SUZUKI SWIFT

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
අද උදේ ඉඳන් මේ ත්‍රෙඩ් එක දාන ඕනෙ කියලා හිතුවට මොකක් හරි වැඩ යෙදිලා ප්‍රමාද වුනා. මට හිතුනා අද කාලෙත් ජනප්‍රිය සහ හොඳ වාහනයක් වෙච්ච සුසුකි ස්විෆ්ට් එක ගැන කතාකරන්න. මම විශ්වාශ කරන විදියටනම් "සුසුකි" කියන නම ගොඩ ගත්ත වාහනයක් තමයි ස්විෆ්ට් කියන්නෙ. මේකෙ පලවෙනි පරම්පරාවනම් නම් ලංකාවෙ ඒතරම් ජනප්‍රිය වුනේ නෑ. දෙවැනි පරම්පරාවෙන් පස්සෙ තමයි මේ රටෙ මේක ජනප්‍රිය වෙන්න පටන් ගත්තෙ
ලංකාවෙ හැමොම දන්න ස්විෆ්ට් ජීප් මොඩල් එක තමයි දෙවැනි පරම්පරාව.HT51S කියල තමයිචැසි නොම්මරෙ තියෙනෙ.. මේක 2001 ඉඳන් 2006 විතර වෙනකල් හැදුවා. ඉග්නිස් කියන්නෙත් ඉතින් මේකම තමයි.

මමත් ස්විෆ්ට් කිහිපයක් පුද්ගලිකව පාවිච්චි කරලා තියෙනවා. ඇත්තටම හොඳ වාහනයක්.මම දන්න විදියට නම් ලංකාවට ගොඩාක් ආවෙ 1300 එන්ජිම තියෙන එක.(ස්පෝර්ට්ස් එකක් ආවා දොර 2ක. ඒක HT81S 1500ccකියලා ආවෙ.. ටිකක් අඩුයි ). ඇත්තටම හුරුබුහුටි හැඩයක් එක්ක ඇතුලත ඉතාම හොඳට ඉඩ තියෙන වාහනයක්. වාහනෙ ටිකක් උස නිසා ඕන තැනක යන්න පුලුවන්. යට වදින්න තියෙන හැකියාව ගොඩක් අඩුයි.ටයර් සයිස් එකත් 14 තියෙන්නෙ. සාමන්‍යයෙන් පෙට්‍රල් හොඳට කරන වාහනයක්. සමහරුනම් කියනවා මේක පෙට්‍රල් කරනව අඩුයි කියලා.ඒත් මගෙ අත්දැකීමෙ හැටියට සාමාන්‍යයෙන් 14ක් කරනවා. ට්‍රැෆික් එකේ 10-11ක්.. දුර යනකොට නම් 16ක් විතර කරනව ඔටෝ වාහනය.මැනුවල් එක ඊට කිලෝමීටරයක් විතර වැඩි වෙයි.
මේකෙ 2001 -2003 වෙනකල් ආවා සයිඩ් ඇන්ටෙන වාහනය. 2003න් පස්සෙ ආවෙ සෙන්ටර් ඇන්ටෙනා මොඩල් එක .ලංකාවෙනම් වැඩිය ඉල්ලුම තියෙන්නෙ මේ සෙන්ටර් ඇන්ටෙනා වාහනයට තමයි.
මේ 2 ම එන්ජිම නම් වෙනසක් නෑ.ගොඩක් බොඩි පාර්ට්ස් සමානයි.
බාහිර ලක්ෂනවලින් බැලුවොත් හෙඩ් ලයිට් පොඩ්ඩක් වෙනස්. සයිඩ් ඇන්ටෙනා එකෙ තැඹිලි පාට ලෙන්ස් එකක් ආව සිග්නල් ලයිට් වලට.ඒත් සෙන්ටර් ඇන්ටෙනා වල එකම පාට හෙඩ් ලයිට් ආවෙ.
https://scontent-b-sin.xx.fbcdn.net...=3d78541d0710afa6eefe9aa5bbd5e4c7&oe=5501D2B0

https://scontent-a-sin.xx.fbcdn.net...=7f213ca76f13353739e305efd97a52e6&oe=554007B2
HTML:
10534343_485318648272880_9103988290817114629_n.jpg

10850077_485318064939605_4246950422114252132_n.jpg

10341471_485318334939578_1733946717706490737_n.jpg

10850254_485318031606275_6742329966498022253_n.jpg

253218_485318401606238_279982653611432016_n.jpg

ආයෙ ඉස්සරහ ග්‍රිල් එකෙ වෙනස් කම් ආවා.
2002 වාහනෙ පිටිපස්සෙ වයිපර් එකෙ කවර් එකක් ආවෙ නෑ.
ඒ වගෙම ඇතුලෙත් පොඩි පොඩි වෙනස්කම් තියෙනව.සයිඩ් ඇන්ටෙනා එකෙ ආර්ම් රෙස්ට් එක දොරෙන් භාගයයි තියෙන්නෙ. ඒ වගෙම සෙන්ටර් ඇන්ටෙනා එකෙ ආර්ම් රෙස්ට් එක දොරේ දිගටම තියෙනවා
ඒ වගේම සමහර මොඩල් වල පවර් මිරර් ආවෙ නෑ.සමහර ඒවගෙ ඒ බී එස් ආවෙ නෑ.ඒ වගේම මුල් කාලේ මොඩල් වල පිටි පස්සෙ හෙඩ් රෙස්ට් ආවෙ නෑ.
පරිස්සම් වෙන්න ඕනම දේ තමයි ලංකාවට ආවා 4 වීල් එකක්.ගොඩක් අය 4 වීල් ගලවල පාවිච්චි කලේ. යටින් බැලුවොත් දන්න කෙනෙකුටනම් අදුන ගන්න පුලුවන්. තව පොතේ Hට්51S වලට අමතරව අකුරු 2ක් එනවා මතක හැටියට UA වගෙ.. (වැරදිනම් දන්න කෙනෙක් නිවැරදි කරන්න )මම ගාව තිබුනා 4 වීල් ගලවපු එකක්.පාවිච්චියට නම් ලොකු ප්‍රශ්නයක් වුනෙ නෑ.ඒත් දෙන්න ගියපුවාම පොඩ්ඩක් අමාරුයි.
තව වාහනේ අඩුපාඩු කියුවොත් හොඳ සැප පහසු වාහනයක් නම් නෙවෙයි.සාමාන්‍යයි. පැද්දුම පද්දතියෙ (සස්පෙන්ෂන්) පොඩි පොඩි ප්‍රශ්න එනවා.
ඇතුල එහෙම ටිකක් බාල ප්ලස්ටික් පෙනුමක්. තියෙන්නෙ.ඒ වගේම ඩෑෂ් බෝර්ඩ් දොර බෝර්ඩ් අස්සෙන් පොඩි පොඩි සද්ද බද්ද එන්න තියෙන හැකියාව පොඩ්ඩක් වැඩියි. තව මේක මටනම් එලවන්න එලවන්න ආස හිතෙන වාහනයක් නම් නෙවෙයි. ඉතාම සාමන්‍ය තෘප්තියක් තියෙන්නෙ
හැබැයි විකුනන්න ගියාපුවාමනම් කිසිම අමාරුවක් නෑ.ගානෙ හැටියට ඉතාම වටින වාහනයක්
ඒ වගේම චවර්ලට් කෘස් කියන්නෙත් මේකෙම සමාන්තර මොඩල් එකක් තමයි. ගොඩාක් දේවල් එකමමයි .
නඩත්තුව ගැන කියුවොත් අවම වියදමක් තමයි යන්නෙ. ඒ වගෙම අමතර කොටස් ගොඩක් තැනවල තියෙනව.

තව මට අමතක වුනු ඒවා තියෙනවනම් එකතු කරන්න. ස්විෆ්ට් බීට්ල් එක ගැනත් දාන්නම්
ඉක්මනටම
 

Attachments

  • 000172296_2.jpg
    000172296_2.jpg
    61.9 KB · Views: 99
Last edited:

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
පොටෝස් දාන්න ගිහින් පොඩ්ඩක් අප්සට් ගියා සොරි මචන්ලා
 
Last edited:

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රෙප් 16+

    තව තව වාහන ගැන ත්‍රෙඩ් දාපන්...

    ශිෆ්ට් එකේ සේරම හොදයි ගමනක් ගිහින් ආවහම බස් එකේ ගියා වගේ. ඒත් ඉතින් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් සහ සැපපහසුව දෙකම එකෙන් එකසේ බලාපොරොත්තු වෙන්න බෑනේ
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    chevrolet cruze eka machan same da Swift ekata ? Swift 2004 ekak dan market price eka kohomada? Leg space kohomada kiyala poddak kiyapanko
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    chevrolet cruze eka machan same da Swift ekata ? Swift 2004 ekak dan market price eka kohomada? Leg space kohomada kiyala poddak kiyapanko
    chevrolet cruze eke thiyenneth swift 2003-2004 engine ekamai. godak parts same. leg space kiyanna tharam waradak naha.. ida thiyenawa.

    man swift HT51S 1.3 eka ara dan awurudu 8k wenawa. niyama vehicle eka. ;)
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    chevrolet cruze eke thiyenneth swift 2003-2004 engine ekamai. godak parts same. leg space kiyanna tharam waradak naha.. ida thiyenawa.

    man swift HT51S 1.3 eka ara dan awurudu 8k wenawa. niyama vehicle eka. ;)

    Next year ganna inne wandiyak. Swift ekak or Mazda BJ5P thama denata thiyena choice
    Ube selection eka mokadda machan ?

    Auto ekak thamai ganna inne
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Mata nam me wage ekaka pare yanna tikak bayai wage ban. Mata salli thibuna nam mama laksha 8-9 gannawa Doctor Sunny ekak.