ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පන්දුවාර 20-20 තරඟාවලියක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.


    එම තරඟය එළඹෙන මැයි මස 04 වන දින පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් කළමණාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා ඇත්තේ.

    96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් මෙයට සහභාගී කරවා ගැනීමට බලාපොරොත්තුවන බවත් අරවින් ද සිල්වා, සනත් ජයසූරිය ඇතුළු සියළු දෙනා මෙම තරඟයට සහභාගීවනු ඇති බවට බලාපොරොත්තුවන බවත් ඔහු වැඩි දුරටත් පවසනවා.

    gossiplanka.com
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පවු යකෝ අපේ ජාතික කන්ඩායම. ඕකුන්ව ඔහොම පජාත කරන්නෙපා. මුන් නාකි පප්පලගෙනුත් කන සීන් එකක් තියෙන්නෙ දැන්.
     
    • Like
    Reactions: Stimulus mind