක් ඕනේ. අන්න ඒ වගේම තමා සර්ජ් ඇරෙස්ටර් එකකුත්. වෝල්ට් 230 තිබ්බට ඒක හරහා පනින්නෙ නෑ. වාතයේ ප්‍රතිරෝධය බිඳගෙන දිගටම විදුලිය ගලන්න නම් ලොකු වෝල්ටීයතාවයක් ඕනෙ. පවර් සර්ජ් එකක් විදියට ඒ විදියෙ ලොකු වූල්ටීයතාවයක් ආවම, ඒක අපේ සර්කිට් එක ඇතුලට ගලන්න නොදී කලින්ම ග්‍රවුන්ඩ් කරන එකයි මේකෙන් කෙරෙන්නෙ. ස්පාක් ගැප් එකක් තිබ්බත් කැපෑසිටර් එකක් තිබ්බත් දෙකෙන්ම වෙන්නෙ ඒ එකම දේ.

    සර්ජ් ප්‍රොටෙක්ටර් එකක් දාන්නෙ කොහොමද. අපි ගෙදරට නම් ගන්නෙ ටූ පෝල් එකක්. ත්‍රී පේස් සප්ලයි එකක් තියෙන තැනක් නම් ෆෝ පෝල් එකක් ගන්න ඕනේ. මේක එන්නෙ ඩින් රේල් මවුන්ට් විදියට. බ්‍රේකරයක් ට්‍රිප් එකක් වගේ රේල් එකට හයි කරන්න තියෙන්නෙ. උඩ තියෙනවා ලයිව් සහ නියුට්‍රල් වයර් දෙක සම්බන්ධ කරන්න ඇණ දෙකක්. යට තියෙනවා අර්ත් කරන්න ඇණයක්. මේකට අප්ස්ට්‍රීම් බ්‍රේකරයක් අත්‍යාවශ්‍යයි. ගෙදරට නම් හයි කරන්නෙ, මේන් සිච් එක සහ ට්‍රිප් ස්විච් එක අතරට හයි කිරීම ප්‍රමාණවත්. මේන් ස්විච් එකෙන් ට්‍රිප් ස්විච් එකට යන වයර් දෙකෙන්ම මේකටත් එන්න ඕනෙ වයර් දෙකක් අවම වශයෙන් 6mm2 වත් වයර් මේ සඳහා යොදාගන්න ඕනේ. 10mm2 නම් ඉතාම හොඳයි.. මේක අර්ත් කල යුතු ක්‍රමය වෙනස්. ඔයාගෙ DB panel එකෙන් පොළොවට යන වයර් එක 10mm2 වගේ එකක් නම් කෙලින්ම DB එකේ අර්ත් බාර් එකට මේකෙ අර්ත් එක අමුණන්න පුළුවන්. 2.5mm2 වගේ පොඩි වයර් එකක්නම් තියෙන්නේ, මේ සර්ජ් ඇරෙස්ටර් එක වෙනම ග්‍රවුන්ඩ් කරන්න වෙනවා. අඩුම තරමෙ 6mm2 වයර් එකක්වත් දාලා සර්ජ් ඇරෙස්ටර් එක වෙනම අර්ත් රොඩ් එකක් ගහල ග්‍රවුන්ඩ් කරගන්න වෙනව මේකෙන් බලාපොරොත්තු වෙන ආරක්ෂාව ලබාගන්න නම්.

    උඩ කිව්වා වගේ සර්ජ් ප්‍රොටෙක්ටර් එකේ තියෙන බැරියර් එක බිඳගෙන ලොකු වෝල්ටීයතාවයකින් යුතු සර්ජ් එකක් එනවා. මේ සර්ජ් එකේ තියෙන අතිවිශාල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කෙලින්ම භූගත වෙන්න බලාපොරොත්තුවෙන් කෙලගෙන යනකොට එක පාරටම අහු වෙනවා හීනි වයර් එකක්. ඉතින් මේ සර්ජ් එක ආව වේගෙන්ම මේ ටිකට භූගත වෙන්න බැරිවුන නිසා (වයර් එක මදිවුන නිසා) යම්කිසි ප්‍රමාණයක් ආපස්සට ගිහින් අපේ සර්කිට් එකට ඇතුල් වෙලා උපකරණ වලට හානි කරන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි සප්ලයි එකේ ඉඳන් සර්ජ් ප්‍රොටෙක්ටරේට යන වයර් වලටත්, මේකෙ ඉඳන් පොළොවට යන වයර් එකටත් 10mm2 වගේ මහත වයර් එකක් දාන්නෙ, එන විදුලිය අවම බාධාවකින් යුතුව භූගත කිරීම සඳහා.

    සර්ජ් එකක් ඇවිල්ල මේ ඇරෙස්ටර් එක පාවිච්චි උනොත් මේක රිප්ලේස් කරන්න වෙනවා. මේකෙ මූණතේ තියෙන පොඩි කොටුවක් තියෙනවා සාමාන්‍යෙන් කොළපාටයි. සර්ජ් එකක් ඇවිත් ඒක හරහා භූගත උනොත් ඒ කොටුව රතු වෙනවා. එතකොට රිප්ලේස් කල යුතුයි. පහල ෆොටෝ එකේ බලාගන්න පුළුවන්. ගෙදර DB එකේ ඇතුලෙ නැතුව පහසුවෙන් බලන්න පුළුවන් පහත ඇස්මට්ටම් තැනක මේක හයි කරගන්න එක වටිනවා ඒ නිසා.

    ASISP320-2P-1.jpg
    100% true.
    mewa thama use karanna one. samahara aya (mekema tika dawasakata kalin kiwwa) akunu waladi trip eka panina eka hoda deyak kiyala. trip switch eka thiyenne wenama dekata, akunu gahaddi trip paninawanam wenama issue ekak thiyenna puluwan kiwwata samahara aya ahanne na bn.

    oyage post eka dakalawath e ayage adahasa wenas unoth hodai.
    cipe, bravo wage power socket walin gahana surge protector therumak na, ethanin allanakota too late. breaker box ekenma thama spd dala ground karanna one
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,542

    මචං ඔයාද මේ සේරම ටයිප් කෙරුවෙ
    සුපිරියි ඈ (y)
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    මචන් ලංකාවේ ගන්න තියෙන ගෙදරකට ගැලපෙන හොඳ Surge Protector එකක් ගන්න තැනත් එක්කම කියන්න පුළුවන් ද ? මොළ කොහොමද ඒවගේ ?
    ලංකාවෙ හොඳ කියල තියෙන්නෙ Schneider බ්‍රෑන්ඩ් එක තමා. ලොකු ඉලෙක්ට්‍රිකල් බඩු කඩවලින් ගන්න පුළුවන්.

    100% true.
    mewa thama use karanna one. samahara aya (mekema tika dawasakata kalin kiwwa) akunu waladi trip eka panina eka hoda deyak kiyala. trip switch eka thiyenne wenama dekata, akunu gahaddi trip paninawanam wenama issue ekak thiyenna puluwan kiwwata samahara aya ahanne na bn.

    oyage post eka dakalawath e ayage adahasa wenas unoth hodai.
    cipe, bravo wage power socket walin gahana surge protector therumak na, ethanin allanakota too late. breaker box ekenma thama spd dala ground karanna one
    අකුණු ගහද්දි ට්‍රිප් වෙන එකත් අවුලක් නෑ ඉතින්. හැබැයි හැම දේටම ට්‍රිප් එකෙන් ප්‍රොටෙක්ෂන් හම්බවෙනව කියල හිතන එක වැරදියි. අපේ සමාජෙ ඉතින් තියෙනතරමක් තියෙන්නෙ දුර්මත නේ.
    ------ Post added on Apr 29, 2023 at 9:31 PM

    මචං ඔයාද මේ සේරම ටයිප් කෙරුවෙ
    සුපිරියි ඈ (y)
    oh yeah :)
    ------ Post added on Apr 29, 2023 at 9:32 PM