T10 ලීගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර&
T10 ලීගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි…නායකත්වය චන්දිමාල්ට
ක‍්‍රිකට් ක‍්‍රිඩාව නව මගකට යොමු කරමින් 2003 වර්ෂයේදී එංගලන්තයේ ඇරඹුණු විස්සයි විස්ස තරග රටාව යළි වෙනස් මගකට යොමු කරමින් ශ‍්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර, ඉන්දියාවේ විරේන්ද‍්‍ර ශේවාග්, පාකිස්ථානයේ සහීඩි අෆ්රිඩි හා එංගලන්තයේ ඔයින් මෝගන් යන ජාත්‍යන්තර ක‍්‍රිකට් තරු වල සභභාගීත්වයේ එළැඹෙන දෙසැම්බර් මාසයේ ‘T10’ league යන නමින් ක‍්‍රිකට් තරගාවලියක් හදුන්වා දීමට එක්සත් ආරබි එමීර් රාජ්‍ය මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.
මෙම තරගාවලියේදී එක් කණ්ඩායමක් පන්දුවාර 10කට සීමා වන අතර මිනිත්තු 90ක් එක් තරගයක් සදහා වෙන්කර ඇත. හිටපු පාකිස්තානු නායක මිස්බා උල් හක් ලෝක ශ්‍රේණිගත කිරීම්වල තුන්ඉරියව් ක‍්‍රිඩකයින් අතරින් ඉදියෙන්ම සිටින සකීබ් අල් හසන් වැනි ක‍්‍රීඩකයින් මේ සදහා සහභාගී විමට නියමිතව ඇත. මෙම තරගාවලිය සදහා කණ්ඩායම් 06ක් තරගවදින අතර ශ‍්‍රී ලංකාවේ Colombo Lions කණ්ඩායමත් බංගලාදේශයේ Bangla Tigers කන්ඩායමත් මෙම තරගාවලිය සදහා සුදුසුකම් ලබා ඇත.
තවද මෙම තරගාවලියේදී ශ‍්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර හිටපු ඉන්දීය ක‍්‍රිඩක විරේන්ද‍්‍ර ශේවාග් හා පාකිස්තානු කන්ඩායමේ ප‍්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ෆකර් සමාන් ‘Maratha Arabians’ යන කණ්ඩායමට ක‍්‍රීඩා කරනු ඇති බවට වාර්තා වෙයි. මෙම තරගාවලියේ සභාපති සල්මාන් ඉක්බාල් පවසන්නේ මෙය ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ඉදිරි පියවරක් වනු ඇති බවයි.තරඟාවලිය දෙසැම්බර් 14 සිට 17 දක්වා සාජා ක්‍රීඩාංගනයෙදී පැවැත්වීමට නියමිතය.
තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිවී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.
පිතිකරුවන්
ළහිරු තිරිමාන්න
ඩිල්ෂාන් මුනවීර
කිත්රුවන් විතානගේ
ඇන්ජලෝ ජයසිංහ
තුන්ඉරියව් ක‍්‍රිඩකයින්
තිසර පෙරේරා
නිපුන් කරුණානායක
ඇන්ජලෝ පෙරේරා
ශෙහාන් ජයසිංහ
අලංකාර අසංක
පන්දුයවන්නන්
වනිදු හසරංග
කසුන් මධුශංක
දුෂ්මන්ත චමීර
විශ්ව ප‍්‍රනාන්දු
සචිත‍්‍ර සේනානායක
ජෙෆ්රි වැන්ඩර්සේ
කඩුලු රකින්නා
දිනේෂ් චන්දිමාල් – නායක
source : vigasapuwath 24x7