මම IT වලට enter වෙන්න එපා කියලා කාටවත් කියල නෑ, කියන්නෙත් නෑ. මම කියන්නෙ වැඩිපුර IT වලට පලයල්ලා කියලා. විශේෂයෙන්ම ලංකාවෙ ඉන්නව නං. පරණ ත්‍රෙඩ් වල ගිහින් බලපන් පොඩ්ඩක් එහෙම නෙවෙයිද කියලා.
මම කිව්වෙ ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරන් ගොං පාට් නොදා ඉන්න කියලා. ඒ කිව්වෙ ලංකාවෙ IT කරන අයට සාපේක්ෂව හොඳ ආදායමක් ලැබෙන්නෙ ලංකාවෙ හොඳකමකට වත්, IT field එකේ ඉන්න අයගෙ සුපිරි හැකියාවක් නිසාවත් නෙවෙයි ඒගොල්ලො වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසාත්, ලංකාවෙ currency එකේ value එක ඒ රටවල් වලට වඩා අඩු නිසාත් කියන එක. (බලු නොවටින නිසා)
ලංකාවෙ ඉඳන් පිටරටවල් වලට වැඩ කරන ගමන් දියුණු වෙනව නං ලංකාව තමයි රට, අපේ සුපිරි හැකියාව නිසා අපි මෙච්චර හොයනව, අපිට ඩිග්‍රියක්වත් නෑ, උබල ඩිග්‍රි තියාගෙන ලංකාව හරියන්නෙ නෑ කියන්නෙ උබල ෆේල්, උබලගෙ ඩිග්‍රි වලින් වැඩක් තියේද, ස්කිල් තමා තියෙන්න ඕන, බ්ලා බ්ලා බ්ලා බලන්න එපැයි![]()
ඔය කතාව බාග ඇත්තක්
ඔව් ලංකාවේ IT උන්ට සාපේක්ෂ ලොකු පඩියක් ලැබෙන්න පිට රටට වැඩ කරන එක බලපාල තියනවා. නමුත් නිකන්ම නිකන් සෙට් එකක් පිටරට උන්ට වැඩ කරන නිසා ලොකු salary ලැබෙනවා කියන එක වැරදයි.
1) online වැඩ කරනවා කියන්නේ මුළු ලෝකෙත් එක්කම compete කරන්න වෙනවා. ලංකාවේ එවුන් අඩුම ගානට වැඩ කරන එවුන් නෙවෙයි. එහෙම ඕනේ නම් අල්ලපු රටේ ඉන්නවා දවසේ පඩියට වැඩත් කරලා පුපත් දෙන උන් තොග ගානට.
2) හරිහමන් company කැමති නෑ අඩු ගානට ගොබ්බයො අරන් උන්ගේ product එක හාගන්න. ඒ නිසා උන් බලාපොරොත්තු වෙන quality එක නැත්තම් උන් නිකන් වැඩ කරන්න එන්නම් කිව්වත් ගන්නේ නෑ.
3) ඔස්ට්‍රේලියාව ගැන නම් මම දන්නේ නෑ නමුත් අනික් දියුණු රටවල් වලත් IT උන්ගේ average salary වැඩි එක සාමාන්‍ය දෙයක්. අර දොස්තර උදාහරනෙත් එහෙමම තමයි. bay area එකේ IT බුවෙක් සාමාන්‍ය දොස්තර කෙනෙක්ට වඩා salary ගන්න එක අමුතු දෙයක් නෙවෙයි.
4) ලංකාවේ IT බුවාලා මේ රටවල් වලට ඇවිල්ලත් අනික් උන්ට වඩා ලොකු salary ගන්න එකත් මම ඕනේ තරම් දැකල තියනවා. @Mr.Thor වගේ එකෙක් ගත්තොත් ඌ ඇමරිකාවේ හැටියටත් ලොකු salary එකක් තියන බුවෙක්. දූපතේ ඉන්න අඩුවට වැඩ කරන එවුන් නිසා අපිව ගන්නවා නම් එහෙම වෙන්න බෑ නේද?
උබ ඕවට කලබල වෙන්න එපා. ඒ වගේම ඕවා ගැන වැඩිය හිතන්නත් එපා. කම්පැනි එකක මහා එකා උනත් ඌ මොන වැඩ කරුවෙක් උනත් ඔය හැම එකාටම වරදිනවා බන්. හොද වැඩ කරුවෝ කියන්නේ වැරදි ඉක්මනට දැකලා එක හදාගන්න සුපිරි හැකියාවක් තියන උන් පමණයි. ඔය කියවන උන් හුගක් දන්නේ නැ උන්ට වැරදුනා කියලවත්.
මේකෙන් මම කියන්නේ IT ඇතුළු ඕනෙම පැත්තක ඉන්නවා ඔය වගේ මිනිස්සු. අපි උන් පස්සේ එළවලා උන්ට ගහලා තේරුමක් නැ බන්. ඊට වඩා ගහනවා නම් ගහන්න ඕනේ සෙට් එකක් රටේ ඉන්නවා. මොනම පැත්තක උනත් ගොබ්බයෙක්ට රටක ජොබ් එකක් දෙන්න තරම් උන් මන්ද මානසිකයි කියලා මම නම් හිතන්නේ නැ . ඒ නිසා මොනම පැත්තක උනත් වෙන රටක වැඩ කරන එකෙක්ට යම් කිසි දක්ෂතාවයක් තියෙන්නම ඕනේ.
ලංකාවේ ඉදන් රටක වැඩ කරන එකෙකේ කෙලින්ම රටට දෙයක් අරන් එන උන්. එක නිසා ඒ යකා මොන විදිහේ පඬි ටෝක් දැම්මත් මම නම් මොකුත් කියන්න යන්නේ නැ . තමන් වපුරන දේ තමා බන් තමන් නෙලන්නේ. එක උට කවදා හරි බැක් ෆයර් වෙයි. එක කෘතිමව කරන්න යන එකෙන් කාලය නාස්ති වෙන එක විතරයි වෙන්නේ
මොකක්ද බං ඌ කියල තිබ්බේ?
------ Post added on Oct 13, 2022 at 1:32 PM

අනික ඉතින් මිනිහගේ පැත්තෙන් බැලුවම කොහොමත් ලංකාවේ උන් රට යන එක පාඩුයි. codegen එකේ වැඩ කරලා රුපියල් අරන් ඩොලර් ටික පොරට දෙන එක මිනිහට වාසිනේ