99 world cup එක තියන දවස්වල අපේ ගෙදර තිබුනේ කූරු දෙකේ VHF ඇන්ටෙනා එකක්. ස්වර්ණවාහිණිය UHF හින්දා අපිට පෙනූනේ නෑ. ගමේ අනිත් ගොඩක් ගෙවල් වලටත් එහෙමයි. එහෙමයි කියල කවුරුවත් ඒ දවස්වල "ඕක ජාතික එක පෙන්නපියවු" කියල කෑගහපු බවක් මතක නෑ.
මොකද ගෙදර UHF ඇන්ටනාවක් තිබුනේ නැති එකට ආණ්ඩුව පලි නෑනේ.
දැනට උනත් මේක අදාල වෙනවා. TNL එක පේන්නේ නැත්තම් dialog tv, peo tv එකක් අරන් පාඩුවේ බලනවා මිස, තමන්ගේ දේශපාලනික මතවාද සාදාරනීකරණය කරන්න යොදාගන්න එක මෝඩ වැඩක්.
මට මෙතන අවුල් තැන් ගොඩක් තියන්වා:
1) TNL එකේ මැච් පෙන්නනවට විරුද්ධ ගොඩක් උන් ඇත්තටම TNL එකේ මැච් බලන උන්වත්, අඩුගානේ ආසාවටවත් මැච් එකක් බලන උන්වත් නෙමෙයි.
2) ලොකුම අමාරුව තියෙන්නේ TNL එක හොඳටම පේන පැතිවල මිනිස්සුන්ට මිසක ඕක පේන්නෙම නැති උතුරු නැගෙනහිර, අනුරාධපුර පොලොන්නරු පැත්තෙ අයට නොවෙන එක
3) ශාන් වික්රමසිංහට TNL එකෙන් හම්බක්රගෙන කන්න ඕන උනානම් මිනිහා ඕක කරන්නේ ගොඩාක් ඉස්සර ඉඳන්. 82 ඉඳන් 94 වෙනකම්ම තිබුනේ UNP ආණ්ඩුවක්. ජේ. ආර්. නෑයෝ. අයියා අගමැති වෙලත් හිටියා කාලයක්. ඒ කාලේ එක මැච් එකක් පෙන්නුවද?
2001-2004? නෑ.
එච්චර කාලයක් තිස්සේ ඕක දියුණු කරනවනම් ලංකාවේ හොඳම චැනල් එක කරන්න ඕන දැනුම, සල්ලි ඔක්කොම ශාන් ට තිබුනා.
දන්න තරමින් දැනටත් ශාන්ට එහෙම උවමනාවක් නෑ. නිකන් ආසාවට (මටත් චැනල් එකක් තියනවා කියන්න ) කරන් යන තත්වයක් තමයි මට හිතෙන්නේ.
4) මහිඳගේ කාලෙ CSN එකට බලෙන් rights අරන්, SLRC එකේ බඩු බලෙන් අරගෙන පෙන්නදී මීක් නැතුව හිටපු උන්ට දැන් තියන අමාරුව!!
මම දන්න තරමින් ඔතන උනේ මේකයි. asia cup එකට broadcast rights ගත්තේ dialog ලා. ඒත් dialogලගේ free to air transmission නැති නිසා, contracts අනුව උන්ට වෙන චැනල් එකක් එක්ක partnership එකක් දාගෙන මේක පෙන්නනවා. ගොඩක්විට TNL තොරගන්න ඇත්තෙ අඩු වියදම හින්දා වෙන්නැති. උන්ට dialog tv market කරන්න හොඳ චාන්ස් එකක් වෙයි මේක.
මුන් මේ නැති ප්රශ්නයක් වවාගෙන කනවා. මාත් unpකාරයෙක් නෙමෙයි. හැම මගුලම දේශපාලනීකරණය කරන්න යන්න එපා. තමන්ගේ මෝඩකම් ප්රදරශනය වෙනවා විතරයි.