Tesla සමාගමේ අලුත්ම Tesla X රථය 2015 දී වෙළඳපලට
Tesla කියන්නේ විදුලියෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගමක්. Tesla සමාගමේ Tesla S මෝටර් රථය අති විශාල ජනප්රියත්වයක් හිමිකරගත් මෝටර් රථයක් බවට පත් වුනා. ඉතින් මේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය වන Tesla X මෝටර් රථය 2015 වසරේ මැද භාගයේදී නිකුත් කිරීමට නියමිතයි.
සුපිරි SUV රථයක් වන Tesla X මෝටර් රථයත් සම්පූර්ණයෙන්ම ධාවනය වන්නේ විදුලි බලයෙන්. ලිතියම් අයන් බැටරි රාශියක් යොදාගනිමින් බල ගැන්වෙන මේ මෝටර් රථයට තත්පර 5ක් ඇතුලත පැයට සැතපුම් 60ක් දක්වා වේගයක් ලබාගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම 60 kWh හා 85kWh ලෙස බැටරි ආකාර 2කින් නිකුත් කිරීමට නියමිත Tesla X මෝටර් රථය එක් වරක් බැටරි ආරෝපණයෙන් කිලෝමීටර් 230ත් 300ත් අතර ප්රමාණයක් ධාවනය කිරීමේ හැකියාව තිබෙනවා.
Tesla X මෝටර් රථයේ තවත් ඡායාරූප පෙළක්.
ගෙඩි පිටින් ඉස්සුවේ මෙතනින්

PHP:
http://techguru.lk/2014/11/06/tesla-x-releasing-in-2015/
Last edited: