උබේ කතාව සහතික ඇත්ත මචන්. ගුරුවරුන්ට බනින්නේ එක්කෝ හරි හමන් ඉගැනීමක් නැති උන්. නැත්නම් උගේ පවුල් පසුබිම අන්තිමටම චාටර් වෙලා ජෝබක්වත් නැතුව ඉන්න අනාථයෝ.
උබ කිවුව වගේම අපෙත් හිටිය ගුරුසිංහ කියල සර් කෙනෙක්. එයත් ගණන් ඉගැන්නුවේ. උබ කියන විදිහම තමයි. ඇබ්සන් උනා කියල නෝ චාන්ස්. පන්තියට එනකොට එන්නේ තඩි උන පොල්ලක් අරන්. කොල්ලොන්ට දෙනවා පලු යන්න. අපරාදේ කියන්න බැහැ මචන් පන්තියේ එකෙක් ට S එකක් හම්බ උනේ නැහැ. හැම එකාම ඉහලින්ම පාස් උනා. අනෙක අපේ පන්තිබාර ගුරුතුමා විදිහට හිටියෙත් ගුරුසිංහ සර්. අදටත් සර් රෝහලකට ගියත් සර් ව හම්බ වෙන්න ගෝලයෝ එනවා. ඩොක්ටර්ස්ල.
ඒවගේම තමයි ප්රසන්න බද්ද්විතාන සර්. අපිට ගහල ඇති අළු යන්න. පන්තියේම නොන්ඩි කරලා ඇති. එක දවසක් මගේ කනට ගැහුවා නිදි කිර කිර ඉන්නකොට. බද්දෙ විතාන සර් දීපු මොකුත් ලියල නැතිව ඉන්නකොට. අන්තිමට ර්සල්ට්ස් අවම කෙමෙස්ට්රි වලට A එකක්.
ගුරුවරුන් යම් අවස්ථාවල වැරදි වෙන්න පුළුවන්. අපි ඒවා දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. සමාජ ගත උනාම පොලිසියෙන් ගහන්නේ ඔහොම නොවෙයි. මැරෙන්නම ගහන්නේ.








එකට එක කතා කිරීම. අවවාදයක් කල විට ගුරුවරයාට බැන වැදීම.
